ජාතික බළසේනාවේ ලේකම් හා මහියංගන ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රි වටරැක විජිත හිමියෝ සිකුරාදා (23) මහා රාත්‍රීයේ ගිරාඳුරුකෝට්ටේ අලුයටවෙල මහවැලි මහා විහාරයට එද්දී අලි අබැද්ධියකට මූහුණ පෑහ.
වල් අලින්ගෙන් ගහන එම ප්‍රදේශයට පෙරදින රාත්‍රීයේදී වල් අලින් ආ බැවින් ඔවුන් එළවන්නට ගැමියෝ අලි වෙඩි පත්තු කළහ.
විජිත හිමියෝ ද අසළ කලෑවේ ගසකට නැගුණාහ. ඒ හිමියන් ගස මත ම රැය පහන් කළ බව දැනගන්නට ඇත.
බොදු බල සේනාව හා මේ හිමියන් අතර කොළඹ නිපෝන් හෝටලයේ දී සති කිහිපයකට පෙර ගැටුමක් ද ඇතිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධර්ම සංඝායනාවක් කරන්න කාලය ඇවිත් වගෙයි.(නදී)
මෙතනවත් හරි හැටි සමගියෙන් ඉන්න බැරි අපේ අයට වෙන අයත් එක්ක කොහොම සමගියෙන් ඉන්නද. එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරැද්දට මුළු සනුහරේටම වැරදි කියන එක අනුමත කරන්න බෑ. අපි කියලත් සියයට සීයක්ම නිවැරදී නැති නිසා. අන්තිමට අපි හැමෝම ලාංකිකයෝ. (ස)
මේ තරම් බය අපේ ආගමට අපහාස කළ නිසාද? (ස)
ඔබ කල පවු පටිසන් දෙනවා. (ස)
සමහර අපේ අයට ඕවා දකිනකොට ගොඩයට මැජික් වගේ.(නදී)
බුදු හාමුදුරුවොත් දුෂ්කරක්‍රියා කළා නේ. (ස)
ලසිත, මෙම ස්වාමින් වහන්සේ කරපු ප්‍රකාශයක්වත් බලන්නේ නැතුව මෙතෙක් කල් කොහෙද හිටියේ, එව බලලා තිබුණා නම්, මම ආගම් බේද,ජාති බේද කියන කෝණයෙන් කතා කරනවා කියන්නත් බැහැ , වැස්සකට ඉස්කෝලේ යන්න ඕනෙත් නෑ, දකුණේ හොඳ බෞද්ධයෙක් වෙන්න ඕනෙත් නෑ, ලංකාවේම ඉන්න ඕනෙත් නෑ. (ස)
මාර වැඩේ කියන්නේ මාධ්‍ය වලිනුත් එතන ඉදල ඡායාරෑප ගන්න. කාව රවට්ටන්න ද ? (ස)
මම හොඳ බෞද්ධයෙක් ලෙස වටරැක විජිත හිමියන්ට ගරුකරනවා. මෙතුමා නීති ගරුක ස්වාමින් වහන්සේ කෙනෙක්.(නදී)
හර්ෂ හරි, මෙතන සමහරු තමන්ගේ මතය විතරක් හරි කියලා හිතනවා. එක්කෙනෙක් ඉන්නවා කාන්තාවක් අදහසක් ලිව්වොත් ඔන්න කුලප්පු වෙනවා. ඉතින් නම් ගම එක්ක අර කාන්තාවන්ගේ බවලත් කම උපහාසයක් කරගෙන බනිනවා. අපි හැමෝගෙම ප්‍රජාතන්ත්‍රවාදී අදහස් වලට ගරු කරලානේ පුවත් පතින් මෙහෙම සංවාදයකට ඉඩ දීලා තියෙන්නේ. ඇයි ඒ ටිකත් රණ්ඩුවට යොදා ගන්න හදන්නේ. (නදී)
