නළුවකුට කලාතුරකින් පමණක් ලැබෙන දුර්ලභ අවස්ථාවක් ඔහු ලබා සිටී. එයනම් විකාශය වන ටෙලි නාට්‍ය හතක චරිත නිරූපනය කිරීමය. සිටුමැදුර (දේවින්ද), සංසාර සක්මන (මේනක), ආදරය අහස තරම් (සරෝජ්), සිහින පියාපත් (පූර්ණ), උපුලි (රන්දීව්), තරුපිරි අහසක්, භාර්්‍යාවෝ (කසුන්) යන චරිත සමග අපේ ආලින්දයට එන ඔහු මේනක රාජපක්ෂයි.
ඒ චරිත සහ සැබෑ ජීවිතයේ ඔහුට සමගාමී වූ කතා බහකට එක්කර ගැනීමට මෙය මොහොතක් කර ගනිමු.
මේනක ලංකාවේ ටෙලි නාට්‍ය නළුවකු එකම අවස්ථාවේ චරිත 7 ක් රඟපාන පළමු අවස්ථාව මෙයද?
හරියටම කියන්න දන්නෙ නැහැ. නමුත් මේ අවස්ථාව ලැබීම ඇත්තටම මම ලබන ලොකු සතුටක්. ඒ වගේම මෙම චරිත අතරේ ”මේනක” කියන මගේ නමින්ම චරිතයක් රඟපාන්න ලැබීම මම ලබන ලොකු සතුටක්.
ඇයි නළුවකුට තමුන්ගේ සැබෑ නමින්ම චරිතයක් රඟපෑම එවැනි සතුටකට හේතුවක් වෙන්නෙ?
රඟපෑමේදී බොහෝ විට චරිත ගොඩනැගෙන්නෙ ඒ චරිතවලට ලැබෙන නම් අනුවයි. පේ‍්‍රක්ෂකයින් අපව වැඩි වශයෙන් දැනගන්නෙත් ඒ චරිත සමගයි. පුංචි තිරයේ ස්වභාවය එයයි. නමුත් සංසාර සක්මන සඳහා එහි නිෂ්පාදිකා තුෂාරි අබේසේකර මගේ නම යොදාගන්න ඇත්තෙ පේ‍්‍රක්ෂකයින් අතරට එය ගෙන යාමේ අරමුණ ඇතිව වෙන්න ඇති.
මේ චරිත සියල්ල අතරේ මේනක වඩා සමාන වන්නේ මොන චරිතයටද?
මේ සියලූ චරිතවල ඇති ගතිගුණ වලින් යම් යම් දේවල් මේනක රාජපක්ෂ සතුවත් ඇති.
කොහොම වුණත් මේ වගේ චරිත කීපයක එකවර රඟපාන්න ඔබට අවස්ථා ලැබෙන්න ඇත්තෙ ඇයි කියලද ඔබ හිතන්නෙ?
ප‍්‍රධානවම බලපාන්නෙ මගේ ඇති දක්ෂතාවයත්, නිෂ්පාදකවරු සහ අධ්‍යක්ෂවරු මා කෙරෙහි තබා ඇති විශ්වාසය වෙන්න පුළුවන්. ඒ වගේම හැමෝටම දක්වන ගරුත්වය ආදී අපේ බාහිර ගුණාංග නිසා වැඩ කරන්න පහසුයි කියලත් හිතෙනවා ඇති.
පසුගිය කාලයේ සමහරු ඔබේ පුද්ගලික ජීවිතයේ විවිධ හැල හැප්පීම් ගැන කතා වුණා. ඒ සියල්ල වෙනුවෙන් ඔබට දෙන්න පුළුවන් උත්තර සහ කියන්න තියෙන දේවල් මොනවද?
මේ සමාජයේ කවුරු කාට හෝ ප‍්‍රශ්න එන්න පුළුවනි. නමුත් ප‍්‍රශ්නය තියෙන්නෙ නළුවකුට හෝ නිළියකට යමක් සිදුවුනොත් ඒ ගැන ඇත්ත නැත්ත නොසොයා කතා කිරීමයි. සමාජයේ ජනප‍්‍රිය චරිතවීම නිසා ඒ ලූහුබැඳීම තියෙන්න පුළුවනි. නමුත් අපිත් මනුස්සයෝ කියන දේ මොහොතකට හෝ හිතන්න වෙනවා.
අපි ජනප‍්‍රිය නිසා අපිට චෝදනා එල්ලවීම වැඩියි. සමහර වෙලාවට ඒවායෙහි කිසිම ඇත්තක් නැහැ. මොන තරම් වෙබ් අඩවි හෝ මාධ්‍ය ඔස්සේ මොන දේ ප‍්‍රචාරය වුණත්, කවුරු මොනවා කීවත් මේනක රාජපක්ෂ මානසිකව වට්ටන්න කාටවත් බැහැ. මම මගේ ගමන යනවා.
