(සුජිත් හේවාජුලිගේ )
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වන දරුවන්ගේ ශිෂ්‍යාධාර පිරිනමන සිසුන් ප්‍රමාණය දෙගුණයකින් වැඩි කිරීමට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර ඇත.
අධ්‍යාපන ඇමැතිවරයා මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් දැනටමත් ඉදිරිපත් කර ඇතැයි අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
පහ ශිෂ්‍යත්ව සමත්වන දරුවන්ගෙන් මේ වන විට ශිෂ්‍යාධාර ලබන්නේ සිසුන් 15,000 ක පමණ සංඛ්‍යාවකි. අධ්‍යාපන ඇමැතිවරයාගේ නව තීරණ අනුව ඒ සංඛ්‍යාව 30,000 දක්වා වැඩි කෙරෙනු ඇත. දරුවන්ගේ ඉදිරි අධ්‍යාපනයේදී මතුවන ආර්ථක දුෂ්කරතා මගහැරවීම මෙහි අරමුණයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ එළඹෙන බොහොමයක් ගැටලුවලට පිළියම තමයි උගතුන් වැඩියෙන් බිහිකිරීම, දේශපාලකයන් විසින් උගතුන් කප්පාදු කරන අවධියක මෙතුමාගේ උත්සාහයට අපගේ ප්‍රණාමය . ඊටත් වඩා අගය කලයුත්තේ මෙම ප්‍රතිලාභය ලබනුයේ බහුතරය සාමාන්‍ය සහ දුප්පත් ජනතාව වීමයි .
අහිංසක පොඩි ළමයින්ගේ ළමා කාලය නැති කර අම්මලාගේ තණ්හාව වැඩි කලාට ස්තුතියි .උදේ 5 ඉදන් රෑ 10-11 මටත් ඔය වදේම දුන්න කාලයක් තිබ්බා තණ්හාව නිසා.