ලසිත, අසංක විදේශයන්හි කරන සේවය තේරුම් ගැනීමට වෛරයෙන් , පටු මනසින් බලන අයට තේරුම් ගැනීමට බැහැ. ආගමික සංහිදියාව යනු අන් මතවලටත් ගරු කිරීමයි. එය නරක දෙයක් නොව හොඳ දෙයකි. බුදු සමිඳාණන් මෙය අනුගමනය කල දෙයකි. නොදන්නේ නම් සිහ සේනාපති සුත්‍රය, උපාලි සුත්‍රය බලන්න. හාමුදුරුවන් ගස් නැගීම( ජීවිතය උදෙසා) විනය පිටකයේ අනුදැන වදාළ දෙයකි. දහම ගැන නොදැන සංඝයාවහන්සේට ගැරහීම අකුසලයකි. (නදී)
හර්ෂ සහ කෙවින් මහත්මාවරුනි, ඔබේ අවංක අදහස් වලට මගේ ආචාරය. (ස)
අලින්ට වෙඩි තිබ්බ එක ගෙන මෙම වටරැක හිමියන් සිතන්ට එති බොදු බල සේනාවෙන් ඇවිත් මොහුට වෙඩි තියන්න යනවා කියා . සිතේ ඇති බියට ගසට නැග්ග මිසා . අසාවට නොවේ . මරණ බිය කාටත් එකයි (අ)
වටරැක හිමියන් සියලුම අාගමි ධර්මවලට ගරුකරමින් ධනාතමක පසුබිමක්තුල සුබවාදී අාකල්පයක් දරන උත්තමයෙක් සමහරුන්ට ඒවා දාරගැනීමටනොහැකි වීම කණගාටුවට කරුණක් (අ)
වැරදී වැඩ කලාම මරණ භය දැනෙනවා (අ)
මට නම් අර ෆොටෝ එකයි අදහස් ටිකයි දැක්කම පැටලෙනවා. මම නම් මිට කලින් මේවගේ ඒවා දැකල නැහැ. මෙතන අදහස් ලියන අය මිට කලින් මේවා දැකල තිබෙනවද? පොරපිටිය සකස් කර ගත්තේ සිවුර මතද? මෙවැනි දේවල් සිදුනොවීමට කටයුතු කල හැකි බලධාරීන් ලංකාව තුල නැද්ද? බුද්ධ ශාසනයේ නායකත්වය කොහිද? කොතැනක හෝ යම් ගැටළුවක් ඇත් නම් ලෝකයා හිනස්සනේ නැතිව එය විසඳීමට තරම් මැදිහත් කරුවෙකු නැද්ද? (අ)
කවුරුන් විසින් හෝ මේ රටේ සංඝ බේදය ඇති කලා. ඒ කලාවූ මහා පාප කර්මයට දඬුවම යථාකාලයේදී ඔවුනට ලැබෙයි. (නදී)
"බුදුබණ කිවත් නිරන්තරේ...බුදුබණ ඇසුවත් නිරන්තරේ...ගතිගුණ අතින් අපි තව මත් වනන්තරේ...(නදී)
අජිත් මම කිව්වේ මේකයි, එලිය වැටෙනකොට (උදේ පහ හමාර, හය ) වන විට අලි කැලේට යනවා. එ්ත් අව්ව වැටෙනතුරු ( උදේ හත පමණ ) හාමුදුරුවෝ ගහ උඩ මොකද යන්නයි. මේවා ගැන (මන උස්ස) අපි මිට වඩා තික්ෂනව බැලිය යුතුයි.(නදී)
වටරැක හිමියෝ මහියංගනේ අලිත් එක්ක ජීවිතේ බේරගන්න සටන් කරනවා.
