ඕස්ටේ‍්‍රලියානු තුන් ඉරියව් ක‍්‍රීඩක ෂේන් වොට්සන්ගේ (නොදැවී 90) වේගවත් ඉනිම නිසා අයි. පී. එල්. විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේ අද (08) පූනේහිදී පැවැති පළමු තරගයේදී රාජස්ථාන් රෝයල් පිල කඩුලූ 7 කින් පූනේ වෝරියස් පිල පරාජය කිරීමට සමත් විය.
ෂේන් වොට්සන් පන්දු 51 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 90 ක් රැස් කළේය.
පූනේ පිල නියෝජනය කරන ශ්‍රී ලංකා පිලේ උප නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 11 ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියේය.
පූනේ වෝරියස් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 125 (ඒ. මජුම්බර් 30, ෂෝන් ටේට් 13/3)
රාජස්ථාන් රෝයල් පිල ඕවර 16.2 කදී කඩුලූ 3 ට 126 (ෂේන් වොට්සන් නොදැවී 90)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd