පොලිස් විශේෂ කාර්ය බළකායේ 40 දෙනකු දින පහක් පුරා පානම කැබිලිත්ත රක්ෂිතයේ අක්කර නවය හමාරක කංසා හේන් සමූහයක් වටලා තණමල්විලට ගංජා බෙදන බව කියන ඩප්පි චමින්දගේ ගෝලයන් තිදෙනකු ද, කතරගම හා තිස්සමහාරාමයට ගංජා බෙදන මුදලාලි කෙනකුගේ සගයන් අට දෙනකු ද අත්අඩංගුවට ගෙන ඇතිමලේ පොලිසියට බාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
පානමින් පසුගිය 17 වැනි දා වනාන්තරයට ඇතුළු වූ සෙබළු කැබිලිත්තේ සිට කිලෝමීටර 15ක් ඈත මහ කළේ කුඹුක්කන් ඔය ඉවුරේ වගා කර තිබූ අඩි හතරේ පහේ කංසා ගස් 26000ක් ද, වෙළෙඳපොළට යැවීම සඳහා සකසා තිබූ කිලෝවේ පැකට් විශාල තොගයක් ද සොයා ගත්හ.
එම ගංජා ගෙනියන්නට ආ දෙදෙනකු ද, ඔවුන්ගේ යතුරු පැදි දෙක ද සොයා ගත් බවත් විශේෂ කාර්ය බළකාය පවසයි.
මිටි බැඳ තිබූ ගංජා රාත්‍රී කාලයේ ගෙන යෑමේ අදහසින් යතුරුපැදිකරුවන් දෙදෙනා එහි වාඩිවල සිටි පුද්ගලයන් සමඟ බෝතල් පාටියක් දමා ඇත. තුවක්කු හතරක් ද සමඟ දස දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
කංසා ගස් ද, ගංජා ද ගිනි තබා විනාශ කැරිණි.
ගංජා කිලෝවක වීදි මිල රුපියල් 15000කි.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රණවිරුවෝ එදත් දක්ෂයෝ අදත් දක්ෂයෝ හැමදාටම වීරයෝ.(හේ)