මම නම් කියන්නේ භික්ෂුවකට දේශපාලනය තහනම් කියල .වහාම මේකට පියවරක් ගන්න ඕන .චීවරයට තිබෙන ගෞරවය නැති වෙන්න දෙන්න බැහැ. (ස)
කලාව, රසවිඳීම මොටවූ , රටේ ඉතිහාසය බිඳකුදු නොදන්නා අමනයන් අතට තාක්ෂණය ලැබීමෙන් සිදුවන සමාජ හානිය සමහරක් අදහස් තුළින් මතුවන තවත් යථාර්තයකි. (ස)
දේශපාලනය නිසා අපේ හාමුදුරුවරු පිරිහුණා. ඒත් දේශපාලනය දැනගෙන කරන හාමුදුරුවරුත් ඉන්නවා. කනගාටුයි ගස් නැගීම ගැන නෙවේ. (නදී)
චන්ද්‍රා, ඔබ කලාත්මක රස විඳීමේ කෝනයකින්ද මේ පුවත හා ෆොටෝ එක දුටුවේ? (නදී)
වටරැක විජිත හිමියන්ට මෙසේ ජීවිතේ බේරගන්න ගස් නගින්න වෙලාතියෙන්නේ ඒ හිමියන් ඉතා දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශයක ජීවත් වෙන නිසයි. බෞද්ධකම රැකගන්න කියල ගිහියන්ටත් වඩා පහත් අන්දමින් හැසිරෙන සමහර හාමුදුරුවරු ජීවත් වන්නේ නාගරික ප්‍රදේශවල ඉතාම සුඛ විහරණයෙන් යුතුව, ඉතින් උන්වහන්සේලාට ජීවිත බේරගන්න ගස්නගින්න ඕන වෙන්නේ නැහැ. හේතුව බලය ඇති අයගේ ආරක්ෂාව, ආශීර්වාදය ලැබෙනවා පිටරටවලින් මුදල් ගලාගෙන එනවා. ඒවගේ හයිය පෙන්වමින් අධිපතිවාදීන් වගේ හැසිරෙනවා. බෞද්ධකම තියෙන්න ඕන තමන්ගේ ප්‍රතිපත්තියෙන් මිසක් අනුන්ව තලා පෙලීමෙන් නොවෙයි. බුදු රජාණන් වහන්සේ බලපෑම් කරලා, බලහත්කාරය යොදලා කිසිවෙකුගේ අදහස්, හැසිරීම් වෙනස් කරන්න ගියේ නැහැ. (නදී)
සමහරු අදහස් දමා තිබෙන්නේ, අර වලස ගහට නැග්ග එකයි මේකයි එක සමානයි වගේ කියල හිතාගෙන වෙන්න ඇති. ඇනගන්න හොඳ ටොක්කක්, එතකොටවත් මොළය ටිකක් පෑදෙයිද කියල බලන්න. (අ)
මේ හිමියන්ට හරිම කරදර තම වෙන්නේ බොදු බලේට බයේ හිටිය දැන් නිකම් වෙඩි පතු වෙනකොට ගස් නගිනවා පපෙක හැටි. (අ)
හතර අතට වෙඩි තබනු.!විසි හතර පැය මරණ බියෙන් ජීවත් වෙන්නට තරම් පව් කල උන් දිවි නසාගන්නා දිනයද වැඩි ඈතක නොවේ.ජාතියත් දේශයත් පාවා දීම මරණ බය ගෙන දෙන්නකි. (අ)
ඊයේ වලහෙක් ගහ උඩ. අද හිමිනමක් ගහ උඩ. හෙට..? (අ)
පින්තූර පත්තරේට ඔය ඉක්මනට ආවේ කොහොමද? ගරු වට රැක විජිත හිමියනි, ඔබ වහන්සේ ඇයි බෞදධයින්ව ආගම පිළිබඳව දැනුවත් නොකරන්නේ? සිංහලයින්ගේ වැරදි ඇත්නම් ඒවා නිවැරදි කරන්ඩ. ඔබලා දෙපලගෙන්ම ඉල්ලනේ මේ ජරා දේශපාලනයෙන් අයින් වී සමාජයට, සිංහලයාට හෝ අනෙකුත් අයට බුදුදහම නිවැරදි ආකාරයට අදහන හැටි කියා දෙන්ඩ. (නදී)
