IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වෝඩ් පෙදෙසේ විරෝධය පාරටත් එයි

විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් නිසා වොඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පාරේ සහ ඇස්වාට්ටුව අසල වාහන තදබදයක් ඇතැයි පොලිසිය කියයි.

කොමිසම ඉදිරිපිටට පැමිණි සිසුහු මාර්ගය අවහිර කරමින් පැය 4 ක පමණ කාලයක් වාඩිවී සිටියහ. ඔවුන්ගේ විරෝධතා පාගමන නාවල විවෘත විශ්ව විද්‍යාලය අසලින් පස්වරු 1 ට පමණ ඇරඹිණි.

තමන්ට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බව සිසුහු කීහ. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික ඇතුළු නියෝජිතයින් 5 දෙනකුට සභාපතිවරයා සමග සාකච්ඡාවකට පොලිසිය අවසර ලබාදුන්නේය. සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතාගෙන් ස්ථිර විසඳුමක් ලැබුණු බව සාකච්ඡාව අවසානයේ එම නියෝජිතයෝ පැවසූහ. 

පාඨමාලා ගාස්තු පහළ හෙළන බවට සභාපතිවරයා තමන්ට ලිඛිත පොරොන්දුවක් දුන් බව අන්තරේ කැඳවුම්කරු කීවේය.

DSC_0144 DSC_0159 DSC_0192 DSC_0208 DSC_0209 DSC_0213 DSC_0220



අදහස් (0)

වෝඩ් පෙදෙසේ විරෝධය පාරටත් එයි

කසුන් Thursday, 30 July 2015 02:39 AM

වාහන තදබදය අධික වේලාවට මේ වගේ විරෝධතා කරන බුද්ධිමත්, සෑම දෙයක් ම හොඳින් ම දන්නා අනාගත පරපුරක් සිටින රටේ අනාගතය මොනොගේ එකක් වෙයි ද ?(ම)

:       0       0

නුවන් සමරවික්‍රම Thursday, 30 July 2015 03:31 AM

පව් අපේ යුනිවර්සිටි කොල්ලෝ, කෙල්ලෝ. අම්බානෙට ජවිපෙට කඩේ යනවා. කොහොමද ඉතින් ජේ.වී.පී කට්ටියට වැඩි බලයක් ලබා දුන්නොත් ? (නදී)

:       0       0

යසිරු Wednesday, 29 July 2015 12:08 PM

මොකද්ද දන්නේ නැහැ විරෝධය. ඇඟේ නුල් පාටක් නැතිව බීගෙන කෑගසමින් ගඟේ බැහැලා ෆොටෝ ගන්න අවසර ඉල්ලලාද ? (බ)

:       0       0

ලලිත් Wednesday, 29 July 2015 12:08 PM

ඔය කන්තෝරුව ඉස්සරහ හැමදාමත් උද්ඝෝෂණ. ඉතින් නිතරම වාහන තදබද. මේ වගේ ආයතන කොළඹ නගරයෙන් පිටත පිහිටෙව්වා නම් කොළඹ ගමනාගමනයට නිතර සිදුවෙන බාධා වගේම ජනතාවට සිදුවෙන අවහිරතා එහෙමත් අඩුවෙනවා. අනාගතයේ රටපුර ඉන්ටෙර්නෙට් දුන්නහම කන්තෝරු කොහේ පිහිටෙව්වත් එකහා සමාන සේවයක් රටපුරා ලබාදෙන්නත් පුලුවනිනේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 184 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site