IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වඩිගමංගාවටත් ඇප

ව‍යඹ පළාත් සභා මන්ත්‍රී අ‍ශෝක වඩිගමංගාව මහතා රුපියල් ලක්ෂ 05 බැගින් වන පුද්ගල ඇප දෙකක් මත මුදා හරින ලෙස පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා 09 දා සවස නියෝග කළේය.

මෝසමක් මගින් අශෝක වඩිගමංගාව මහතා අධිකරණය වෙත ඉදිරිපත්වී සිටියේය.

වයඹ පළාත් සභා මැතිවරණයෙන් පසුව සලකුණු කරණ ලද ඡන්ද පත්‍රිකා තොගයක් හමුවු අවස්ථාවේදී පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයේදී පළාත් සභා මන්ත්‍රී අශෝක වඩිගමංගාව මහතා සහ හිටපු පළාත් සභා මන්ත්‍රී ඒ.එම්.කමර්දීන් යන මහත්වරුන් තමන්ට බැන වැදී අපහාස කරණ ලදැයි පුත්තලම දිසා ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතා විසින් පුත්තලම පොලීසිය වෙත පැමිණිල්ලක් කර තිබුණි.පසුගිය මස 24 වැනිදා මෙම සිද්ධිය සිදුවී තිබුණි.

ඒ අනුව පසුගිය 30 වැනි දින අධිකරණය වෙත කරුණු වාර්තා කළ පුත්තලම පොලීසිය ඔවුනට නොතීසි නිකුත් කරණ ලෙස ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ දිසා විනිසුරු රංග දිසානායක මහතා නම් කරන සැකකරුවන් යම් වරදක් කර ඇත්නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස පුත්තලම පොලීසියට නියෝග කළේය.

හිටපු පළාත් සභා මන්ත්‍රී ඒ.එම්.කමර්න් මහතා මීට පෙර අධිකරණය වෙත ඉදිරිපත් වු අතර එම අවස්ථාවේදී ඔහු ද ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් නියෝග කළේය.



අදහස් (0)

වඩිගමංගාවටත් ඇප

ලක්ෂාන් Wednesday, 09 October 2013 08:34 PM

ඔහු හොද දේශපාලකයෙක්

:       0       0

රස් Thursday, 10 October 2013 01:01 PM

රාජ්‍ය නිළධාරියෙකුට ඒ ආකාරයට කතා කිරීම කනගාටුදායකයි(දිල්)

:       0       0

ගාමිණී - සිරි Wednesday, 09 October 2013 09:39 PM

අශෝක වදිගමන්ගාව කියන්නේ සුවි ශේෂ පුද්ගලයෙක් . ලංකාවේ පා ගමන් පිළිබඳව නිර්මාතෘ පුද්ගලයා එතුමා යයි කීවොත් නිවැරදියි.කතරගම සිට ආනමඩුව දක්වා පා ගමනින් කොළොඹ කොටුව හරහා ගමන් කරද්දී ජනාධිපති මන්ධිරය අභියසදී ජනාධිපති තුමා ඉදිරියේ පිළිගත්තේ මම ඇතුළු මගේ සාමාජික පිරිසයි.නායකත්වයේ වරදින් පක්ෂය මාරු කරන්න එතුමාට සිද්ධ උනත්, ඉතාමත් අවංක , නිර්දෝෂී,දේශ පාලකයෙක්. සිදුවූ අකරතැබ්බයට මගේ මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර .වගකිවයුතු නිලධාරීන්ගේ නොසලකිල්ලද මෙහිලා , මෙනෙහි කරමි. (දී)

:       0       0

මන්සිල් නෙදර්ලන්තය Wednesday, 09 October 2013 11:09 PM

1977ට පෙර දේශපාලකයන් රිමාන්ඩ්ගත වුයේ මහජන අයිතිවාසිකම් වෙනුවෙනි. දැන් දේශපාලකයන් රිමාන්ඩ් වන්නේ ඔවුන්ගේ පුද්ගලික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමෙනි. වෙනස එපමණය (නි)

