
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වැඩ බලන විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතාට තවත් මාස හයක කාලයක් වැඩ බැලීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබිණ.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ රැස්විය.
එම රැස්වීමට එම කාරක සභාවේ සියලුම සාමාජිකයන් සහභාගි වී ඇත.
මීට පෙර ජනාධිපතිවරයා විගණකාධිපති තනතුර සඳහා පංච තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂවරයකු වන එච්.පී.ටී චන්දන මහතාගේ නම යෝජනා කළ නමුත් ව්‍යවස්ථා සභාව වැඩි ඡන්දයෙන් එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය.
එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද තුනක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද පහක් ලැබී තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි යන්නේ මොන පාරේ, නාකි මයිනා ගිය පාරේ...