(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය ආයතන භාරයේ පවතින ඌන උපයෝජිත ඉඩම් - දේපොළ ප්‍රශස්ත උපයෝජනය සඳහා සුදුසු ආයෝජකයන් වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ප්‍රාදේශීය වැවිලි සමාගම්, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය යන ආයතන භාරයේ පවතින ඌන උපයෝජිත ඉඩම් හඳුනාගෙන එම ඉඩම් ආර්ථිකමය වශයෙන් ඵලදායි ව්‍යාපෘති සඳහා යොදා ගත හැකි වන පරිදි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුළු පුද්ගලික ආයෝජන සඳහා ලබා දීමට 2025 අයවැය මඟින් යෝජනා කරනු ලැබ ඇත.
ඒ යටතේ වැවිලි/ කෘෂි කාර්මික කටයුතු, වැවිලි ආශ්‍රිත සංචාරක ප්‍රවර්ධන කටයුතු, පශු සම්පත් සංවර්ධනය, ජල විදුලි බල උත්පාදනය, සූර්ය බල ශක්ති උත්පාදනය, කර්මාන්ත ශාලා ආශ්‍රිත නිෂ්පාදන කටයුතු, මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සහ වෙනත් වැවිලි ආශ්‍රිත ආර්ථික නවෝත්පාදන කටයුතු වෙනුවෙන් ආයෝජන අවස්ථා ලබා දීමට අපේක්ෂා කෙරේ.
ඒ අනුව, හඳුනාගනු ලැබ ඇති ඉඩම් සඳහා සුදුසු ආයෝජකයන් තෝරා ගැනීම පිණිස අභිලාෂ කැඳවීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
වැඩක් නොගන්නා රජයේ ඉඩම් ආයෝජකයන්ට