අපේ හාමුදුරුවෝ තාමත් ගහේද? බිමට වැඩියා කියලා තොරතුරක් නම් දැන ගන්නට නෑ.(නදී)
වටරැක විජිත හිමි කොහෙද මහා රාත්‍රියේ වැඩියේ.(නදී)
සංඝයා වහන්සේලා දේශපාලනය කිරීමට පටන් ගැනීම තමයි මේ හැම දෙයටම හේතුව. භික්ෂුන්ගේ දේශපාලනය, ගිහි දේශපාලනඥයන්ගේ දේශපාලනයට වඩා උතුම් එකක්. එ්ත් දැන්, සිදුවී ඇත්තේ එහි අනිත් පැත්ත. සර්, ජෝන් කොතලාවල මහත්මයා කියපු කතාව අද ඉන්න සෑම භික්ෂු දේශපාලනඥයෙකුටම ගැලපෙනවා. (නදී)
කව්ද අප්පා ෆොටෝ ගත්තේ (අ)
මෙතන ප්‍රතිචාර දක්වල තියෙන සමහර අය ආගමික සංහිදියාවක් ගැන කතා කරනවා. මේ අය කවදා හරි තේරුම් ගනී ඇත්ත මොකද්ද කියලා.(නදී)
වටරැක හාමුදුරුෙවා් නිහතමානි ගුණගරුක මෙන්ම සමාජයට අාදර්ශයක් (නදී)
ලසිත මම දමාම් වල. මමත් දමාම් වල අපේ ලංකාවේ මුස්ලිම් අයත් එක්ක ඉතාමත් සහයෝගයෙන් ඉන්න කෙනෙක්. ඇයි අපේ ලාංකික අයට මේ වගේ ඉන්න බැරි. (නදී)
බුද්ධශාසන අමාත්‍යංශයට කරන්න බැරිඋන දේවල් බොදුබල සේනාවෙන් කරලා තියනවා .දුටුගැමුණු රජ්ජුරුවන්ගේ චතුරංගනි සේනාවේ ඉදිරියෙන්ම වැඩමකලේ මහා සඟරුවනලු . (අ)
ඔයතරම්ම බයෙන් ජීවත්වෙන්නේ මොකද? (නි)
හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබේවා! (නි)
මට මේක පැහැදිලි නෑ (අ)
මේ සිද්ධියේ මුලික වරද අලියන්ගේ. (අ)
පවු. මොනවා වුණත් මරණ බිය කාටත් දැනෙනවා (නි)
හාමුදුරුවන්ව හොඳටම බයවෙලා වගෙයි (නි)
අපේ රටේ සියලුම නායකයන් ඉන්නේ මරණ බයෙන් නේද? එක නිසා නේද ආරක්ෂාවට විශාල පිරිසක් තියාගෙන පාරේ යන්නේ? නායකයන්ට දැනෙන මරණ බය මොකක්ද දන්නේ නැහැ නේද? (ස)
හොද නුවණක්කාර හාමුදුරු කෙනෙක් . අපි අගේ කරන්න ඕනේ (අ)
මේ පින්තුර නම් උදේ හතට විතර ගත්ත ඒවා ඉරත් පයලා. එතකම්ම ගහ උඩ මොකද කලේ. පත්තරෙන් එනකම් හිටියවත්ද? කව්ද බොරු කරන්නේ? කාටද මේ බොරු කරන්නේ ? (අ)
ඔය ප්‍රදේශවල ජීවත් වන මිනිසුන් දන්නවා, අලි එනවනම් ගහක් උඩට නගින්න ඕන තමයි තරාතිරම මොකක් උනත් ඕක අලුත් දෙයක් නෙවෙයි අපිටත් ඔය අත්දැකීම් හොඳට තියනවා. මතක් වෙනකොටත් අසයි ! බයයි ! දැන් ඉතින් ඒවාට කාලයක් නැහැ ඒවා විඳගන්න . ඒ ගැන දුකයි ! (අ)
