කොළඹ සරසවියේදී සිසුන්ගේ වටිනා ජංගම දුරකථන සොරාගත් එහි හිටපු ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු අද (22) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සිසුන් සිය ගමන් මලු සරසවි භූමියේ ගස් යට තබා දේශනවලට ගොස් සිටින අතරේ ඒවා මුරකුටියට රැගෙන ගොස් දුරකථන සොරාගෙන ඇතැයිද ඒවා වෙනත් පුද්ගලයින්ට අලෙවි කර ඇතැයිද පොලිසිය පවසයි.
සොරාගත් ජංගම දුරකථන රුපියල් 50,000, 85,000 හා 1000,00 වටිනාකම්වල ඒවා බවද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ආරක්ෂක සේවය පෞද්ගලික කරලා (කලින් ආණ්ඩුවi කලේ). නුසුදුසු අය තැන් වලට පත් කරලා. කලින් තිබු විශ්ව විද්‍යාල ආරක්ෂක සේවය ඉතා ඉහල. ඔවුන් දන්නවා සිසුන්ගේ හැසිරීම් ගැන. ඔවුන් එකිනෙකාට ගෞරවයෙන් හිටියේ. ඒ කාලේ මෙහෙම් ප්‍රශ්න තිබුණේ නෑ.(ම)
ඔයතරම් වටිනා ජංගම දුරකතන ඒ වෙලාවට ක්‍රියාවිරහිත කරලා තමන් ළඟ තියාගත්තා නම් ඔවැනි ප්‍රශ්නයක් ඇතිවන්නේ නැහැනේ. (නි)