ඉන්දිකා රාමනායක
දකුණේ ප්‍රබල පාතාල නායක මාකදුරේ මධූෂ්ගේ දකුණේ ප්‍රධානතම ගෝලයා වශයෙන් හැඳින්වෙන සුදුහකුරගේ මානෙල් රෝහණ හෙවත් තිලක් නැමැත්නා අද (25) රාත්‍රීයේ කඹුරුපිටිය අකුරැස්ස පාරේ විල්පිට රක්ෂිත ප්‍රදේශයේ විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකින් මියගොස් ඇති බව පොලිසිය කියයි.
මෙම සැකකරු තවත් පිරිසක් සමඟ අද රාත්‍රී 7.45 ට පමණ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී ඒ සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු මත විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරීන් එම මාර්ගයේ මාර්ග බාධක යොදා රථය නැවැත්වීමට උත්සහ කිරීමේදී සැකකරුවන් භට පිරිස්වල අණ නොතකා පලාගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
විශේෂ කාර්ය බලකාය ඔවුන් ගමන් ගත් ත්‍රීරෝද රථය පසුපස ජිප් රථයකින් හඹා යන අතරතුර සැකකරුවන් ගමන් ගත් ත්‍රීරෝද රථය විල්පිට රක්ෂිතය දෙසට ධාවනය කරවා ඇති අතර සැකකරුවන් රක්ෂිතයේ සිට විශේෂ කාර්ය බලකා භට පිරිස් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
එහිදි භට පිරිස් සැකකරුවන් වෙත ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී මානෙල් නැමැති මෙම සැකකරුට වෙඩි වැදී තුවාල ලබා ඇති අතර භටපිරිස් ඔහු අකුරැස්ස රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙම සැකකරු භටපිරිස් වෙත ප්‍රතිප්‍රහාර එල්ල කළ ටී 56 ගිනි අවිය ද එම ස්ථානයේ වැටී තිබියදී හමුවී ඇත.
මෙම සැකකරු මාකදුර මධූෂ් නැමැත්තාගේ දකුණේ ප්‍රධානතම ගෝලයා බවද මධුෂ් නැමැත්තා දකුණේ සිදුකරන කප්පම් ගැනීම් , මත්කුඩු ජාවාරම් , ඇතුලු නීතිවිරෝධී ජාවාරම් සිදුකරන්නේ මේ හරහා බවද විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම සිද්ධිය වන අවස්ථාවේ එම ත්‍රීරෝද රථයේ පුද්ගලයින් තිදෙනකු ගමන් ගෙන ඇති අතර ඉන් දෙදෙනකු පැනගොස් ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙඩි තියාගෙනද? අපි නම් හිතුවේ ආයුධ පෙන්වන්න ගිහින් කියලා.
වැඩක් වෙනවා වගේ
විශේෂ සේවා කාර්ය බලකාය, මේ පාතාලය මැඩ පවත්වන්න ගන්නා ක්‍රියාමාර්ග වලට මම රටේ පුරවැසියෙක් හැටියට සතුටු වෙනවා. අවුරුදු තිහක යුද්ධයක් නැති කරපු ආරක්ෂක හමුදාවකට මේ පිළිලය සමාජයෙන් ඉවත් කිරීමට එතරම් අපහසු නෑ. නමුත් අපේ දේශපාලනඥයො දැන ගත යුතුයි ආරක්ෂක අමාත්‍යාංශය කරගෙන යන වැඩේ හරියට කරගෙන යන්න ඉඩ දීලා පැත්තකට වෙලා ඉන්න. නැත්තං වෙන්නෙ දිනෙන් දින අහිංසක ජනතාවගේ ජීවිත බිලිගන්නා එක විතරයි. අපේ රටේ මේ පාතාලය කරගෙන යන මිනිස් ඝාතන හා කප්පම් ගැනීම් නැති කිරීමට නම් අපේ රටටත් යම් තරමින් හරි කැලෑ නීතිය අවශ්‍යයි. එහෙම නොවුනොත් වෙන්නෙ, අද අත්අඩංගුවට අරගෙන හෙට ඇපදෙනවා.
බලාගෙන ගියාම ලංකාව මෑතදී පාලනය කරලා තියෙන්නෙ පාතාලයේ කට්ටිය නේ.
ඔන්න වැඩ පටන් ගත්තා. සුද්ද කරලම දාන්න ඕන. හැමදාම කොහෙන් හරි පාතලයන්ගේ වෙඩි තැබීමක්. රත්මලාන, කොටහේන.
