(ප්‍රසාද් රුක්මල් සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය ) 

ඇල්ල ගොටුවල මීරියකැලේ ප්‍රදේශයේ   මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය ඇල්ල  පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරීන් පිරිසක් අද (30) අලුයම පිහියකින් කපා කොටා දැමීමෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය පවසයි .

පොලිස් නිළධාරින් පිහියකින් කපා කොටා දමා පළායාමට උත්සහ කළ නාවික හමුදාවෙන් පලා ආ නාවික හමුදා සෙබලෙකු  එම  අවස්ථාවේ  සෙසු පොලිස් නිලධාරීන් විසින් මහත් වෙහෙසක් දරා  අත්අඩංගුවට ගෙන තිබේ.

අත්බෝම්බයක් , අයිස් මත්ද්‍රව්‍ය , උල්පිහියා 2ක්, රම්බො පිහියක් ද ඔහු සමඟ පොලිස් බාරයට ගෙන තිබේ.