IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


වට්ටක්කා ගොවියා හාන්සියි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වට්ටක්කා මිල  පහත වැටීම නිසා විකුණාගත නොහැකිව ගොවිහු දැඩිව අසරණ වී සිටිති

වට්ටක්කා කිලෝවක මිල රුපියල්  අටත් දහයත් අතර  ඇතැයි ඔවුහු පවසති.

අනුරාධපුරය, තන්තිරිමලය හා වව්නියාව වැනි පෙදෙස් වලින් වැඩි වශයෙන් දඹුල්ලට වට්ටක්කා ලැබේ.

DSC03742 DSC03744 DSC03745 DSC03748

 

 



අදහස් (0)

වට්ටක්කා ගොවියා හාන්සියි

සිතුමිණි Saturday, 06 September 2014 12:42 PM

වට්ටක්කා ගොවියෝ හාන්සි උනාට කෘෂිකර්ම ඇමතිලා හාන්සි වෙන්නෙත් නැහැ. කෘෂි ලොක්කෝ හාන්සි වෙන්නෙත් නැහැ. ඒ දෙගොල්ලොම රට යනවා මිසක් ලංකාව ගැන බලන්න වෙලාවක් නැහැ. අනේ පවු ඇමතිලා සෙට් එකයි, ලොක්කෝ ටිකයි. (නදී)

:       0       0

විධුෂක Friday, 05 September 2014 07:05 AM

මේ අහිංසක මිනිස්සු ඉතින් හැමදාම තම දරු මල්ලන් එක්ක සාදුකින් තමා පෙලි පෙලී ඉන්නේ. දුප්පත් මිනිස්සු ගැන කිඹුල් කදුළු හෙලන අපේ "රතු" සහෝදරයෝ ටික දැන් ඌවට ගිහිල්ල ඉන්න නිසා මේ අය ගැන බලන්න කාල වෙලාවක් නැතුව ඇති. පව්! පරම්පරා ගානක් තිස්සේ දුක කරපින්න ගත්තු අහිංසකයෝ. මොවුන්ට කවදා අඳුරෙන් මිදී එළියක් දකින්ට ලැබේවිද? (ස)

:       0       0

ඩෙනිස් Thursday, 04 September 2014 03:07 PM

මේවා රට යවන්න විදිහක් බලන්න (නි)

:       0       0

සෙන්සාන් Friday, 05 September 2014 07:27 AM

අතිරික්ත නිෂ්පාදන විනාශවීමට ඉඩහැරීම බරපතල අපරාධයක් නිසා අතුරු නිෂ්පාදන ඇතිකරන්න රජය සෘජුවම මැදිහත් වියයුතුයි.ගොවියා ආරක්ෂා නොකරන්නේ ඇයි? ඔවුන්ට අවශ්‍ය උපදේශනය ලබා නොදෙන්නේ ඇයි? අපිට ආසියාවෙන්ම මේ පිළිබඳ ආදර්ශ ලබාගන්න පුලුවන් රටවල් කොච්චර තිබෙනවාද? (නි)

:       0       0

ටෙක්ලා Friday, 05 September 2014 07:50 PM

වට්ටක්කා ගොවියා ගැන ඇත්තටම කණගාටුයි (නි)

:       0       0

සුගුනවති Saturday, 06 September 2014 12:50 PM

මම නම් වට්ටක්කා කාපු කාලයක් මතක නැහැ (නදී)

:       0       0

සුගුනවති Saturday, 06 September 2014 12:56 PM

සමන්ති, ඔයාම කියන්නකෝ මොනවගේ දේවල්ද වගා කරන ඕනේ කියාලා එතකොට එයාල එම දේවල් වගා කරාවී (නදී)

:       0       0

සිතු Friday, 05 September 2014 07:35 AM

ජයා, ෆේස්බුක් මිතුරෝ පිටුව හොයා ගන්නේ කොහොමද? එ්කට එකතු වෙලා උදව්වක් කරන්න. (ස)

:       0       0

දනීෂා Friday, 05 September 2014 07:49 AM

දේශීය ගොවිතැනට හොඳ දිරිගැන්වීම් දෙන්න ඕනෑ. මට නම් හිතාගන්න බැහැ ඇයි මෙහෙමෙ වෙන්න ඉඩ තියන්නේ කියලා (නි)

:       0       0

දනීෂා Friday, 05 September 2014 07:53 AM

මේ ජනතාව ගැන කවුද බලන්නේ? මොන වරදක් කළාටද මෙහෙම වෙන්නේ? (නි)

