පෙත්සම් විභාගය අවසන් වනතුරු පසුගිය දා 4%කින් වැඩි කළ වැට් බද්ද සහ 2%කින් අඩු කළ ජාතිය ගොඩනැගීමේ බද්ද ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අතුරු තහනමකට ලක් කළේය.
අග විනිසුරු කේ.ශ්‍රී පවන්, බුවනෙක අළුවිහාරේ හා ප්‍රසන්න ජයවර්ධන විනිසුරුවරුන්ගෙන් යුත් විනිසුරු මඩුල්ල එම නියෝගය ලබාදුන්නේය.
පාර්ලිමේන්තුවේ සම්මත නොවී මැයි 2 වැනිදා සිට වැට් බද්ද අය කරතියි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කැරිණි.
ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ පෙත්සම් විභාගය අවසන් වනතුරු වැට් බද්ද අය නොකළ යුතු බවයි.
පනත පාර්ලිමේන්තුවේ සම්මත කළ පසු බද්ධ අය කළ හැකිය.
COMMENTS
මේ සම්බන්දව උසාවි තීන්දුවක් දී නොමැත. (අ)
ජයවේවා. ටික කාලෙකට හරි ටිකක් නිදහසක්. (බ)
මේක හොද ආදර්ශයක්. අධිකරණය , ව්‍යස්තාදයකයට යට වෙලා නැහැ කියල පැහැදිලි දැන්. අපි බලන්න ඕන පහුගිය ආණ්ඩුවේ මුල් කාලේ වගේ අර ඉන්ධන මිල සම්බන්ධව දුන්න තීරණේ වගේ කුණු කුඩේට දානවද කියල. (අ)
වීරවංසට ජයවේව (අ)
අනේ ඕක හෙට අනිද්දට සම්මත කර ගනී. (අ)
රටට යහපත් ක්‍රියාවක් ගරු අධිකරණය ලබා දුන් තීන්දුව (ම)
යන්නේ කොහෙද?, කරන්නේ මොනවද? කියල දන්නේ නැතිව වැඩ කරන්න ගියාම අනා ගන්නවා. මේ විදියට තව කොපමණ කලක් කරන්නද ? දැන් ඊළඟ අය ලෑස්ති වෙන වෙලාව නේද ? (බ)
වැඩි වුණු බඩු මිල අඩු වෙනවාද? අද බස් ගාස්තු වැඩි වෙන්නේ නැද්ද ? (බ)
මෙය නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විය නොහැක. (බ)
වීරසිංහගේ වීර වැඩක්ද (බ)
යහපත් ක්‍රියාවක්ලු වීරවංසට ජයවේවාලු මේකේ කොමෙන්ට් දාන අයට කල්පනා කරලා කියන්න පුලුවන්ද ලංකාව කොහොමද ණය වලින් නිදහස් වෙන්නේ කියල බදු අය නොකර?? කවදද සංවර්ධිත රටක් කියල කියන්නේ? (බ)
ජයවේවා අධිකරණයේ ස්වාදීනත්වයට හා ප්‍රජාතන්ත්‍රවාදයට (ම)
අධිකරණය තීන්දුවක් දුන්නාට වෙළෙන්දෝ මිල අඩුවෙන් බඩු විකුණයිද? (ම)
ඒක හොදයි.(හේ)
ගරු අධිකරණයට දැන් නිදහසේ නිවැරදි තීරණ ගන්න පුළුවන්, ජයවේවා!!! (ම)
සුවාදීන අධිකරණය ! යහපාලනයේ ප්‍රතිපල (ම)
විමල් වීරවංශට ජය වේවා (අ)
අගය කල යුතුයි (ම)
දැන් අපෙන් අයකරගෙන ඉවර ඒවාට මොකද කරන්නේ (ම)
විමල් මැති තුමනි ස්තුතියි (අ)
උසාවි තීන්දුව රජය පිළිගන්නවානම් යහපාලනය හරි. මහින්ද මහත්තයා වගේ උසාවි නියෝගයට අභියෝග කලොත් ? දෙකම එකයි නේද? (අ)