දොඩංගොඩ කෙත්හේනේ දී පොලිස් යතුරුපැදියකට වෙට්ටු දමමින් ගිය බව කියන ත්‍රී රෝද රියක සිටි අයිය මලෝ දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පළා ගිය සෙබළෙකු බව කියන අයියා ද පොළොන්නරුවේ කඳවුරක කමාන්ඩෝ සෙබළෙකු බව කියන අනෙක් පුද්ගලයෙකු ද එසේ අතුඅඩංගුවට ගත් බවත් කමනේඩෝ සෙබළා ත්‍රීරෝද රිය ධාවනය වෙද්දීම යතුරු පැදියට පහර දෙන්නට උත්සහ කර අැතැයි ද කියති.
ඒ අවස්ථාවේ පාරේ ගිය ජංගම පොලිස් රියක සහායෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවත් නවත්වීමට කළ නියෝගය නොතකා ධාවනය කළ නිසා ටයරයට වෙඩි තැබීමට සිදු වූ බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
691
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙට්ටුවෙන් අයියා මලෝ කූඩුවට යති
සුරංග Tuesday, 05 April 2016 01:35 PM
මෙතෙන තියෙන්නේ රණවිරු ප්‍රශනයක් නෙවේ .මේ රටේ ඇතිවී තිබෙන නොහික්මුණ ත්‍රිවිල් රියදුරන් ගැන ප්‍රශනය .ඔවුන් නීති විරෝදිව වාහනය දාවනය කරද්දී යමෙක් බැන්නොත් ඒ පුද්ගලයාට පහරදීමට එනවා .නැතහොත් තර්ජනය කරනවා එහෙමත් නැතිනම් ත්රිවිලය පාර මැද එකවර නවත්වනවා මේක ත්‍රිවිල් මාෆියාවක් සමාජ උවදුරක්. (ර)
පිටිගල මිලානෝ Tuesday, 05 April 2016 03:07 PM
අද රෑට රසට පොලිසියේ කෑම හම්බවෙයි වැදූ මෑණියන් මතක් වෙන්න.(බ)
විජේරත්න Tuesday, 05 April 2016 08:31 AM
දැන් ඉතින් හංගපු ආයුධ පෙන්නන්න එක්කගෙන යයිද දන්නේ නැහැ නේද.(හේ)
චානක Tuesday, 05 April 2016 08:48 AM
පරණ කෝන්තරයක් වගේ (හේ)
සංජු Tuesday, 05 April 2016 09:00 AM
එහෙනම් රිමාන්ඩ් කරාට කමක් නෑ.(හේ)
උපාලි Tuesday, 05 April 2016 09:08 AM
රණවිරුවන්ට කරදර කරනවා කියල දැන් ඉතින් අඬ හැරේ පටන් ගත්ත නම් හොඳයි නේද?(හේ)
අසෝක Tuesday, 05 April 2016 09:27 AM
මෙන්න රණවිරුවන්ට කරදර කරනවා. (ර)
අජිත් Tuesday, 05 April 2016 09:55 PM
සුරංග, යුද්ධය අවසන් වුණාම සෙබළුන්ගේ මානසිකත්වය නොහැදීමත් මේ වගේ දේවල් වලටත් අනිත් අපරාධ වලටත් හේතුවක්. අවුරුදු ගානක් යුධබිමක හිටපු සෙබළුන්ගේ මානසිකත්වය ගැන කියන්න දෙයක් නැහැනේ (නි)
ශාන් Tuesday, 05 April 2016 11:38 AM
කෝ මේ එකාබද්ධ විපක්ෂය මෙන්න රණවිරුවන්ට කරදර කරනවා උද්ඝෝෂණය කරපල්ලා (හේ)
රණසිංහ Tuesday, 05 April 2016 01:02 PM
පොලිසියේ අය ගැනත් හොයලා බැලුවනම් හොදයි මොකද පොලිසියත් හොද වැඩ කරන්නේ නැහැනේ මොනවා හරි දෙයක් ඇති ඔතන (හේ)
ඉසුරන්දි Tuesday, 05 April 2016 01:15 PM
විනයක් නැතිකම. කොලුකමට කලත් පොලිසියත් එක්ක සෙල්ලම් හොඳ නැහැනේ. (ර)
චාමර Tuesday, 05 April 2016 01:19 PM
දේශපාලන කන්නාඩි දාගත්තු අයට රණවිරුවයි, හමුදාවේ ඉන්න අයි ආර් සී කාරයන්වයි වෙන්කරලා අදුන ගන්න බැහැ. (ර)