විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් නිසා වොඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පාරේ සහ ඇස්වාට්ටුව අසල වාහන තදබදයක් ඇතැයි පොලිසිය කියයි.

කොමිසම ඉදිරිපිටට පැමිණි සිසුහු මාර්ගය අවහිර කරමින් පැය 4 ක පමණ කාලයක් වාඩිවී සිටියහ. ඔවුන්ගේ විරෝධතා පාගමන නාවල විවෘත විශ්ව විද්‍යාලය අසලින් පස්වරු 1 ට පමණ ඇරඹිණි.

තමන්ට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බව සිසුහු කීහ. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික ඇතුළු නියෝජිතයින් 5 දෙනකුට සභාපතිවරයා සමග සාකච්ඡාවකට පොලිසිය අවසර ලබාදුන්නේය. සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතාගෙන් ස්ථිර විසඳුමක් ලැබුණු බව සාකච්ඡාව අවසානයේ එම නියෝජිතයෝ පැවසූහ. 

පාඨමාලා ගාස්තු පහළ හෙළන බවට සභාපතිවරයා තමන්ට ලිඛිත පොරොන්දුවක් දුන් බව අන්තරේ කැඳවුම්කරු කීවේය.

DSC_0144 DSC_0159 DSC_0192 DSC_0208 DSC_0209 DSC_0213 DSC_0220