නව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පිළිබඳ තීරණයක් ගත හැක්කේ ඉදිරියේදී ඔහු ක්‍රියා කරන ආකාරය අනුව යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (3) පැවැසීය.
‘අතීතයේ සේවය කළ සමාගම්, ඔහු ස්වාධීන පුද්ගලයකු ලෙස කරන ලද ප්‍රකාශ අල්ලාගෙන අපට තීන්දු තීරණවලට එන්න බැහැ. ඔහුගේ අනාගත භාවිතාව, මහ බැංකු අධිපති ලෙස ඔහු කටයුතු කරන ආකාරය දෙස බලා අපට තීරණයකට එන්න වෙනවා‘
‘හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට චෝදනා රැසක් එල්ල වුණා. ඔහු තවදුරටත් මහ බැංකු අධිපති ධුරයේ තබාගන්න බොහෝ පිරිස් උත්සාහ කළා. අවසානයේ බැරි බැරි ගාතේ ඔහුට යන්න සිද්ධ වුණා. අලුත් මහ බැංකු අධිපති ගැන අපට සියයට සියයක් චරිත සහතික දෙන්න බැහැ. ඔහු ස්වාධීන පුද්ගලයකු ලෙස කටයුතු කරද්දි ආර්ථිකය සම්බන්ධයෙන්, සහනධාර, පුද්ගලීකරණය ආදිය සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ හා මත සිදු කර තිබෙනවා. ඒවා ඔහු ස්වාධීන පුද්ගලයකු විදියට කරන ලද ප්‍රකාශ. එහෙත් දැන් ඔහු මහ බැංකු අධිපති. එවැනි අවස්ථාවක ඔහු කටයුතු කරන්නේ කෙසේ ද යන්න අප විමසිල්ලෙන් බලා සිටිය යුතුයි‘
‘නව මහ බැංකු අධිපති මීට පෙර මහ බැංකුවේ සේවය කර තිබෙනවා. ඉන් පොදු රාජ්‍ය මණ්ඩලයේත් විවිධ ආයතන හා සමාගම්වලත් සේවය කර තිබෙනවා. ඒවා ඔහුගේ අතීත ක්‍රියාකාරකම්. ඔහු පිළිබඳ නිවැරැදි තක්සේරුවකටට පැමිණීමට හැකි වන්නේ මහ බැංකු අධිපතිවරයා ලෙස ඔහු කටයුතු කරන ආකාරය දෙස බැලීමෙන්. ඊට පෙර ඔහු ගැන තක්සේරුවකට එන්න අපට බැහැ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න මොළේ. තව අවුරුදු එක හමාරක් දෙකක් බලාඉන්නවා. ඉඳලා ජනතාව නැගිටලා පාරට බැහැලා එළවන්න හදනකොට මෙයාලත් ජනතාවගේ පැත්තේ. ඉන්පසු තව කෙනෙක් පත්වෙනවා. මෙයාලා තවත් අවුරුද්දක් දෙකක් යහපාලනය එක්ක. ඔන්න දැන් ආණ්ඩුව එළවන්න මිනිස්සු පාරට බහිනවා. මිනිසුන්ගේ ගොඩ වැඩිනම් ඔන්න එයාලත් ඒ පැත්තට ඇවිත් ඡන්ද ටිකක් කඩාගෙන නැවත ඡන්දයක් එනතුරු ඉන්නවා (නි)
තමන්ගේ පක්ෂය හදාගන්න බැරි ජවිපෙ !!! (නි)
දේශපාලකයන්ටත් මේ දේ කරන්න ඕනෑ. ජනතාවට සේවය කළොත් විතරයි මාස් පඩිය දෙන්නේ. (නි)
ශිවා, ඔයාල වගේ මිනිස්සු ඉන්නකම් මේ රට හදන්න හරි අමාරු වෙනවා (නි)
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැ. මෙයත් කලින් කෙනා වගේ වැඩකළොත් මොකද කියන්නේ? (නි)
එහෙමනම් ඉතින් එයාගේ වැඩ හොඳද බලනකම් "දෙන්නම් කාසි " වලට ටික කලක් වැඩ කරන්න කියමු .(බ)
මෙයාල මහා බැංකු අධිපතිගේ තක්සේරු කරන්න මෙයාල කවුද හතර දෙනෙක්ක් ඉඳගෙන ගොරවනවා (බ)
ජ.වී.පෙ. ඉතාම නිවැරදියි. උපාධි පට්ටම් ආදිය අහස උසට තිබුනත් කලින් අයගේ ක්‍රියාකලාපය බැලුවහම ඔවුන් යම් යම් අයගේ රූකඩ බව පෙනුනා නේ. කම්මනා හෝති බ්‍රාහ්මණෝ! (බ)
කෙනෙකුට රැකියාවක් දෙන්නේ සම්මුඛ පරීක්ෂණයක් තියල එ්කෙන් සමත්වෙන කෙනෙකුට මේ කියන විදියට කිසිම ආයතනයක වැඩ කරන හැටි බලල රැකියාවල් දෙන්නේ නැහැ නමුත් ප්‍රොෙබ්ෂන් කාලයක් නම් තියනව එ්ක ගැනද දන්නෑ උගත් මන්ත්‍රීතුමා කියන්නේ (බ)
සහතික ඇත්ත මන්ත්‍රී තුමා (හේ)
ඒකනම් හරි.(හේ)
සුපුරුදු ජේවීපී ප්‍රතිචාරය. තව ටික දවසකින් වාග් ප්‍රහාරයක් හෝ එල්ල කරන්න කල්ගැනීමක් (නි)
හොඳයි හොඳයි ඔහොම යමු (නි)
ඔබතුමා කියන කතාව හරි.(හේ)
තීරණ ගන්නේ මහජනතාව වන අපි. ඒ අලුතින් පත්ව ආපු මහා බැංකු අධිපති තුමාට හොඳින් රටට හිතවත් අයුරින් වැඩ කරන්න සහයෝගය දෙන්න පළමුවෙන්. (බ)
ශිවා එහෙම කියන්න එපා මේ හතරදෙනා දියවන්නාවේ ඉන්න සියලුදෙනාටම වැඩිය උගත් මෙයාලගේ තක්සේරුව හරි. (බ)
ඔවු ඉතින්, එහෙම නැතුව තීරණයක් ගන්නත් බැහැනේ (නි)
ඔබතුමාගේ අදහසට අපේ එකඟතාවය! (නි)