නිර්භිත හිමිනමක් ,නුවණක්කාර හිමිනමක්,රටට අවශ හිමිනමක්. (අ)
භික්ෂුවක් වෙලා මරණ බියෙන් ජීවත් වෙන්නේ ඇයි? මීට වඩා දරුණු වල් සතුන් මැද්දේ මහා වනයේ ජීවත් වුණ අපේ සිල්වත් භික්ෂුන් මේ විදියට බයෙන් මුසපත් වුණේ නැහැ. (නි)
ලංකාවේ බුදුදහම අදහන අය වේගයෙන් අඩුවෙනවා.මෙහෙම ගියොත් තව වසර 60 - 70 කින් පමණ බුදු දහම රටෙන් තුරන් වේවි. (නි)
මෙතන පොඩි පටලැවිල්ලක් වෙලා තියෙන්නේ. මම කිව්වේ ධර්ම සංගායනාවක් තියන්න කියල විතරයි. පෙනෙන විදිහට තවත් ලලිත් කෙනෙක් ලියනවා නැතිනම් මම වෙනුවෙන් ලියන මහත්තයෙකුත් පිළිතුරු දෙනවා. (ස)
කලින් දවසක වලහෙක් නැග්ග අද තව කෙනෙක් නැගල හෙට මොකෙක් ගස් නැගීද දන්නේ. ජාති ද්‍රෝහී,දේශද්‍රෝහී වැඩ කලාම හැම තිස්සෙම ඉන්න වෙන්නෙ බයෙන් තමයි. (අ)
ලසිත සහ අසංක සහෝදරයා වෙත.ඔයාල කියන විදිහට අපි සහයෝගෙන් ඉමු.අපිට වැඩ සිදු වුණාම ආගමික සහජීවනය , සන්හිදියවානේ,කියල ඉවසමු.පොඩ්ඩක් නිවුස් එහෙම බලන්න.(අ)
අසංක .., ඒක අපේ සිංහලයාගේ ගතිය, ඒකයි මෙතන වෙච්ච වැරැද්ද..!! (අ)
ලසිත,අසංක සුන්නත් මංගල්ලය එකම දවසක ගන්න.මම ඉන්නේ ටිකක් දුර යන්බුවල. හැබැයි කොහොම හරි එනවා. (අ)
ඇයි බැරි කියල අසංක ලංකාවට ඇවිල්ලම බලන්නකෝ.
මේ හාමුදුරුවෝ ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්න පුලුවන් කෙනෙක් කියලයි මේවා දකිනකොට මට හිතෙන්නේ (නි)
ලලිත් ල දෙන්නෙක් ලියලා වගේ තමා පේන්නේ. සුගත් ලාත් දෙන්නෙක් ඉන්නවාද දන්නේ නැහැ. තමන්ගේ අදහස ලියලා අනුන්ගේ මතය ඉවසන්න බැරි එකේ විපාක තමා මේ. එක ලලිත් කෙනෙක් හරි මේ පටලැවිල්ල ලිහාපු එක හොඳයි. නැති නම් තාමත් සුගත්ගේ ලේ කෝප වෙලා. (නදී)
අපේ ගම්වල නම් බේදයක් නැතුව හැමෝම සමගියෙන් ජීවත්වෙනවා (නි)
මාගේ ගුරුවරයාණන් වන්නේ මාගේ බුදුපියාණන් වහන්සේය. උන්වහන්සේ කියා පෑවේ හිංසාවෙන් කවදාවත් කිසිම කෙනෙකුට මෝක්ෂයක් නොලැබෙන බවයි. එකී නෙකා අවබෝධයෙන් කටයුතු කළ යුතු බවතය (නි)
හාමුදුරුවෝ පවු කියලා හිතෙනවා (නි)
වැඩි වෙලාවක් යන්න කලින් හර්ෂගේ කියමන හරි කියලා ඔප්පු වුනා. ලලිත් කියන නම අල්ලාගෙන දොස් කියලා අන්තිමට ලොකු පටලැවිල්ලක් . තමන්ගේ අදහස කියලා පාඩුවේ හිටපු අයට මේ පටලැවිලි මොනවත් නැහැ. (නදී)
