අඩුම ශ්‍රී ලාංකිකයින් පිරිසක් සහභාගී වූ ජංගම සේවාව පසුගියදා ඉතාලියේ අක්කුලා අමබ්රුස්සෝ නගරයේදි පැවති බව ඉතාලි ශ්‍රී ලාංකිකයෝ කිහිපදෙනෙක් කියති. ඊට සියයකට අඩු පිරිසක් ඒ සදහා සහභාගී වී ඇතැයි ඔවුහු කියති. මාස දෙකකට පෙර වෙරෝනා නුවර පැවැත්වීමට නියමිතව තිබු ජංගම සේවාව අවලංගු වූ බැවින් ඒ වෙනුවට ඉතා අඩු ශ්‍රී ලාංකිකයින් පිරිසක් ජිවත්වන අමබ්රුස්සෝ නගරයේදී ජංගම සේවාව පවත්වා තිබේ. වෙරෝනා නගරයේ ශ්‍රී ලාංකිකයෝ දස දහසකට වැඩි පිරිසක් ජිවත්වෙති. නිලධාරීන්ගේ අතිකාල දීමනා ප්‍රවාහන පහසුකම් හෝටල් පහසුකම් හා කෑම බිම වෙනුවෙන් වැයවන ඇති විශාල මුදල පවා මෙවැනි ජංගම සේවා මගින් සොයා ගැනීමට නොහැකි යැයි වෙරෝනා නුවර අඛිල සමරදිවාකර මහතා පවසයි.
මේ පිලිබඳව විමසීමට ඉතාලියේ වැඩ බලන තානාපති පෝෂිත පෙරේරා සම්බන්ධ කර ගැනීමට උත්සහා කළත් දුරකථන ක්‍රියාකරවන්නීය විටෙක කියා සිටියේ ඔහු අසුනේ නොමැති බවය. තවත් විටෙක ඔහුගේ දුරකථනය කාර්යබහුල යැයි පැවසිය. මෙයට දින කිහිපයකට පෙරද අප තානාපති සම්බන්ධ කර ගැනීමට උත්සහා කිරීමේදී දුරකථන ක්‍රියාකරවන්නිය කියා සිටියේ තානාපති මාධ්‍ය ප්‍රකාශ නිකුත් නොකරන ලෙස විදේශ ලේකම්වරිය චක්‍රලේඛනයක් මගින් දන්වා ඇති බව පෝෂිත පෙරේරා තමාට දැන්වූ බවයි.
විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශිකා මහේෂිනි කොලොන්නගේ මහත්මිය එය ප්‍රතික්ෂේප කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තානාපති කාර්යාලය වහන එක තමා හරි දෙය .පරපෝෂිත මහතා ගම කනවා වගේ. වැඩ බැරි . බොරු පමණි.අනේ බෙනෙට් කුරේ .යහ පාලනය (බ)