:       0       0

සිසිර Wednesday, 09 October 2013 11:36 PM

මොනවා වුණත් කළ වරදට සමව ප්‍රසිද්ධියේ ඉල්ලුවට පස්සේ සමාව දුන්නා නම් තමයි අපි සතුටු. (නි)

:       0       0

උපුල් Thursday, 10 October 2013 10:50 AM

එතුමා නොමග ගියේ අසත්පුරුෂ සේවනය නිසා. කලින් හොඳට හිටපු කෙනෙක්. (දී)

:       0       0

උපාලි Thursday, 10 October 2013 02:12 AM

අපේ මිනිස්සු දේශපාලනයේදී ඉහළට යන්න යන්න, අනුන්ට බැණ වැදීම තමන්ගේ නම්බුව ඉහළ යාමට හේතුවක් කියලා හිතනවා.විශේෂයෙන් ඡන්දදායකයෝ ඉදිරිපිටදී. (නි)

:       0       0

ගාමිණි Wednesday, 09 October 2013 06:00 PM

එයාට මම නම් කියන්නේ කොහොමහරි පෙර සිටි තත්ත්වයටම ආවා නම් හොඳයි කියලා (නි)

:       0       0

පාල Thursday, 10 October 2013 03:24 PM

මෙයාට කියන්න ඕනි වලිග මන්ගාව කියල. (දිල්)

:       0       0

පෙත්තා Thursday, 10 October 2013 05:31 AM

ඇප ලැබුනා නේ? ඉහිරුණු කිරකට මොකටද අඬන්නේ...? (නි)

:       0       0

පෙරේරා Thursday, 10 October 2013 05:34 AM

දත් 32 ට මැදිවී තොල් දෙක අතරින් බේරෙන ඇට නොමැති දිව හරවන වචනය පාලනය කළ යන්ත්‍රයේ දෝෂයකින් ඇතිවූ පමාවකි. සමාවෙන්න. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 09 October 2013 06:36 PM

ඇයි මේ? (නි)

:       0       0

යසින්තා Wednesday, 09 October 2013 06:47 PM

දැන් ඔබතුමාට කරන්න තිබෙන්නේ එක දෙයයි (නි)

:       0       0

සදුනි Wednesday, 09 October 2013 06:51 PM

එදා මෙයා කතා කරපු භාෂාවේ හැටියට කෙරුවාව හිතාගන්න පුළුවන්.පස්සේ මී පැටියෙක් වගේ ඇකිලුනු හැටිත් දැක්කා (දිල්)

:       0       0

සරත් අතාවුද Thursday, 10 October 2013 11:55 AM

අප දුන්නේ මොකටද දින 14 කට රිමාන්ඩ් කරන්න තිබුණේ(දිල්)

:       0       0

ගජමෑන් Wednesday, 09 October 2013 07:09 PM

පළාත් සභා වලට පත් උනාම මිනිස්සුන්ගේ මනස විතෘති වෙනවාද? නැත්නම් මේ හොඳට හිටපු මිනිස්සු ඕකට ගියාම වෙනස් වෙන විදිහ හිතා ගන්නත් බැහැනේ. (දිල්)

:       0       0

ශ්‍රී Wednesday, 09 October 2013 07:24 PM

මේක දේශපාලන සිදුවීමක් පමණයි. එතුමා දේශපාලනයෙන් මුදල් ඉපැයූ දේශපාලකයෙක් නොවේ. ඒ නිසා යම්කිසි අසාධාරණයක් වූ විට වේදනාවෙන් කෑ ගැසීම අරුමයක් නොවේ. මෙතන සම්පූර්ණයෙන්ම තිබෙන්නේ දේශපාලන බෙලි කැපිල්ලක්.(දිල්)

:       0       0

රුවන් ඉන්දික Wednesday, 09 October 2013 07:44 PM

මේ මහින්ද චින්තනයද?(දිල්)

:       0       0

ශාක්‍ය ජයවර්දන Thursday, 10 October 2013 12:20 PM

අනේ මන්දා ,මට තේරෙන්නේ නැහැ.ඕනෑම හොරෙකුට ආවඩන්නට ඔවුන්ගේ ගුණ වනන්නට කොටසක් තවම ලංකාවේ ඉන්නවා.සමාවන්න මම මෙහෙම ලිව්වාට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site