මම මේ ප්‍රියාටයි කියන්නේ. මම මේකට උත්තර දෙන්න කිව්වේ බුද්ධිමත් අයට පමණයි.ඔබේ කතාවේ හැටියට ඔබ වැස්සකටවත් පාසල් ගියාද කියන එක සැකයි. ළිං මැඩියා කිව්වේ මටද?මම දකුණේ හොඳ බෞද්ධයෙක්.ඔබ ආගම් බේද,ජාති බේද කියන කෝණයෙන් බලා ප්‍රශ්න දිහා බලන්නේ නැතුව අපි ඔක්කොම ලාංකිකයෝ කියලා හිතන්න පුරුදු වෙන්න (නි)
කකුල් දෙකේ වන සිවුපාවුන් සිටිනා බව වටරැක හිමියන් තේරුම් අරන් තියෙන්නේ. එවැන්නන්ගෙන් මේ හිමියන්ගේ ජීවිතය ආරක්ෂා කර ගත යුතුයි.(නදී)
මේ සිදුවීමේ ඡායාරූප ගත් පුද්ගලයා නම් සැබෑ දක්ෂයෙක් (නි)
මේවා දැකලා බෞද්ධයා හිනා වෙනවද? අඬනවද? ඇස් වහ ගන්නවද? ලැජ්ජාද? කණගාටුද? සන්තෝෂද? අහක බලා ගන්නවද? මොකද අපි කරන්නේ? මට නම් නොතේරේ.... (නි)
කරන දේවල් හැටියට යන්න වන්නේ ගස් උඩට නෙවේ. (අ)
හාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්.... ඉතින් මෙහෙම තමන්ගේ ආරක්ෂාවට කළ එකේ වරදක් මම දකින්නේ නැහැ (නි)
හාමුදුරුවන්ට වුණත් මරණ බය දැනෙනවා. ඒක ගැන අපි හාමුදුරුවන්ට බැනලා වැඩක් නැහැ (නි)
කවුරුමොනවා කිවුවත් අයුක්තිය වෙනුවෙන් යුක්තිය ඉටුකරන්න ඉදිරියට එන හිමි නමක් තමයි වටරැක විජිත හිමි කියන්නේ. (ස)
ඔයාලට පෙනෙන දෙයට වඩා වැඩි දෙයක් මෙතැන තියනවා.. මේ හැමදේම දේශපාලනය .....(ස)
අනේ කාලේ ගසේ වාසේ... කිවුවලු. (නි)
ඔයින් බේරුනා ඇති... (නි)
අපේ හාමුදුරුවන්ට සියලු දෙවි දේවතාවුන්ගේ අාරක්ෂාව ලැබේවා! (නි)
වටරැක විජිත කයන්නේ "බ්‍රහ්ම දණ්ඩනයට" නියම උන භික්ෂුවක්. නියම බෞද්ධයින් දන්නවා එකේ තේරුම. මොහු මොන තරම් සිංහල ජනතාවට, බෞද්ධයින්ට නිගා දෙන ප්‍රකාශ මුස්ලිම් පල්ලිය තුලදී ප්‍රසිද්ධියේ නිකුත් කරලා තියනවද. බොදු බලයෙන් එකට දඬුවන් දෙන්න වෙඩි පත්තු කරනවා කියලය් ගහට නැගල තියෙන්නේ (දී)
අපේ ගරු සඟ පරපුරෙහි ඉදිරි අනාගතය කෙබඳු වේවිද? (නි)
ලලිත්, ප්‍රාර්ථනා කළොත් බුදු දහම ලබන්න පුළුවන් ලබන ආත්ම වලත්. ඒකට පිරිසිදු ශ්‍රද්ධාව දැනුම ඕනෑ.ලෝකයේ සුළු ජාතියක් වන ලාංකිකයන් ගැන කතා කිරීම ජාතිකත්වයයි. බලන්න තිබුනා මේ පිරිස ඇමරිකාවේ ඉපදුනා නම්, ඉර හඳ දකින්නේ නැහැ. (නි)
