‘ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ජන අරගලයකින් ඉදිරියට ගෙනයමු‘ තේමාවෙන් යුතුව නව සම සමාජ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද මරදාන සමාජ හා සාමජයික කේන්ද්‍රයේදී එළිදැක්විණි.
එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක මහියංගණ ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී වවටරැක විජිත හිමියෝ රටේ වත්මන් දේශපාලනය ගැන අදහස් දැක්වූ අතර ශ්‍රී ලංකාවේ ජාතික ධජය ප්‍රසිද්ධියේ විවේචනය කළහ.
මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ නිර්දය ලෙස විවේචනය කළ වටරැක හිමියන්ගේ ඇතැම් ප්‍රකාශ ජාතික සමගියට හා සංඝරත්නයේ සමගියටද ප්‍රශ්න ඇති විය හැකි බැවින් පළ නොකරන බව කරුණාවෙන් සලකන්න.
ඡායාරූප - ගයාන් අමරසේකර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් මොනා හරි කරගනීද ? (බ)
නියම තැනට ගිහින් සෙට් වෙලා තියෙන්නේ. ගැලපෙනවා දෙන්න හොඳට (අ)
දෙන්නම රට පාවල දෙන්න දස්සයෝ (අ)
මොනවා කරන්නද මෙය අපේ ගමේ පන්සලේ නැතිකොට. (අ)
නියම බඩු දෙක එකතු වෙලා තියෙන්නෙ රයිගමයයි ගම්පළයයි වගේ දෙන්නම රටට ද්‍රෝහී වෙච්ච .(අ).
මෙයාලා ගැන ජනතාව බලාගනීවි (නි)
අනේ හාමුදුරුවනේ පන්සලේ පින් කැටයේ සල්ලි පන්සලේ දියුණුවට යොදවන්න.(ම)
එකම හිස් ගොඩයි (අ)
බත් රස දන්නෝ කෙත හදුනන්නෝ , කිරි රස දන්නෝ මවු හදුනන්නෝ, බත් සහ කිරි රස දෙකම නොදන්නෝ මිනිසත් බව ලැබ කුමට උපන්නෝ (බ)
තමන් වහන්සේගේම අත පය කපානොගත් එක ලොකු දෙයක් (නි)
එහෙනම් එයා හොඳ දක්ෂයෙක් වෙන්න ඇති (නි)
සාසනය විනාශ කරන අය ශාසනය තුලින්ම බිහි වෙනවා කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නෙ මේ හාමුදුරුවො ගැන වෙන්න ඇති (බ)
තවම එලවන්න බැරිවුණානේ (බ)
මාධ්‍යවේදීන් කරුණාකර මෙවැනි මාධ්‍ය සාකච්ඡා සඳහා නොයන්න (නදී)
දැන් අර කොතනද කරගත් තුවාලේ සනීපද? (නදී)
මෙයා මේ නින්ධා කරන්නේ සම්බුද්ධ චිවරේට (නදී)
ශාසනය විනාශ කරන අය ශාසනය තුළින්ම බිහි වෙනවා කියලා බුදධ ධර්මයෙත් සඳහන් වෙනවා (ම)
මෙයා නේද කැලේ ඉඳන් තනියම ආගම නැති කරගත්තෙ? (බ)
මේ වාගේ රැස්වීමක් මටත් පැය බාගයක් ඇතුලත අපේ ගමේ සංවිධානය කරගන්න හැකියි. (බ)
අපි නම් ඡන්දෙ දෙන්නෙ නැහැ ඔන්න (නි)
අර හොරු රැලක් පැහැරගෙන ගොස් පහරදීලා තිබුනේ මුන්වහන්සේට නේද? (නි)
පුදුම සෙනඟක්නේ අප්පා ඉන්නේ. තව හෝල් එකක් ගන්න තිබුනේ! (නි)
අහෝ හාමුදුරුවෝ නුදුටු මොක්පුර (ම)
කොසොල් රජුගේ සිහින සැබෑ වෙනවා (නි)
කොහොමත් ඕක තමා කරන්න ඕන (අ)
අනේ හාමුදුරුවනේ මොනවද මේ වැඩ? (නි)
අර ඉස්සර රෝහලේත් හිටියා නේද? (නි)
මේ වගේ හිමිවරුන් ගැන මුලින්ම අනාවැකිය කිවුවේ ගංගොඩවිල සෝම හාමුදුරුවෝ. එය දැන් ඇත්තක් වෙලා. (නි)
සූ ගාල 10 දෙනෙක් විතර එකතුවෙලා නිර්ධන පන්ති විප්ලවයකට. මේ වගේ අය මැති සබයට යවන ජනතාවත් මේ වගේම අය වෙන්න ඕනෑ. (නි)