සෞදි අරාබියේ නැගෙනහිර කලාප තානාපති ජංගම සේවාවෙන් නොවැම්බර් 7 දින විවිධ කටයුතු ඉටු කරගැනීමට ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් පැමිණ සිටියහ.
උදැසන 7 සිට රියාද් තානාපති කාර්යාලය අමාත්‍ය සිරිපාල ගම්මන්පිල මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් ඔවුන්ගේ ගැටලු විසඳ ගැනීමට උදව් කළහ.
හිංසන සහ දුෂ්කරතා මධ්‍යයේ තානාපති රැකවරණ පතා සෞදි නිවෙස් වලින් පලා ආ කාන්තාවෝ කිහිපදෙනෙක්ම සහන සොයා ආහ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උසස් නිලධාරියෙකු පැවසුවේ මෙම කාන්තාවන් දෙදෙනා කිසියම් හෝ ස්ථානයක සිට තවත් කාන්තාවක් සමග මෙම ස්ථානයට හිස් අතින් පැමිණියද නොබෝ වෙලාවකින් කල්වේලා ඇතුව සකස් කරගන්න ලද විශාල ගමන් මලු 2 ක් සමග ඉන්දියා ජාතිකයෙකු සහ ශ්‍රී ලාංකිකයකු පැමිණ ගමන් මලු ඔවුන්හට බාරදී පලා යන්නට තැත්කළ බවයි ප්‍රශ්න කිරීමේදී මෙම පුරුෂයන් හා කාන්තාවන් අතර පැහැදිලි සම්බන්දයක් නොතිබූ බැවින් ඔවුහු සෞදි ආරක්ෂක අංශ වෙත බාර දෙනු ලැබූහ.
සෞදි අරාබියේ විවිධ ප්‍රදේශ වල විසිරී සිටින ශ්‍රී ලාංකික කතුන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් මෙරටට පැමිණ ඉතා සුළු කාලයකදී පැමිණි නිවෙස් වලින් පලාගොස් විවිධ සම්බන්දතා ඔස්සේ වැඩි වැටුපකට වෙනත් නිවෙස් වල නීති විරෝධී ලෙස රැකියා කරමින් විෂමාචාර ක්‍රියා වලට හවුල් වී විදේශිකයින්ඇතුළු අනෙකුත් පුත්ගලයින්ගේ ගොදුරු බවට පත්වී කිසිවෙකුගේ පිළිසරණක් නොලද විට තානාපති රැකවරණ පතා පැමිණීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇතැයි නිලධරයෙක් කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෆ්රින් මහත්මයාගේ අදහසට මමත් එකඟයි. අපි මේ රටවලට දකින අහන දේවලින් හිතෙනවා ලංකාවෙන් කාන්තාවන් එන්නෙ ගෘහ සේවයට නැත්නම් වෙන දේකටද කියලත්. මෙහෙ ගෘහ සේවයට කියල ගෙන්නාගෙන කරන්නේ වෙන දෙයක්. සියයට 90 ක් එහෙමයි. කොන්දක් තියෙන පිරිමින්ට මම කියන්නේ කවමදාකවත් කාන්තාවන් ගෘහ සේවයට පිටරට යවන්න එපා. අනිත් දේ තමයි විදේශ රැකියාවලට එන සියලුම කාන්තා පාර්ශවයන්ගෙන් ඉල්ලන්නේ. පුලුවන්නම් ලංකාවේ ඉඳන් ගාර්මන්ට් එකකට ගිහින් හරි ස්වයං රැකියාවක් කරලා හෝ මුදලක් උපයගන්න උත්සහවන්ත වෙන්න කියලයි. (නදී)
මමත් හිතන්නේ ගැහැණියෙක් රට යැවීම පිරිමි කමට මදිකමක්. මේ තීරයේම මම කියවෙව්වා "කව්රු හරි උගත් කාන්තාවක් කියලා තිබුනා පිරිමි කෙනා හොදින් සලකනවා නම් බොහෝ කාන්තාවන් රස්සාවක් කරන්න කැමති නැහැ කියලා. (නදී)
වැඩ වැරදුණාම එන්නේ නැතුව ඔතනට වෙන මොකට යන්නද? (නි)
තානාපති කාර්යාලය හරියට තමන්ගේ රාජකාරිය කරනවා නම් ජනතාව දුක් විදින්නේ නැහැ. ගොඩ දෙනෙක් මෙහෙ එන්නේ සැප ගන්න මුදල් උපයන්න. වෙන කරන දෙයක් නැහැ මගේ පුතාගේ උප්පැන්නේ වරදක් හදන්න මුදල් බැඳලා ලියකියවිලි බාරදීල දැන් අවුරුදු 8 වෙනවා කිසිම තොරතුරක් නැහැ. පුරවැසි සහතිකේ හදන්න දීල අවුරුදු 5 කට පස්සේ මම ලංකාවට ගිහින් කියලා හදා ගත්තේ. ඔය කාර්යාල වල ඉන්න අය තමයි. ඔතනට එන ගෘහ සේවිකාවන්ට වැඩ වරද්දනේ (නදී)
ශ්රී ලාංකීය ගැහැණියට ඒ තත්ත්වය ඇතිකර දී ඇත්තේ කවුරුන් විසින්ද? (නි)
වැඩි හරියක්ම අපේ ගෑනු හරි මොඩයි. ගිය සැරේ නිවාඩු යනකොට මට හරිම ලැජ්ජාවක් ඇති වුණා. මගේ සීට් එකට එහා පැත්තේ හිටපු ගෑනු මනුස්සය ඊට එහා හිටපු ගෑනු මනුස්සයාට හයියෙන්ම කියනවා ඒ මනුස්සයා යන්නේ ඒ මනුස්සයාගේ බඩේ ඉන්න ගෙදර හාම්පුතාගේ දරුවා ගබ්සා කරන්න කියලා. කතාවේ හිරිකිතම හරිය කියන්නේ ඒ මනුස්සයාට ඒ වැඩේට රියාල් 2000 (රුපියල් 68000 ක් විතර) ඒ මිනිහා දීල තියෙනවා. එ්කෙන් රුපියල් 15000 ක් විතරයිලු ගබ්සාවට යන්නේ ඉතින් ඒ ගෑනිට සල්ලි ඉතුරුවෙන එක ගැන හරි සතුටුයි. (නදී)
වරද කාගේද සිතන්න.(හේ)
දුක කියන්නේ නැත්තම් කාටද?(හේ)
අනිත් එක ගෙදර අම්ම රට යන එක නම් මං විරුද්දයි. මොකද ළමා අපචාර සම්බන්ධ වැඩි හරියක් සිද්ධි වලදි ඒ දරුවන්ගේ අම්මල රට. මේවා දකින එහෙම අම්මල ඉන්නව නම් කියන්න තියෙන්නේ කරුණාකරලා නැවත ගෙදර යන්න කියලා. ජීවත් වෙන්න සල්ලි හොයන්න තමයි මේ මරු කතරට එන්නේ කියලා අපි දන්නවා. ඒ වුනාට තමන්ගේ දරුවන් වටිනවා ඇති කියල මම හිතනවා තමන් මැරිලා ගියත් (බ)
මගේ පෞද්ගලික අත්දැකීමේ හැටියට එම්බසි එකට එන වැඩිහරියක් දෙනා මෙවැනි කාන්තාවෝ, ඔය අතරේ ඇත්තටම කරදරයට පත්වෙලා ඉන්න කාන්තාවන්ට එම්බසි එකෙන් සලකන්නේ වැරදි විදිහට. හැම එකටම මුල අපේ රටේ පිරිමිවන අපේ ලජ්ජා නැති කම. තමන්ගේ ගෑනි පිටරට්ටුන්ට දීලා හම්බකරගන්න හිතන එක.(හේ)
තනි අතින් අප්පුඩි ගහන්නත් බැහැ. පහුගිය දවස්වල සිදුවෙච්ච සිදුවීම් දිහා බැලුවම මෙවැනි අකටයුතු බහුලව සිදුවෙනවා මෙවැනි රටවල. ඔයින් මෙයින් සාදාරනව ජිවත් වෙන කෙනාටත් කනේ පහර තමයි වදින්නේ පොදුවේ. (නදී)
වැරදුනාම නැතිව උපන් දින පාර්ටියට එන්න කියන්න තානාපති කාර්යාලයට යන්නය? අනෙක මේ අය විදේශ සේවා කාර්යාලයෙන් අපෙන් හඳුනා දස දහස් ගණන් මුදල් වලට මේ අය මොනවද කරන්නේ? (හේ)
තමාගේ බිරිඳව මේ වගේ රටවල් වල වහල් කමට එවන කොන්ද පන නැති පිරිමි ලංකාවේ ඉන්නේ. ඒ ගැහැනු බහුතරය මෙහෙ ඇවිල්ලා කරන ඒවා දැක්කම අපිටත් ලැජ්ජයි. (හේ)
වැඩ වැරැදුණාම එන්නේ තානාපති කාර්යාලයටයි. මේක අරිම මෝඩ කතාවක්නේ කරදරයක් වුනාම එතනට යන්නේ නැතිව වෙන කොයට යන්නද? (හේ)
ඕව තියෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට, හරියට ගිය ගමන් වැඩේ කරලා දෙනවා වගේ කතා කරන්නේ, ඒ තැන වලත් රස්තියාදු වෙන්නේ ඕනේ.(හේ)
නැත්නම් යන්න කියන්නේ ඇමරිකන් තානාපති කාර්යාලයටද?(හේ)
හපොයි සෞදි එම්බසිය ලංකාවේ පොලිසිය වගේ.(හේ)
මේකට මාත් ගියා.. මේක තිබුනේ සෞදි අරාබියේ කොබාර් වල මේ සිද්දිය අපිත් බලාගෙන හිටියේ.. එතනට අාවා ලංකාවේ ගැහැණු කට්ටිය 3 දෙනෙක් සෞදි ඇවිල්ලා අසරණ වෙලා එන්නේ කියලා කිව්වේ. නමුත් ටික වෙලාවක් යනකොට එතැනට අාවා ඉන්දියන් කොල්ලෝ 2ක් ඇවිල්ල එතන හිටපු ලංකාවේ ගැණු කට්ටියට බැග් වගයක් දුන්න එතකොට උන් දෙන්නව අල්ල ගත්ත උන් දෙන්නගෙන් ප්‍රශ්න කරනකොට තමා එලි වුනේ ලංකාවේ ගැණු කට්ටිය මෙහේ ගෙවල් වලින් පැනලා අර ඉන්දියන් කාරයෝ එක්ක ගිහිල්ලා වැඩි පුර සල්ලි හොයන්න. මේ ගැණු කට්ටියට ඉන්දියන් කාරයෝ ගෙවලා තියනවා සෞදි රියල් 1500 මේ ගැණු කට්ටියගෙන් ප්‍රශ්න කරනකොට බොරු කිව්වා ඉන්දියන් කාරයෝ දෙන්න ඇත්ත කිව්වම ඔක්කොම එලි වුනා. අන්තිමට පොලිසියට කොල් කරලා ඉන්දියන් දෙන්න අරන් ගියා. මන් සිද්ධිය ඇස් දෙකින්ම දැක්ක. (හේ)
නැත්තම් වෙන කොහේ කියලා යන්නද?(හේ)
වැරදුනාම ඔතෙන්ට එන්නේ නැතුව වෙන ඉතින් කිරි අම්මලාගේ ගෙදර යන්නද ? (නදී)
එකටනේ ඕවා තියෙන්නේ.(හේ)
ලෝකේ හැම රටකම තානාපති කාර්යාල තියෙන්නේ මිනිසුන්ගේ ප්‍රශ්න විසදන්න මිස එයාලට සැප ගන්න නෙමේ (බ)
මම ඉන්නෙත් සෞදි තමා . මෙහේ ඉන්නා එම්බසියේ අයගෙන් වැඩක් කර ගානවා කියන්නේ කඩෙන් ණයට බඩු ගනවට වඩා අමාරු .හැමෝටම සල කන්නේ සත්තු වගේ . හැම කාන්තාවක්ම ඔය වගේ වැඩ කරන්නේ නැහැ. ඒ වුනත් හැමෝටම සලකන්නේ සතුන්ට වගේ තමා.(හේ)
නැත්තම් අපේ කට්ටියට යන්න තැනක් තියෙනවාද?තියෙනවා නම් කියන්න.(හේ)
මැදපෙරදිග බොහෝ එම්බසි වල කනගාටු තත්ත්වය මේවගේ තමා, නමුත් බහරේන් වල එම්බසිය නම් තාම යන අයට මනුස්සයෝන්න්ට වගේ සලකනවා. මා හිතේ අලුත් හින්දා වෙන්නැති. පහු වෙනකොට කොහු වුනේ නැතොත් හොඳා.(හේ)
මමත් සෞදි දම්මාම් වල ඉන්නේ .මගේ පෞද්ගලික අත්දැකීමේ හැටියට මම නම් කියන්නේ ඔය කාටවත් වැරදි කියලා වැඩක් නැහැ කෙරෙන්න ඕන 1 ම වැඩේ ලංකාවෙන් ගෘහ සේවයට කට්ටිය යවන 1 නවත්තන්න ඕන.එහෙම අනිවාර්යෙන් එන්න ඕන කට්ටියට නර්සින් වගේ ජොබ් වලට යවන්න ඕන.මෙහෙ අපේ ගෑනු ඇවිල්ලා විදින දහදුකටයි, සමහර ගෑනුන්ගේ ආරංචි වන එක එක කතා අහන දකින කොට හිතෙනවා ඇත්තටම ලංකාවේ ඉන්නේ පිරිමිද කියලා හිතෙනවා . සමහර ගෑනු සල්ලි හොයන්න කරන පහත් වැඩ දැක්කම අපි ලංකාවේ කියන්නත් ලජ්ජා හිතෙනවා.(හේ)
එම්බසියක් තිබ්බට වැඩක් නෑ.(හේ)
මේ ප්‍රශ්නය කොනක් විතරක් අල්ලාගෙන සමහර ය අපේ ගැහැණු දිහා වපර ඇහින් බලනවා .මේ කිසිම ගැහැනියක් ලංකාවේ කාල බීල ඉන්න පුළුවන් නම් මේ අපායට එන්නේ නැහැ .අනිත් එක තමයි .කිසිම පිරිමියෙක් මම හිතන්නේ නැහැ වෙන්කරන්න මොනම දෙයක් වත් තියනවා නම් තමන්ගේ ගෑනි රට යවන්නේ නැහැ .මේ හැම දෙකටම මුල අපේ රටේ තියන සමාජ ප්‍රශ්නය .ගම වල ගැහැණු ළමයි ගාමෙන්ට් වල වැඩට එන එක මේ ප්‍රශ්නෙම තවත් පැතිකඩක් .මෙහාට අවාම ඔවුන් අසරණයි .ලිංගිකව මානසිකව ඔය හැම විදියකටම අඩන්තේට්ටම් කරනවා .ඒවායින් ගැලවෙන්න ඉතාමත්ම අමාරුයි .අතලොස්සක් දෙනා වැරදි පාරේ යනවා නමුත් ඔවුන් ඒ තැනට පෙළඹුවේ මේ ක්‍රමය එහෙම එකේ මේ අපේ රටේ අන්ත අසරණ මිනිස්සු කොටසකට චෝදනා කරන එක හරි මදි මෙහෙ ඉන්න කවුරුත් මොනවා කරත් "හීනෙන් මගේ රටේ නිදියන හැම රෑම "(හේ)