:       0       0

සමන්ති Friday, 05 September 2014 10:30 PM

ඉස්සර වට්ටක්කා හැදුනාම ගෙදර අවුරුද්දක් තියාගන්න පුළුවන්.දැන් එහෙම වට්ටක්කා නැහැනේ.එළවලු වියළා තියාගන්න ක්‍රමයක් යෙදුවොත් හොඳයි. අපි වවනකොට සැවොම වවන්නේ එකම වර්ගයක් විතරයි .මිශ්‍ර වගාවන් කරනවා නම් මිල අඩුවෙන්නේ නැහැ (නි)

:       0       0

මහේන්ද්‍ර Thursday, 04 September 2014 04:26 PM

අපි නම් පොළෙන් ගන්නේ කිලෝවක් රුපියල් 70ට (නි)

:       0       0

මහින්ද ඉතාලි Thursday, 04 September 2014 04:30 PM

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැළසුමක් ඇතුව ගොවියන් දැනුවත් කළයුතු වෙනවා, පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට එළවලු වර්ග වගා කිරීමට. ගොවියන් හිතුමතේට වගා නොකර සියලුදෙනාම එකතුවී එළවලු වර්ග බෙදාගෙන වගාකළහොත් ගොවියන් මේ තරම් අපහසුතාවයකට පත්නොවන බව මගේ අදහසයි (නි)

:       0       0

වීරසිංහ Friday, 05 September 2014 08:47 AM

ජයා, ඔයා ඒක කරන්න. උතුරු මැද මිනිස්සුත් අසරණ වෙලා ඉන්නේ. ෆේස් බුක් එකට ගිහින්වත් උදවුවක් කරන්න බලන්න ඕනෑ (නි)

:       0       0

ජයාත් Thursday, 04 September 2014 05:13 PM

මේ රටේ ගොවියට වී ටික විකුණාගන්න බැහැ. එළවලු පලදාව වැඩි කාලෙට විසිකරනවා, නැති කාලෙට ගිනි ගණන්. පසු අස්වනු හානිය දරාගන්න බැරි අගයක්. ඇමතිලා, නියෝජ්‍ය ඇමතිලා, තව කප්පරක් උදවිය ඉන්නවා. නමුත් මේකට විසඳුමක් නැහැ. මොන ආණ්ඩුවත් එකයි ඒ වුණාට මොකද මේ ගොවියෝම එකතු වෙලා ලබන සැරෙත් මෙයාලා වගේම කට්ටියක් පත්කරාවි (නි)

:       0       0

මහින්ද කේ ගොඩගේ සීෂෙල්ස් Thursday, 04 September 2014 06:24 PM

සුගුනවති, ඉල්ලන කාලෙට සපයන්න අමාරුයි. සපයා තියන දේට සාධාරන මිලක් කාගෙන්හරි ඉල්ලලා දෙන්නකෝ, අපේ බඩවියත රැකගන්න (නි)

:       0       0

සෑම් Friday, 05 September 2014 10:33 AM

අනේ බලනකොට හරිම දුකයි. අපි ලබන පාරත් මෙයාලවම පත් කරමු. (නි)

:       0       0

රත්නායක කොරියාව Thursday, 04 September 2014 11:02 AM

වට්ටක්කා උනත් දේශීය දෙයක්. මේවට මිලක් දෙන්න ඕන. මේ මිනිස්සු මහන්සිවෙලා වගා කරපු දේවල් වලට සාධාරණයක් කල යුතුයි. (ස)

:       0       0

දයා අලහකෝන් Thursday, 04 September 2014 11:08 AM

අනේ අපේ දුප්පත් ගොවියා අසරණ කරන්න එපා. වට්ටක්කා ගෙඩියක් අවුරුද්දක් වුනත් තියා ගන්න පුළුවන්. මේවා සාධාරණ මිලකට අරගෙන ඒ විධියට කල් තියා ගත්තොත් හොඳයි නේද? (ස)

:       0       0

අජිත් ප්‍රංශය Thursday, 04 September 2014 11:15 AM

වට‍ීටක්කා වලට ඇමතියෙක් පත්කලානන් ඉවරනේ (නදී)

:       0       0

සමන්ති Tuesday, 09 September 2014 12:15 PM

අපට අවැසි බොහෝ දේ ගෙන්වන්නේ ඉන්දියාවෙන් නේද? (නි)

:       0       0

අජිත් ප්‍රංශය Thursday, 04 September 2014 11:23 AM

වට්ටක්කා ඇමතිකම ගීතා නෝනට දුන්නානන් හොදයි නේද (නදී)

:       0       0

රේණු Thursday, 04 September 2014 11:30 AM

වට්ටක්කා ගෙඩියක් අවුරුද්දක් තියාගන්නේ කෙසේද ? (නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 04 September 2014 09:57 PM

ඔන්න ෆේස් බුක් මිතුරන්ට තියෙනවා කරනවා නම් හොඳ වැඩක්. මේ වට්ටක්කා තොගයම සාධාරන මිලකට අරගෙන ගෙනියමුද සිතුල්පවුව පැත්තට. අලි හරිම කැමතියි වට්ටක්කා කන්න (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 06 September 2014 05:02 AM

