IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වැටලීමට දින පහයි : එස්ටීඑෆ් 40ක් මහ කැලේ

පොලිස් විශේෂ කාර්ය බළකායේ 40 දෙනකු දින පහක් පුරා පානම කැබිලිත්ත රක්ෂිතයේ අක්කර නවය හමාරක කංසා හේන් සමූහයක් වටලා තණමල්විලට ගංජා බෙදන බව කියන ඩප්පි චමින්දගේ ගෝලයන් තිදෙනකු ද, කතරගම හා තිස්සමහාරාමයට ගංජා බෙදන මුදලාලි කෙනකුගේ සගයන් අට දෙනකු ද අත්අඩංගුවට ගෙන ඇතිමලේ පොලිසියට බාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

පානමින් පසුගිය 17 වැනි දා වනාන්තරයට ඇතුළු වූ සෙබළු  කැබිලිත්තේ සිට කිලෝමීටර 15ක් ඈත මහ කළේ කුඹුක්කන් ඔය ඉවුරේ වගා කර තිබූ අඩි හතරේ පහේ කංසා ගස් 26000ක් ද, වෙළෙඳපොළට යැවීම සඳහා සකසා තිබූ කිලෝවේ පැකට් විශාල තොගයක් ද සොයා ගත්හ.

එම ගංජා ගෙනියන්නට ආ දෙදෙනකු ද, ඔවුන්ගේ යතුරු පැදි දෙක ද සොයා ගත් බවත් විශේෂ කාර්ය බළකාය පවසයි.

මිටි බැඳ තිබූ ගංජා රාත්‍රී කාලයේ ගෙන යෑමේ අදහසින් යතුරුපැදිකරුවන් දෙදෙනා එහි වාඩිවල සිටි පුද්ගලයන් සමඟ බෝතල් පාටියක් දමා ඇත. තුවක්කු හතරක් ද සමඟ දස දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

කංසා ගස් ද, ගංජා ද ගිනි තබා විනාශ කැරිණි.

ගංජා කිලෝවක වීදි මිල රුපියල් 15000කි.

20150219_073057 20150219_174414 20150219_175325 IMG_2861 IMG_2863 IMG_2872 IMG_2896 IMG_2922 IMG_2989 IMG_2996



අදහස් (0)

වැටලීමට දින පහයි : එස්ටීඑෆ් 40ක් මහ කැලේ

පියුමි Wednesday, 25 February 2015 10:10 AM

අපේ රණවිරුවෝ එදත් දක්ෂයෝ අදත් දක්ෂයෝ හැමදාටම වීරයෝ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site