අලුත් අවුරුදු උදාවීමත් සමග කලාකාරිනියක වන උමයංගා වික්‍රමසිංහ අවුරුදු සැමරීම සම්බන්ධයෙන් මෙලෙස අපට පවසා සිටියාය.
"අවුරුදු සැමරීම පිළිබඳව මම නම් විශේෂයෙන් අවුරුද්ද සැමරීම සිදුකරන්නෙ නෑ. මොකද මගේ අම්මා මිය ගිහින් තවම වසර දෙකහාමාරයි. ඉතින් අම්මා නැතිව අවුරුදු සැමරීමක් සිදුකරන්න අදහසක් නෑ. බොහෝ දුරට අපි ගෙදර ඉන්නෙත් නැහැ. ගෙදර කට්ටියත් එක්ක කොහොමත් කොළඹින් පිටට යැවෙනවා."
කොහොමත් අපි අවුරුදු දවස් ටිකේම අපේ නැදෑ ගෙදරක තමයි ඉන්න බලාපොරොත්තු වෙන්නේ. අපි විශේෂ අවුරුදු චාරිත්‍ර නොකෙරුවත් ඒ ගෙදර අය චාරිත්‍ර වාරිත්‍ර සිදුකරද්දී ඒ දේවල්වලට සහභාගි වන්නට හැකියාව ලැබෙනවා. වැඩ අල්ලන චාරිත්‍රය නම් කොහොමත් කෙරෙනවා. එදා ඉඳන්ම මම වැඩ ඇල්ලුවේ පිටපතක් කියවලයි. ඉතින් මේ සැරෙත් සුපුරුදු විදිහටම වැඩ ඇල්ලීම චාරිත්‍රයන් ඒ විදිහට සිදුවේවි. ඒ ඇරෙන්න වෙන දෙයක් නම් අපේ ගෙදර සිද්ධ වෙන්නෙ නෑ.
ඇත්තට සිංහල දෙමළ අවුරුද්ද කියන්නෙ අප රටේ සියලු දෙනාටම වැදගත් වන ජාතික උත්සවයක්. මම මේ වෙලාවේ සියලුම දෙනාගේ ජීවිත සාර්ථක වෙන්න කියලා කියන අතරම මේ ලබන අලුත් අවුරුද්දෙදී සියලු දෙනාම තරහ මරහ අමතක කරලා අලුත් බලාපොරොත්තු ඇති කරගෙන හොඳ වසරකට පියනගන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ.
කුෂි
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වැඩ ඇල්ලීම හරියටම කරනවා