ඕව විකුණගන්න බැරිව කුණු කුඩේට දාන්න නම් එපා. අර කෑම නැතුව සාගින්නේ ඉන්න සත්තුන්ටවත් ගිහින් දාන්න විසිකරනවා නම්. (නදී)

:       0       0

ටිරෝන් Thursday, 04 September 2014 11:55 AM

ඒකට කොළඹ මිල අනේ මෙහෙම විකාරයක් (නදී)

:       0       0

දමින්ද ගුණසේන Thursday, 04 September 2014 11:57 AM

මේ ගොවිපොළවල අයටත් වට්ටක්කම කාලා තමයි ඉන්න වෙන්නේ (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Thursday, 04 September 2014 12:03 PM

වට්ටක්කා මොනතරම් ගුණදායක ආහාරයක්ද. නොකැපු ගෙඩියක් කාලයක් තියාගන්න පුළුවන් නරක් නොවී. ගොවියට කිලෝව 8/= -10/= යි. වෙළෙන්දා ග්‍රෑම් 500 විකුනන්නේ 40 /= - 50/=.යි. බොහෝ අවස්ථාවල පොලට වඩා ලාභයි සුපරි වෙළඳ සැලේ. ගොවියට සහනයක් වශයෙන් මෙවැනි අවස්තාවකදී ,හමුදා ,වරාය,ආරෝග්‍යශාලා ,මුළුතැන් ගෙවලට ,අලෙවි කිරීමේ වැඩපිලිවෙලක් හෝ ස.තො.ස.පිළිසරණක් වෙන්නේ නම් මහඟු පිනක්. ගොවියාගේ දුක සැප බලනවා තියා නිවාඩුවක් (නදී)

:       0       0

සමන් Thursday, 04 September 2014 12:08 PM

වට්ටක්කා වගාව නවත්තලා අපේ කට්ටිය එක්ක එකතු වෙලා කුඩු විකුණ්න්න ගත්තා නම් මෙහෙම වෙන්නේ නෑ නේ. (නදී)

:       0       0

මාලා Thursday, 04 September 2014 11:43 PM

මම මුල‍ින්ම දැක්කහම හිතුවේ යාල සතුන්ට දෙන්න ගෙනියන ඒවා කියලා. (නි)

:       0       0

ඉර්ෂාඩ් ඉසාඩීන් Thursday, 04 September 2014 12:08 PM

ඌව පලාතට යැව්වා නම් ඡන්ද ටිකක් හරි ලැබේවි (නදී)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Thursday, 04 September 2014 12:13 PM

ඒ මේ දවස්වලනෙ? පහුගිය කාලේ වට්ටක්කා කන්න ගිහින් අපි හාන්සි වෙලා හිටියේ. කිලෝ එක රුපියල් 160 නැඟලා තිබුනා ගිය මාසෙත්. (නදී)

:       0       0

මර්ටිය Friday, 05 September 2014 01:32 PM

බැසිල් ඇමති තුමා ට පුළුවන් මේක කරන්න සංචාරක හොටෙල් වලට ගන්න කියන්න වට්ටක්ක සුප් , පොල් කලවම් කරලා තම්බපු වට්ටක්ක කන්න සුද්දොත් කැමතිය තව අතුරු පස හදන්නත් පුලුවන්න් තැම්බූ වට්ටක්ක පාන් පිටි බිත්තර කලවම්ම් කරලා පැස්ටා වර්ග හැදුව හැකිය සංචාරක හෝටල් හිමියෝ අත දෙන්න මේ ඔබගේ රටේ ගොවියාය . (අ)

:       0       0

ශාන් ගමගේ (ඕමාන) Thursday, 04 September 2014 12:22 PM

පලදාව වැඩි කාලයට ඔහොම වෙනවා. සමහරදාට එයාලට වියදමත් නැහැ ගෙනියන ලොරි කුලියත් නැහැ. මේක එදා ඉදන්ම වෙන දෙයක් මමත් ඔය විදියට එළවලු අරන් ගිහින් මගේ අතින් වියදම් කරලා ආපු දවස් තියෙනවා. මගේ වාහනයට කුලිය ඉල්ලන බැරි අවස්ථා වල මම මගේ දවසේ වියදම නැතිව තේල් මුදල ගත්ත අවස්තා තියෙනවා. අන්තිමට හයර් ගිහින් මට අතින් වියදම් , මොකද මම වගේම එයාලත් අසරණ මිනිස්සු , දුක හොදට විදවපු අය දන්නවා , මෙයාල විදින දුක. හැම වෙලාවෙම අතරමැදියා තමයි ලාබය ගන්නේ. (නදී)