දැන්නේ පොලිසිය හරි ට්‍රැක් එකට වැටිලා තියෙන්නේ. අවරුදු 30 ක් තිබ්බ යුද්ධයක් නැත්තටම ඉවර කරන්නට පුළුවන් උනා නම්, ඔය කොල්ලෝ කීප දෙනෙක්ගෙන් හැදුනු පාතාලය අතුගා දමන එක මහා කජ්ජක්ද?
වැඩෙ කැතයි, මේ යහපාලනය . මේවා තමා විහිලු.
පාතාලයින්ට ආවඩන දේශපාලුවෝ දැන් නීතිය ගැනයි සාධාරණය ගැනයි කට අරින්න පටන් ගනියි. දැනටම එහෙම කට ඇරලා තියෙනවනේ. ගණන් ගන්න එපා. අපි දන්නා හැටියට සැබෑ මිනිමරුවෙක් මිසක් අහිංසකයෙක් ආයුද පෙන්වන්න එක්ක ගිහින් නැහැ. ඒ නිසයි ජනතාව පොලිසියේ පැත්ත ගන්නේ. කියමනක් තියෙනවා 'ප්රජාතන්ත්රවාදය කොතරම් අගනේද යත්, අවශ්‍ය වුව හොත් ප්රජාතන්ත්රවාදී නොවන ආකාරයෙන් හෝ එය රැක ගත යුතුය' කියලා. ඒ වගේ 'නීතිය හා සාමය කොතරම් අගනේද යත් අවශ්‍ය වුව හොත් නීතිමය නොවන ආකාරයෙන් හෝ එය රැක ගත යුතුය'.
හොද වැඩක්. නැතිකරලම දාන්න. මේ අය රැක ගන්න අයවත් හොයලා ඉවර කරන්න.
විශේෂ බලකායට ජයවේවා.!
අපිට චුට්ටක් සතුටු හිතෙනවා මෙවන් පුවතක් දුටුවාම... එහෙත් සමාජයට මෙවන් පිල්ලි දිනපතාම එකතුවීම ගැන නොදන්නා අපි මෙවැනි පැලැස්තර වලින් උදම් අනමු... ජඩ දේශපාලනයේ අතුරු පල මෙවැන්නන් සමාජයට එකතු වීමයි. අහෝ කවදා මෙවන් දේ රටෙන් අතුගෑවෙවිද?
ජගත් ලියනගේ මෑතදී විතරක් නෙමෙයි දැනුත් ඒ අය තමයි පාලනය කරන්නේ. දන්නේ නැත්නම් නැත්නම් පින්සිරි ගෙන් අහන්න.
වෙඩි තබනවාට විරුද්ධ අයටද වෙඩි තබන්න ඔවුන් තමා මේ දකුණේ පාතාලය පසුපසින් ඉන්නේ.
සෝඩා බෝතලේ කැඩුව වගේ දෙතුන් දෙනෙක් අල්ලලා මරල පාතාලය මැඩපවත්වන්න බැහැ. බලධාරින් ක්‍රමවත් වැඩපිළිවෙලක් මහජනතාවට පෙන්විය යුතුයි. සියලුම පොලිස් ස්ථාන වල නිලධාරීන්ට පාතාල මර්දනයට විශේෂ පුහුණුවක් දියයුතුයි . ප්‍රධාන වශයෙන් පාතාලය පෝෂණය කරන දේශපාලනඥයන් කොටුකල යුතුයි . එයට නීතිය, මාධ්‍ය හා අදාල බලදාරින් එකමුතුව ක්‍රියාකළ යුතුයි..................එත් අනේ මේවා වෙයිද අපේ ලංකාවේ.
මහජන සේවය පසකලා කෙටි ක්‍රම මගින් කෝටි ගණන් මුදල් රැස්කිරීමට ප්‍රමුකත්වය දෙන දේශපාලකයන් ගේ කූට වැඩ සදහා යොදාගන්නා මිනිසුන් තමයි පාතාලය ලෙස හදුන්වන්නේ කූට වැඩ වලින් ප්‍රධාන තැනක් ගන්නේ කප්පම් ගැනීම , කුලියට මිනීමැරීම , මත් ද්‍රව්‍ය ජාවාරම් . මේ සේරම කරන්න දේශපාලකයන්ගේ ලග සිටින ගෝලයන් . දේශපාලකයට පොලිසීය ,නිතිය දෙකම නවන්න පුළුවන් ඉතින් කෙසේනම් අපේ රට මෙයින් ගලවාගන්නද ?
ඔහේ කොහෙද නීතියක්. මෙන්න ඒකට ඉතාලිය, ලොයර්ලා සියියක් ඇල්ලුවත් වරද කල කෙනාටම දඬුවම්.