අපරාධකරුවන්, දූෂිතයන්, වංචනිකයන්, කුඩු හා එතනෝල්කාරයින් පාර්ලිමේන්තුවට පත්කර බෝධිසත්ව පාලනයක් බලාපොරොත්තු විය නොහැකි නිසා මහ මැතිවරණයේ දී නිවැරදිම පුද්ගලයින් තෝරා යැවීමට ජනතාව ක‍්‍රියා කළ යුතුයැයි සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.
තමන් සිවිල් සංවිධාන හා එක්ව එක්සත් ජාතික පෙරමුණ සමග ගිවිසුමකට එළඹීමට තීරණය කළේ ද නව රජය ලවා රටට අවශ්‍ය දේ කරවා ගැනීමේ ලණුව අතේ තබා ගැනිමේ අරමුණින් යැයි උන්වහන්සේ සදහන් කළහ.
කෙසේ වුවත් රටේ අනාගතය යහපත් කිරීම සදහා සුදුස්සන් පාර්ලිමේන්තුවට යැවීමේ වගකීම තමන් අත තිබෙන බව ජනතාව අමතක කළහොත් එම අරමුණ ඉටු නොවන බව ද උන් වහන්සේ කීහ.
සෝභිත නා හිමි මේ බව පැවසුවේ කොළඹ 7, ගිල්ෆර්ඞ් ටෙරස්හි පිහිටි එක්සත් ජාතික පෙරමුණු මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඒ හිමියෝ මෙසේ ද කියා සිටියහ.
‘‘පාර්ලිමේන්තුව රටේ උත්තරීතර ආයතනයයි. රට පාලනය කරන, රටේ නීති හදන, රටට ප‍්‍රතිපත්ති සම්පාදනය කරන තැනයි. කුඩු කාරයින් එතනෝල් කාරයින් මෙතැනට ගැලපෙන්නේ නැහැ. එවැනි අය දූෂිතයන්, වංචනිකයන් පාර්ලිමේන්තුවට පත්කර බෝධිසත්ව පාලනයක් බලාපොරොත්තු වෙන්න එපා.
පසුගිය පාර්ලිමේන්තුවේ සිටි සමහර මන්ත‍්‍රීන් වසර පහටම ජනතාව වෙනුවෙන් වචනයක් කතා කර නැහැ. ඒත් ඔවුන් අපේ මුදලින් මොන තරම් වරප‍්‍රසාද ලබනවාද? වසර පහකින් ඔවුන් විශ‍්‍රාම වැටුපකටත් හිමිකම් කියනවා. ජනතාවගේ මුදල් මේ තරම් කන අය වචනයක්වත් කතා කරන්නේ නැත්නම් ඔවුන් පත් කරන්නේ මොකටද?
ඒ නිසා උගත්, බුද්ධිමත් , හැදියාවක් ඇති පිරිසක් පාර්ලිමේන්තුවට පත්කර යවන්නැයි මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඇමතිවරු පත්කරන්නේ පාසල්වලට ළමයි දාගන්න නෙවෙයි. ඒ නිසා රට හදන්න සුදුස්සන් එයට පත් කළ යුතුයි. රටේ ආර්ථික සංවර්ධනය ඇති කළ හැකි අය පත් කළ යුතුයි.’’
පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරු ගාමිණී වියන්ගොඩ, ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ නීතීඥ ජේ.සී. වැලිඅමුණ යන මහත්වරු ද අදහස් දැක්වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ලනුව කඩාගෙන ගිහිල්ලද බැඳුම්කර බිලියන 490 විද්දේ (බ)
හොඳයි ලණුව එයාගේ අතේ. එතකොට අපි සාමාන්‍ය ජනතාව කවුද? (නි)
දෙතොල නොකිදේ දෙනෙතින් කියවෙනවා..... වසන්කරන සිත මුහුණේ ලියවෙනවා ......... (නි)
අපි ඔබ වහන්සේ සමගයි.(හේ)
අපේ හාමුදුරුවනේ,අපි ඔබ සමඟයි (නි)
බිලියන 490 විද්දේ ඔය ලනුව කඩාගෙන ගිහිල්ලද? (නදී)
අපි ඔබ වහන්සේගේ අදහස් සමඟ 100% එකඟයි (නි)
අපිට නම් වෙලා තියෙන්නේ බෙල්ලේ වැල දාගන්නයි හාමුදුරුවනේ (නි)
ඔවු අපේ හාමුදුරුවනේ, මේ ගමන නම් ලණු කන්න එපා. මොකද දිරවා ගන්න බැරිවුණාම වමාරන්න වෙන්නේ අපිට නිසා. (නි)
ඔබ වහන්සේ වටා දැන් සිටින සමහර අයගේ සැබෑ භූමිකාව නිවැරදිව තේරුම් නොගත්තොත් ජාතික උරුමයට වන විනාශයේ ශාපය කෙසේ පිළිබිඹුවේදැයි සිතා ගන්නටවත් බැරි තරම්ය. (නි)
ඔබ වහන්සේ ඇතුළු සියළුම දෙනා ගැන දැන් දැන් අපිට සියල්ල වැටහෙමිනුයි තිබෙන්නේ (නි)
ගරුතර හාමුදුරුවනේ කොහොමද යහ පාලනය ගැන මෙවැනි අදහසක් දරන්නේ.(නදී)
ලණුවට කෙඳි යුරෝපා සංගමයේ මුදලින්ද- ජන පතිට දැමු ලනුව ගැලෙවේද (බ)
ජාතියේ පිනට පහලුන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් ප්‍රාර්ථනය කරමි. (ම)
කාලින අවශ්‍යතාවයක් වෙනුවෙන් පෙනී සිටින ඔබ වහන්සේට පින්.ජනතාව මේ පියවරයන් ගැන දැනුවත් වේවා! බලාපොරොත්තු වූ ලෙසම පිරිසිදු පාලනයකට පිරිසිදු චරිත පාර්ලිමේන්තුවට පත්වේවා! (ම)
ඒ 1980 දශකයයි. පැවැත්වීමට නියමිතව තිබුණේ ලබුදූවේ සිරිධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයයි. ඊළඟ කතාව හිමිව තිබුනේ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ටය. රැස්ව සිටි පිරිස 'හ්ම්' සද්දයක් නැතිව ඉතාමත සාවධානව සිටියාහ. සභාව අමතමින් උන්වහන්සේ මෙසේ කී සේක. "ලබුදූවේ සිරිධම්ම නාහිමියන්ගේ අභාවය අපට ඉතාමත් පාඩුවක්. නමුත් අපට එක අස්වැසිල්ලක් තිබෙනවා. උන්වහන්සේ අපවත් වුනේ නොබෙදූ රටක් තුලයි. නමුත් අපට අවසන් හුස්ම හෙලන්නට වෙන්නේ බෙදා වෙන්කළ රටක් තුලයි". (හැකිනම් ඒ කාලයේ දිවයින පත්තරයක් හොයාගෙන සෝභිත හාමුදුරුවන්ගේ සම්පුර්ණ කතාවම කියවා බලන්න) උන්වහන්සේට තිබී ඇත්තේ පුදුම අනාවැකි කීමේ හැකියාවක්. මේ වනවිට රට තුල සිදුවෙමින් පවතින්නේ එය නොවේද? එලෙස අනාවැකි කීවත් එදා සිටි පාලකයන් ඒ පිළිබඳව තැබූ අඩු තක්සේරුව නිසාවෙන් අප සැමට සිදුවන්නේ බෙදා වෙන්කළ රටක් තුල අපේ අවසන් හුස්ම හෙලීමටය.(නදී)
ඔබ වහන්සේගේ චේතනාව අවංක නිසා අප එයට ගරු කළ යුතුය. ලණුව අතේ තිබුණත් වර්තමාන ව්‍යාපාරික දේශපාලනය තුළ කොතරම් දුරට එය ප්‍රයෝජනවත් වේදැයි සැක සහිතය. (නදී)
13 එපා කියලා 1987 මාරාන්තික උපවාස කළ හාමුදුරුවෝ දැන් අනෙක් පැත්තේ (නි)
කරවුනු රොටිය වගේ ඕකත් දිරච්ච ලනුවක්ද හාමුදුරුවනේ (නදී)
ට්රාන්ස්පේරන්සි මහත්තයා තාම ලංකාවේ ඉන්නවා නේද ? මහා බැංකු ගනුදෙනුවේ ට්‍රාන්ස්පපේරන්සිය හොයන්න බැරි උනේ මොකද දන්නේ නැහැ ? (බ)
මම හිතන්නේ ඔය ක්‍රමය වෙනස් කරන්න ඔය ලණුව හයිය මදිවෙයි අපේ හාමුදුරුවනේ (නි)
අදහස නම් හොඳයි තමා. තැටිය රත්කරලා දීලා අනුන් රොටි පිච්චුවා වගේ ලණුව අල්ලගෙන ඉඳලා පස්සේ වෙන වෙන දේවල් කියන්න එපා (නි)