නවගමුවේ හා තලංගම ප්‍රදේශයේ මිනීමැරුම් හා කොල්ලකෑම් නඩුවක් සම්බන්ධයෙන් බටේපොල අරුණ උදයන්ත නොහොත් සමයන්ට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ දෙවැනි මහලේ පියගැටපෙළ අසලදී අද (23) උදේ මිලි මීටර් 9 පිස්තෝලයකින් වෙඩි දෙකක් තබා ඇතැයිද වෙඩි තැබූ බව කියන පුද්ගලයා පියගැටපෙළින් වැටී යළි නැගිට දිවූ බවද කියති.
ඔහු අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අරඹා ඇත. එම පුද්ගලයා කල්තියාම අධිකරණ ගොඩනැගිල්ලේ දෙවැනි මහළට පැමිණ පිස්තෝලය අතේ බැන්ඩේජ් පටියකින් ඔතාගෙන රැගෙනවිත් ඇති බවත් පිස්තෝල කවරය හා ස්ප්‍රිං පටියක් එතැන වැටී ඇතැයි පොලිසිය පවසයි.
සමයන්ගේ බෙල්ලට හා අතට වෙඩි වැදී ඇති බවත් ඔහු දැනට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් කියති.
අධිකරණයේ පොලිස් ආරක්ෂාව තර කර ඇති අතර සුපුරුදු පරිදි නඩු කටයුතු සිදුවෙයි.
උසාවියේ සී.සී.ටී.වී කැමරාවලද මෙම වෙඩි තැබීම සටහන් වී තිබිණි.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ඡායාරූප - බුද්ධික කුමාරසිරි
ජායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ









![image-60c5c765d4fd13c6d84f044a9c40f301f025d2c77d96b8030152b62189428559-V[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/image-60c5c765d4fd13c6d84f044a9c40f301f025d2c77d96b8030152b62189428559-V11.jpg)
![image-d16e7e6d110fda556198f591d5dfc1ea8c5b8471e6b1b65fefe7ee510a655e31-V[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/image-d16e7e6d110fda556198f591d5dfc1ea8c5b8471e6b1b65fefe7ee510a655e31-V11.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවි, බන්දනාගාර, පොලිසි වලටත් සීසීටීවී කැමරා සවි කිරීමට කාලය හොදයි වගේ. (බ)
තල වපුරුවාම තල අස්වැන්නක් තමයි ලැබෙන්නේ...! නමුත් අධිකරණ භූමියේ සීසීටිීවී..? පොලිසිය...? බන්ධනාගාර ආරක්ෂාව..? (බ)