රාත්‍රී සහ අළුයම කාලයේ පැවති තද සුළං තත්ත්වය මේ වනවිට පහවගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ඩී.කාරියවසම් මහතා පවසයි. මධ්‍යමකඳුකරයේ බටහිර බෑවුමට, බස්නාහිර හා දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකට හා වෙරළබඩ ප්‍රදේශවලට මෙම සුළඟේ බලපෑම් සිදුව ඇතැයි ද ඒ මහතා කීවේය. ඇතැම් ස්ථානයන්හි පැයට කිලෝමීටර 100 ට ආසන්න වේගයකින් සුළං හමා යන්නට ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිරිතදිග මෝසම් සුළං සක්‍රීය වී ඇති බැවින් විටින් විට තද සුළං තත්ත්වයන් හටගන්නා බවත් සෑම අවස්ථාවකදීම ඒ පිළිබඳ පූර්ව අනතුරු හැඟවීම් සිදුකිරීමට කටයුතු කැර ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න කාලගුණ අනාවැකියක් .... ඉදිරි පැය 24 කාලය තුල වහින්නත් පුළුවන්, නොවහින්නත් පුළුවන් හුළං හමන්නත් පුළුවන් , හුළං නොහමන්නත් පුළුවන්.....
මේක එනවා කියන දවසට එන්නේ නැ එන දවසට කියන්නේ නැ අනේ මන්ද අපේ දෙපාර්තමේන්තුව නම්
හේවගේ, මේ දවස් වල වැඩිය එළියට යන්න එපා.ඔයාගේ ආචාර්ය කෑල්ල ගහගෙන යන්න පුලුවන්
ඇතැම් ස්ථානයන්හි පැයට කිලෝමීටර 100 ට ආසන්න වේගයකින් සුළං හමා යන්නට ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි ???????
එහෙමනම් ෂුවර් එකටම අද සුළං එන්නේ නෑ...
අපෝ මොන කෙනාද මෙය කියන දේවල් විශ්වාස කරන්නේ , අද මොන හුලගක්වත් එන එකකක් නැහැ බය වෙන්න එපා,,,,,,,,
කියනකොට වැඩේ කෙරිලා ඉවරයි.....
අමිල ටිකක් සංවරව අදහස් දක්වන්න....
පළ කළහැකි දේවල් පමණක් එවන්න ස්තුතියි
හුළං හමනකොට හුළං හමයි කියලා කියන්න අපේ සීයටත් පුලුවන්
රත්නපුරේටත් තද සුළං හමපු බව දෙපාර්තමේන්තුව දන්නේ නැතුව වද්ද?
සැඩ සුළං හමන්නේ සැර විදුලි කොටන්නේ සටපට ගාලා හෙණ ගෙඩි පුපුරන්නේ ගස් අඹරන්නේ වහළෙට කඩා වැටෙන්නේ මින් බේරෙන්නට කාටත් බැහැනේ
ඔයාලා බය වෙන්න එපා.අද වහින්නෙත් නෑ.හුළං හමන්නෙත් නෑ.