මගේ හෘද සාක්ෂියට එකඟව එය හරිද? වැරදිද? කියලා හරියටම දන්නෙ මමයි. මිනිහෙකුට වැදගත්ම දේ වෙන්නෙ එයයි.
මොකක්ද?
හෘද සාක්ෂිය.
ඒ හෘද සාක්ෂියට එකඟව ඔබ හරිද? වැරදිද?
මම නිතරම කටයුතු කරලා තියෙන්නෙ නිවැරදිව කියලා තමයි මගේ හෘද සාක්ෂිය කියන්නෙ.
ජීවිතේ ආපසු හැරී බලද්දී සියල්ල කළේ හෘද සාක්ෂියට එකඟවම කියලද ඔබ කියන්නෙ?
මම ඕනෑම දෙයක් කරන්නෙ හොඳට හිතලා බලලයි. ඒත් මාත් සාමාන්‍ය මිනිහෙක් නිසා මටත් වැරදුණ තැන් තිබුණා. ඒවා හදාගෙන ජීවිතේ දුක - සැප, නින්දා - ප‍්‍රශංසා සියල්ලට උපේක්ෂාවෙන් මුහුණ දී ඉදිරියට යාම තමයි අරමුණ.
මේනක කිව්වාම හරියටම මොනවගේ කෙනෙක් කියලද හිතෙන්නෙ?
අර කලින් කිව්ව විදියට රංගනයට අමතරව බොහොම සරලව ජීවත්වන චරිතයක්. රටට ලෝකයට ප‍්‍රකාශ කරමින්, පේන්න ජීවත්වන චරිතයකට වඩා කාටත් තියෙන කවුරුත් කැමති පුද්ගලිකත්වය රැකගෙන ජීවත්වෙන්න කැමතියි. රඟපෑම කරන්නෙ කැමරාව ඉදිරියේ විතරයි.
චරිත තෝරා ගැනීමේදී සහාය නිළි චරිතය සඳහා ඔබේ විශේෂ තේරීමක් තියෙනවද?
මට ගැලපෙන කෙනා කවුද කියලා තීරණය කරන්නෙ අධ්‍යක්ෂවරයායි. එහෙම නැතිව මගේ තේරීමක් නැහැ. නළුවකුට හෝ නිළියකට එහෙම තේරීම් කරන්නත් බැහැ.
නමුත් නෙහාරා සහ ඔබගෙ සුසංයෝගය ගැන කවුරුත් කතා වෙන්නෙ ඇයි?
අපේ සිංහල සිනමාවෙත් කාලයෙන් කාලයට එවැනි ගැලපීම් තිබුනාණෙ. මුතුකිරිල්ලි නිසා පුංචි තිරයේදී ආ මේ ගැලපීම ගැන බොහෝදෙනා දිගටම කතා කළා. නමුත් අතීතයටත් වඩා අද මාධ්‍ය බහුල වෙලා. ඒ නිසා මිනිස්සු තොරතුරු දැනගන්න විදිය හරි වෙනස්.
සමහර විට ඔබ ගැන අසත්‍ය ප‍්‍රචාර කරන විට, ඔබට ඇතිවන හැඟීම මොනවාගේද?
එක අතකට කලකිරීමක් තමයි. ඒත් කවුරු නැතත්, කවුරුහරි මගෙන් විස්තර අහන්නෙ නැතිව හෝ මා ගැන කතා කිරීම ගැන සහ තොරතුරු පළකිරීම ගැන සතුටු වෙනවා.
සටහන/ඡායාරූප : සඳුන් ගමගේ
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
”වඩා වැදගත් වෙන්නෙ හෘද සාක්ෂියයි”
රජිත් Friday, 15 June 2012 03:54 PM
බැටලු හම් පොරවාගෙන ඉන්න කොටි අපිත් දැකලා තියෙනවා
රජිත් Friday, 15 June 2012 03:20 PM
පුංචි ළිදේ වතුර රසයි
දිනු Thursday, 28 June 2012 12:11 PM
ඔයා හොඳට රඟපානවා මේනක අයියේ.... මගෙන් ඔයාට සුභ පැතුම්..........
දිනු Thursday, 28 June 2012 12:52 PM
ඔයා හොඳට රඟපානවා මේනක අයියේ.... මගෙන් ඔයාට සුභ පැතුම්..........
රමනි Saturday, 16 June 2012 03:04 AM
මේනක ඔබ සිංහල සිනමාවේ රජු වෙන්න..සැලෙන්න එපා.....
