නව සමසමාජ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමේ අවස්ථාවේදී එම පක්ෂයෙන් තරග කරන අපේක්ෂක වටරැක විජිත හිමි ජාතික කොඩිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට විරුද්ධව පොලිස් මූලස්ථානයට අද (27) පැමිණිල්ලක් බාරදීමට නියමිත බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේක්ම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
වටරැක විජිත හිමියෝ ජාතික කොඩිය ගිනි තැබිය යුතු යැයිද එය ජාතීන් අතර අසමගිය ඇති කරතියිද යනුවෙන් දැඩි විවේචනයක් පසුගියදා සිදුකළ අතර ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට මෙතෙක් පැමිණිල්ලක් ලැබී නැතැයි පොලිසිය කියා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාට නඩු දාලා වැඩක් නැත . සොබාවයෙන්ම දඩුවම් ලබාවි (බ)
අපේ වටරැක හාමුදුරුවො ජාතික කොඩිය ගැන දන්නෑ වගේ ඒකනෙ ගිනිතියන්න ඕන කියන්නෙ අපේ හාමුදුරුවනේ විදේශිකයෙකු ඔයදේ කීවනම් ඉවසන්න තිබුන එ්ත් ඔබවහන්සේ වගෙ සිවුරු දරාගත්තු කෙනෙකු ඒ දේ කීම වටින්නෑ නේද අනික අපේ හාමුදුරුවනේ ජාතික කොඩිය කියන දේ රටට අභිමානය නේද ඔබවහන්සෙ කියන්නෙ ඒ අභිමානයට ගිනිතියන්න ඕන කියලද ඔබවහන්සෙ දන්නවද ජාතිකකොඩිය තුල ශ්‍රි ලංකාවෙ ස්ථිර පදිංචි හැම ජාතියක්ම නියෝජනය කරන බව එහෙනම් ජාතික කොඩිය කොහොමද ජාතික අසමගියකට හේතු වන්නෙ ඔබවහන්සේ මෙ කළ වරදට ජාතියෙන් සමාව ගත යුතුයි (බ)
දැන් බලමුකෝ වෙන්නේ මොකද්ද කියල (ම)
මේ රටේ නියම සිංහලකම, බෞද්ධකම ඇති ධනවතුනි , දැන්වත් මර නින්දෙන් නැගිටින්න. සිංහලයාට, බොදු අයිතිය හානි කරන අයට විරුද්ධව කටයුතු කිරීමට නීතිමය පියවර ගැනීමට සහය වන්න.(ම)
ඔන්න දැන් යහ පාලයකන්ට සහ FCID යට තමන්ගේ අපක්ෂපාතිත්වය පෙන්නන්න හොදම අවස්ථාව. දෙමල, මුස්ලිම් තීරු දෙක නැතිව කොඩියක් ගෙනගියාට හැඩ වැඩ දාලා ගම්පන්පිල මහත්තයව අත්අඩංගුවට ගත්ත වගේ වටරැක විජිත හිමිවත් අත්අඩංගුවට ගනීවිද කියල අපි බලන් ඉම්මු. (ස)
මෙයාට නඩු දාල වැඩක් නැහැ.ඕක ලෙඩක්...බාහු ගොයියාවත් එක්ක අල්ලලා අංගොඩ මාසයක් විතර නැවත්තුවනම් ඔය ලෙඩේ හොයා ගන්න තිබුන. (ස)
තීරු දෙකක් නොමැති ජාතික කොඩිය ප්‍රදර්ශනය කළාට කි දෙනෙක්ට නඩු දැම්මද , මේ වගේ සිදුවීම් වලට පොලිසිය මර නින්දේ. ඔය පක්ෂේ නායකයත් විධායක සභාවේ නියෝජනයක් (ම)