(කුෂාන් ජයවර්ධන සහ චින්තක ක්‍රිෂාන්ත)
වාරිමාර්ග අමත්‍යංශය යටත් ක්‍රියාත්මක උතුරුමැද මහ ඇළඋමං ව්‍යාපෘතියේ පලුගස්වැව මහමීගස්වැව වැඩ බිමේ සේවකයක් දෙපිරිසක් අතර අද (17) ඇතිවූ ගැටුමක් දුර දිග යාමෙන් තියුණු ආයුධයකින් සිදුකළ පහර දීමකින් එක් සේවකයකු මරණයට පත්ව තවත් සේවකයන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මොරගොඩ පොලිසිය කියයි.
චීන ජාතිකයන් මෙන්ම ලාංකික සේවක පිරිසක් ද එම වැඩ බිමෙහි සේවය කරනු ලබන අතර අද(17) මෙම ගැටුම ඇතිවී තිබුනේ එම ව්‍යාපෘති බිමෙහි සේවයේ නියුතු ශ්‍රී ලාංකික සේවකයන් දෙපිරිසක් අතරය.
එම සේවක දෙපිරිස අතර ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී ඇතැයි පැවැසේ.
එම ගැටුමේදී තියුණු ආයුධවලින් සිදුකළ පහර දීමකින් එක් සේවකයකු මිය ගොස් තවත් සේවකයින් තිදෙනෙකු තුවාල තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුන්දරයි ලන්කා!