පෙරේරා Sunday, 17 June 2012 07:10 AM
කමල් ඔයා කියන දේ හරි.ලංකාවේ වැඩි පිරිසක් කරන්නේ මඩ ගහන එක තමයි..
පෙරේරා Sunday, 17 June 2012 07:50 AM
කමල් ඔයා කියන්නෙ ඇත්ත.. ලංකාවෙ ඉන්න වැඩි පිරිසකට කරන්න පුළුවං මඩ ගහන එක තමා...
මාතර මල්ලි Friday, 15 June 2012 04:07 PM
මීටර් 100 / 400 දුවන්න වගේනේ ඉන්නේ.ඇයි මෙයාව ඔලිම්පික් වලට යවන්න බැරිද
බබා Tuesday, 19 June 2012 10:28 PM
දැන් අපේ රටේ කදපණුවන්ට කියන අලුත් නම තමයි "නළුවා"
අන්කල් Friday, 15 June 2012 03:41 PM
මෙලෝ රහක් නෑ
සිසිර Friday, 15 June 2012 03:43 PM
මෙවැනි අය සමග ඇයි සම්මුඛ සාකච්ඡා පවත්වන්නේ?
පෙරේරා Saturday, 16 June 2012 05:11 AM
මේනක හොඳට වැඩ කරනවා....හැබැයි ටිකක් පරිස්සමින්...මොකද ඔයා රඟපාන්නේ ලංකාවෙනේ...
සන්දු Wednesday, 20 June 2012 02:18 PM
අනේ මගේ හෘද සාක්ෂිය ......පොඩි දරුවෙක් ඉන්න තාත්තෙක් නේද මේ ???
ක්‍රිශාන්ත Thursday, 28 June 2012 02:10 PM
හොඳයි...
ක්‍රිශාන්ත Thursday, 28 June 2012 01:32 PM
හොඳ නළුවෙක් ....
ක්‍රිශානි Thursday, 28 June 2012 01:33 PM
සුභ පැතුම්.
මල් කුමාර Tuesday, 19 June 2012 03:30 PM
හෘද සාක්ෂිය....පට්ට පට පට...
දිසානායක Monday, 18 June 2012 03:31 PM
ලංකාවේ ගිස්බන් වෙන්න හදනවද කොහෙද?
ඕෂද Friday, 15 June 2012 05:27 PM
පල තියෙන ගහටනේ ගල් ගහන්නේ.මේනක,සැළෙන්න එපා.ඔහොම යන්
ශාන්-saudi arabia Saturday, 16 June 2012 06:10 PM
නළුවකුට කලාතුරකින් පමණක් ලැබෙන දුර්ලභ අවස්ථාවක් ඔහු ලබා සිටී. එයනම් විකාශය වන ටෙලි නාට්‍ය හතක චරිත නිරූපනය කිරීමය මෙන්ම එකම කාල සිමාවකදී ........(තවත් සිද්ධියකි). අති විශිෂ්ඨයි
aaaaa Saturday, 16 June 2012 06:21 PM
මෝඩයෙක්
ජුලන් පිටියෙ අමරෙ Tuesday, 19 June 2012 04:39 PM
කිසිම පෞරුශයක් නෑති නළුවෙක්. කවදා හරි මතු අනාගතයේ නළුවෙක් වෙන්ඩ ලෑබෙවා..
sanjeewa Sunday, 17 June 2012 12:40 PM
ඔබ ඉතා දක්ෂ රංගන ශිල්පියෙක්.. ඔබට ජය..
සරත් Friday, 15 June 2012 06:03 PM
දැන්කාලේ හැටි ඔහොම තමයි....
ප්‍රසන්න Friday, 15 June 2012 06:52 PM
මොලෙත් නෑ.....මුකුත් නෑ....
නිශාන්ත Saturday, 16 June 2012 10:26 AM
එකම විදියට හැමඑකේම රඟපාන්නේ....
ඇලෙක්ස් ඩුබායි. Friday, 15 June 2012 06:58 PM
මේනක ඔබ යම් කිසි දවසක සිංහල සිනමාවෙ රජ වෙනවා.සැළෙන්න එපා ඔහොම යන්
තිලක් Saturday, 16 June 2012 11:30 AM
මොකද නෙහාරා පේන්න නැත්තේ?
ajith Monday, 25 June 2012 01:23 PM
හොඳ නඵවෙක් ....
කමල් Saturday, 16 June 2012 10:52 AM
සැළෙන්න එපා මේනක,යන්න ඉදිරියටම.සුභ පැතුම් අපෙන්!