ලලිත්, ඊළඟ ආත්මයට යන්න පෙර මේ ආත්මය ගෙවලා ඉන්න ඕනෑ. ඔයාලා වගේ අය ඉන්නකොට ඊළඟ ආත්මය ලංකාවේ ඉපදුනත් වැඩක් නැහැ. (නි)
දැන් හාමුදුරුවරුන්ටත් මරණ බිය ඇති වෙලා..? (නි)
සුගත් මම අවබෝධයෙන් මගේ ආගම පිළිපදනවා. අනුන්ගේ ආගම් වලට ගරහන්නේ නැහැ. මේ ආත්මය හොඳින් ගත කරන්න ඕන නිසා තමා අනුන් ආගම අදහන හැටි විවේචනය නොකර තමන්ගේ ආගම හරියට පිළිපදින්නේ. (අ)
ලලිත්, නිකම් බොරුවට කෑ ගහන්නේ නැතුව ඉන්න. ජගත් ඔයාට හොද පිළිතුරක් දීල තියෙනවා. (අ)
ලලිත් ඔය කියන්න මම කොතනද අනිත් ආගම් වලට ගැරහුවේ කියල. සිංහල තේරුම් ගන්න බැරි අවුලක් තියෙනවද ඔයාට? (අ)
සුගත්, ඔබ ලලිත් ගැන කතා කළේ කුසල් සිතකින්ද අකුසල් සිතින්ද? අනුන්ට එක ඇඟිල්ලක් දික් කරනකොට තමන්ට ඇඟිලි හතරක් දික් වෙනවා. ලලිත්ට ලසිත්ට නෙමෙයි ඔබටයි බුදු දහමේ මුලික කරුණු මතක නැති වෙලා තියෙන්නේ. (නි)
සනත්, මේක වුණේ මහ රෑ, පස්සේ ආරක්ෂාවට හිටපු පොලිසිය 119 එකට කිව්වා, පස්සේ පොලිසිය ඇවිත් හාමුදුරුවෝ හොයල කැලේ පිරුවා. ඒ අතර ගම්මු, පත්තරේ අය ගොඩක් ආවා ඒකයි වුණේ. මාධ්‍යයට තියෙන ඇස මේ මාධ්‍යෙව්දියාටත් එසැණටත් තියෙනවා. එසැණ කියනේ එසැණින්න කියන එකයි නැත්නම් සිද්ධියක් වෙලා අවුරුද්දක් ගියට පස්සේ ඒ ප්‍රවෘතිය කියන එක නොවෙයි. (අ)
කොහොමද අපි ලාංකිකයන් විදියට සමගියෙන් ඉන්නේ. මෙතනම රණ්ඩු කර ගන්නවා.ගහට ගියේ හාමුදුරුවෝ .ඒ වුණට ගහේ නැගලා ඉන්නේ මෙතන සමහර පාඨකයෝ. (අ)
සුගත් අපි සුගතියේ ඉපදෙන්න නම් , අනිත් උදවිය සමග සුගතිගාමී විදියට ම කටයුතු කරමු. දැන් ඔය ලලිත් සමග තිබෙන්න පටලැවිල්ල අත හරිමු. (අ)
මාර බලවේගයක නායකයෙක්.(අ)
මිනිස්සුත් පුදුම වැඩනේ කරන්නේ, මෙහෙම හාමුදුරුවන්ව බය කරන්න (නි)
එදා වලහා ගහ උඩට ගිය පුවතට අදහස් ලියලා සමහරු රණ්ඩු වුනා. අද හාමුදුරුකෙනෙකු ගහක් උඩට ගිය එකට මත ගැටීමක්. (අ)
මේ වගේ දේවල් සංඝයා වහන්සේ කෙරෙහි මහජනයාගේ ගරුත්වය නැති කරනවා. කවදාවත් මෙවැනි දර්ශන අපි බලාපොරොත්තු වුණාද ? (අ)
බය වී තියෙන ප්‍රමාණය මුහුණෙන් ම පෙනෙනවා (අ)
මේ දේවල් වලින් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා මම අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ (නි)
