(අංජුල මහික වීරරත්න)
ඩොලර් පහේ දියර පොහොර බෝතලයට දෙගුණයක් ගෙවා ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රහස් පොලිසියේ සහ අල්ලස් හෝ දූෂණ කොමිසමේ පරීක්ෂණ දෙකක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය රහස් පොලිසියට මෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කරුණු වාර්තා කර ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇමරිකා ඩොලර් පහට ආනයනය කළ හැකිව තිබූ දියර පොහොර බෝතලයක් සඳහා අවස්ථා දෙකකදී ඇමරිකා ඩොලර් 12.5ක් හා ඩොලර් 10ක් බැගින් ගෙවා ඉන්දියා සමාගමකින් ආනයනය කර රජයට රුපියල් කෝටි හැත්තෑ එකකට වැඩි පාඩුවක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අදාළ සිද්ධිය තමා අමාත්‍ය ධුරය දරන සමයේ සිදුවූ දෙයක් නොවන බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම කිව්වේ නැහැ... චීන කුණු පොහොර ගෙනාවේ කවුද කියලා... අමරවීරට කොන්දක් නැහැ... ඒක කියන්න...
වැඩිය සද්ද කරන්න එපා. එම රජ හොරාම තැටිය හොරකමේත් ඉන්නවාලු...!
මගේ කාලේ හෝ ඔබේ කාලයේ නොවේ... මේ සියලුම අකටයුතු සිදුවුණේ ඔබේ රජය කාලේ... මයිනාත් සමග...
නන්දසේනගේ කාලේ නේද?
ඔහෙගේ කාලේ නෙවෙයි නම් වංචාකරපු අයට දඬුවම් කෝ...
අර අලුත් ගමගේ කියන කිසිම වරදක් කරලා නැති සුද්ධෝදන ගේ කාලෙදී නේද