
(රෝෂන් තුෂාර)
මුර සංචාර , මත්ද්‍රව්‍ය වැටලීම් හා රථ වාහන රාඡකාරිය කරන පොලිස් නිළධාරින් පිළිබඳව මහමග රැඳී සිටිමින් වට්ස් ඇප් සමාජ ජාලය ඔස්සේ අපරාධකරුවන් දැනුවත් කළ දෙයියන්දර ප්‍රදේශයේ සැකකරුවන් දෙදෙනෙකු ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(14) නියෝග කළේය.
පරපාමුල්ල දෙයියන්දර රවිදු දිල්ෂාන්(අවු 23)හා කැටියපේ, දෙයියන්දර අමිල උදයංග(අවු30)මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
පොලිස්පතිවරයාට ලද තොරතුරක් අනුව රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
කාන්තා පොලිස් පරීක්ෂක නදීකා දිසානයක, උප.පොලිස් පරීක්ෂක වරුන් වන ඉසුරු ගුණතිලක , සම්පත් පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රදීප්, කේෂාන් , අයේෂ් යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වගෙන යනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජ මාධ්‍ය කිසියම් නීති රාමුවකට ගෙන ඒමට භාෂණයේ නිදහසට මුවා වෙලා විරැද්ධ වෙන්නෙ මෙන්න මේ වගේ තක්කඩි.