බුදු බණ බොරු වෙන්නේ නැහැ කවදාවත් (නි)
මිනිසුන් මරණයට මෙපමණ බිය ඇයි? (නි)
ඔන්න මම යෝජනා කළා මේ ගස් නැගීමේ පුවත් සහ පාඨක මත ගැටුම් ගැන පර්යේෂණ කෘතියක් එලි දක්වන්න. " පුවත ගහේ..වලිය මෙහේ!" (නදී)
අපොයි දෙවියනේ! (නදී)
මෙම හාමුදුරුවන් වහන්සේ අලි වෙඩි නිසා ගහ උඩ රැය ගතකරපු එක මෙතරම් වාද විවාද කර ගත යුතු දෙයක්ද? (නදී)
වටරැක හිමියනි, බුදුදහම අනුව මිනිසුන්ට ජීවත් වෙන්න ජීවිතේ සාර්තක කරගන්න උදව් කරන්න. ඔබ වහන්සේට ඒ පිනම ඇති.(නදී)
බිමල් ,මෙතන බොහෝ විට මත ගැටුම් වෙන්නේ , පුවතට අදාලව තමන්ගේ මතය ලියනවා වෙනුවට අනෙකුත් අයගේ මතය විශ්ලේෂණය කරන්න යන එක සහ නම් ගම සඳහන් කරමින් කරන උපහාස අපහාස. (නදී)
සෞදි වල සෑම ආගමකම අය එකමුතුව කටයුතු කරනවා. ඒ කිසිම තැනක ආගම සම්බන්දව කිසිවක් කතා කරන්නේ නේ නැහැ. හැම දෙනාම කටයුතු කරන්නේ ශ්‍රී ලාංකිකයෝ විදිහට විතරයි. අපි ඕන තරම් වැඩ සටහන් කරලා තියනවා කවදාවත් ප්‍රස්න ඇතිවෙලා නැහැ. කිසිම කෙනෙකුටවත් ආගමක් ජාතියක් ගැරහීමට කිසිම අයිතියක් නැහැ. ආගමික වශයෙන් නමුත් ලංකාවේ සිදු වෙන්නේ මෙයට වැඩිය හාත්පසින් වෙනස් උන දෙයක්.(නදී)
මෙහි තිබෙන ප්‍රතිචාර ඔක්කොම වගේ වෙනත් අදහසක් මුදුන් පත් කරගෙන ලියපුවා. හර්ෂ කියන්න වගේ අනුන්ගේ මතය සහ උපහාස තමයි වැඩිය තියෙන්නේ. මෙම ස්වාමින් වහන්සේ කරපු ප්‍රකාශයක්වත් බලන්නේ නැතුව මෙසේ අදහස් දක්වන්නේ එක අන්තයක සිට බව පැහැදිලියි. මොනවා උනත් මෙම වකවානුවේ අපේ නිර්මල බුදු දහම ඉදිරියේ තිබෙන අභාග්‍ය සම්පන්න තත්වයට අපේ ස්වාමින්වහන්සේලාම තමයි වගකිව යුත්තේ කියලයි මගේ නම් අදහස.(නදී)
ධර්මය අදහන්නේ නැති අය නිසා පන බයෙන් ජීවත් වෙන්න වෙනවා . (නදී)
අනුන්ගේ දේවල් සොයා සොයා ඉන්නේ නැතිව ආගම් කුල භේදයක් නැතුව එකා මෙන් නැගී සිටිමු . අපේ මේ දුප්පත් රට දියුණු කරමු සියලුම ශ්‍රී ලාංකිකයන් එකතු,එකමුතු වෙලා. තමන් විතරක් හරි කියල හිතන උදවිය අනුන් හෙලා තලා අදහස් ඉදිරිපත් කරන්නේ නැතිව සාමය සමගිය මෙතනින් වත් ලොවට දෙමු. හැම ආගමක්ම ඒ ඒ ආගම් අදහන අයට වටිනවා (වෛරයෙන් වෛරය නොසන් සිදේ) (නදී)
මොන දේටත් ඇනකොටා ගන්නමයි හදන්නේ. අනේ මන්දා උගත්, බුද්දීමත්ලු. (නදී)