අසින්ත Saturday, 16 June 2012 11:06 AM
ඔයා නෙහාරාගෙන් පරිස්සම් වෙන්න
ඩීඊ Thursday, 21 June 2012 02:38 PM
ඇත්තටම දක්ෂ නලුවෙක්.. හොද පෙනුම සහ හැකියාව තියෙන දුර්ලභ ගැලපීම ශ්‍රී ලංකාවෙ.. ඔහුගේ ස්වාභාවක කතා විලාශය සහ රංගනය ඉතාම අගනේය.. ආදරේ අහස තරම් ටෙලි නාට්‍යයේ රංගනය ඉතා හොදයි.
දීපා Sunday, 24 June 2012 01:21 PM
මොනවා කරත් මුල අමතක කරන්න එපා හොඳඳ....
චතු Saturday, 16 June 2012 11:45 AM
මේනක ඔයා ගොඩක් හොඳට රඟපානවා .මම ඔයාට සුභ පතනවා....
චතු Saturday, 16 June 2012 12:25 PM
මේනක,ඔයා ගොඩක් හොදට රගපානවා.ඔයාට සුභ පැතුම්!
මධූ Wednesday, 27 June 2012 12:09 PM
අනේ මන්ද කතා කරද්දි මේවා ඇත්තද කියලා හිතාගන්නත් බෑ ....
පින්චි Wednesday, 20 June 2012 05:46 PM
අනේ මේ වගේ නළුවෙක්
මලී Friday, 15 June 2012 08:06 PM
මේනක අයියේ ඔයාගේ රඟපෑම අති විශිෂ්ඨයි. ඉදිරියටම යන්න. ශක්තිය ලැබේවා.
රම්සි Sunday, 17 June 2012 04:28 PM
ටෙලිනාට්‍ය??? ........... පුහ්.......
නුවන් Friday, 15 June 2012 08:52 PM
ඔයාගේ රඟපෑමනම් ලස්සනයි. මේනක අයියා.
Sunday, 17 June 2012 03:53 PM
කාටද අනේ මේ දෙකට නැමිලා ඉන්නේ.....
නිෂාරා Wednesday, 20 June 2012 10:26 AM
මමත් ආසයි නලුවෙක් වෙන්න
චන්දන Thursday, 28 June 2012 04:20 PM
මට නම් මේගොල්ල එපා උනා.. අන්තිමට පුංචි දුවෙකුට පිය සෙනෙහස අහිමි උනා.. කතා කරන්න ගියාම නම් බබා.. වැඩිය උඩ පනින්න එපා...
ගොඩයා Saturday, 16 June 2012 12:17 PM
කවදාද ඔයා අරයත් එක්ක එක්තැන් වෙන්නේ?
කිරිමාටින් Monday, 18 June 2012 11:37 AM
රම්සි හරි.
රවී Friday, 15 June 2012 09:14 PM
මේ වගේ අයව ඔසවා තබන්න එපා.....
ඩී Thursday, 21 June 2012 03:41 PM
ආදරේ අහස තරම් වගේ ටෙලිනාට්‍යයන වුණත් මේනක තමන්ගේ උපරිමයෙන් රගපානවා
කෙවින් Saturday, 23 June 2012 08:44 PM
අන්..මේ... ළමයව අමතක කරලා දික්කසාද වෙනකොට ඔය කියන හෘද සාක්ෂිය කොහෙද තිබ්බෙ...??
රම්සි Tuesday, 19 June 2012 07:30 PM
”වඩා වැදගත් වෙන්නෙ හෘද සාක්ෂියයි” හෘද සාක්ෂිය..........? ඒ කියන්නේ බඩගෝස්තරේට කියන තවත් නමක්ද?
රම්බෝ Saturday, 16 June 2012 02:21 PM
හෝ.........
සදුන් සසංක Saturday, 16 June 2012 02:27 PM
නියමයි ඔහොම යං.
සදුන් සසන්ක Saturday, 16 June 2012 01:47 PM
නියමයි ඔහොම යන්...
රන්ග Wednesday, 27 June 2012 02:31 PM
නියමයි මේනක අයියා...
රැවන් Sunday, 17 June 2012 03:21 AM
ඔබ ඉතා දක්ෂ රංගන ශිල්පියෙක්.. ඔබට ජය...
කමල් Sunday, 17 June 2012 03:21 AM
මේනක ඔයා දක්ෂ රංගන ශිල්පියෙක්.. ඒ වගේම කඩවසම්.. දක්ෂ කෙනෙකුට සමාජය මඩ ගහනවා. ඔය මඩ ගහන අය තමන්ට කියල මොකුත් කරගන්න බැරි අය වෙන් පුළුවං.. අපිට ඔයාගෙ පෞද්ගලිකත්වය වැඩක් නෑ.. ඔබට ජය...
කුජ Wednesday, 20 June 2012 12:33 PM
හරිම අහිංසකයෙක් පව් මෙයා...............