:       0       0

නවුෆල් Friday, 05 September 2014 01:38 AM

පවු අසරණ මිනිස්සු! (නි)

:       0       0

සුගුනවති Thursday, 04 September 2014 12:34 PM

මේ ගොවියන් දන්නේ නැද්ද ඉල්ලුම-සැපයුම මත මිල තීරණය වෙනවා කියලා (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 04 September 2014 12:33 PM

රේණු, දන්න කෙනෙකුගෙන් අහලා දැනගන්න කල්තබාගන්න විදිය (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 05 September 2014 02:04 AM

කවදත් අසරණ වෙන්නේ එළවලු ගොවියොයි, පාරිභෝගිකයි විතරනේ. වෙළෙන්ඳා තමයි දිනන්නේ. මෙතන වෙලා තියෙන්නේ ගොවියෝ අසරණ වීමක්. මහින්ද-ඉතාලි ගේ අදහසට මමත් එකඟයි. ඔබ කියන ආකාරයට වගා කරන ගොවීන් දැනුවත් කරන කෘෂි වැඩ පිළිවෙලක් බොහොම ඉස්සර තිබුනා. දැන් එම ක්‍රමවේදයන් නැහැ. එ්කට රජයේ අවධානය ඉක්මනින් යොමු කලොත් හොඳයි කියන එකයි මගේ අදහස. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 04 September 2014 12:45 PM

දැන් ලංකාවේ තිබෙන ලාබදායීම වෙළදාම කුඩු වෙළදාමයි. වෙළෙන්දාත් ගොඩ.රටත් ගොඩ. අනාගත දරු පරම්පරාවත් ගොඩ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 04 September 2014 12:43 PM

අපි වවමු.අපි වැනසෙමු. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 04 September 2014 12:47 PM

ලංකාවේ රතු හාල් ටික ගන්න,කොහිල අල ටිකක් ගන්න ,පොලොස් ගෙඩියක් ගන්න, දඹල ටිකක් ගන්න අපි සිකුරාදා වෙනකම් බලා ඉන්නවා. ඉන්දියාව කරපිංචා කොලේ ඉඳලා එළවලු පලතුරු සියල්ලම දවසේ පැය 24 පුරා මේ රටට එවලා හොඳ අදායමක් උපයා ගන්නවා.අපේ රටේ ඇමතිවරු එකසිය ගානක් නෙමෙයි 1000 ක් පත් කළත් රටට වැඩක් තියෙනවද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 04 September 2014 12:48 PM

මෙහෙ ඉන්දියාවෙන් එන වට්ටක්කා කිලෝ එකක් රුපියල් 100 ක් විතර වෙනවා. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 04 September 2014 01:04 PM

පොහොර රුපියල් 1000ක ගන්නකොට රුපියල් 400 ක රක්ෂණය කියලා ගොවියාට වදදෙනවා.පාරිභෝගික අපිට බදු ගහලා වදදෙනවා.මේ විදිහට බදු ගහලා අසරණ කළොත් ඉදිරියේදී දරුවන් සමඟ ගඟට මුහුදට පනින්න තමයි අපිට සිද්ධවෙන්නේ. (නි)

:       0       0

කුමාරන Thursday, 04 September 2014 01:05 PM

වට්ටක්කා යනු එළවළුවක් පමණක් නොවේ. වට්ටක්කා ඇට වලින් ඉතාම මිල අධික තෙල් හදන්න පුළුවන්. ඒ වගේම වට්ටක්කා ඇට පාන් නිෂ්පාදනයට යොදාගන්නත් පුළුවන් (නි)

:       0       0

ගාමිණී Thursday, 04 September 2014 01:09 PM

මොනරාගල හා පස්සර , වියලුව ප්‍රදේශ වල ගොවි මහත්වරුන්ට නම් මෙදා වාසියි. එහෙ වට්ටක්කා ගණන්. මොනරාගල ගොවියෝ ඇත්තටම හරි සන්තෝෂයෙන් ඉන්නේ (නි)

:       0       0

අජිත් Friday, 05 September 2014 03:27 AM

හිර කරුවන්ටත් දෙන්න පුළුවන් (නදී)

:       0       0

සම්පත් Friday, 05 September 2014 03:39 AM

තම්බලා කන්න පොල් සමඟ. හරිම රස කෑමක්. (නි)

:       0       0

හසිත Thursday, 04 September 2014 01:48 PM

අවුලක් නැහැ යුද්ධය දිනුවනේ (නදී)

:       0       0

වසන්ති Thursday, 04 September 2014 01:46 PM

අැයි වෙළඳ ඇමතිට බැරිද මේවා මිලට ගෙන ලංකාව පුරා බෙදා හරින්ඩ. දැන් මොනරාගල පැත්තට ගිහිල්ල එහෙ අයව අාස්චර්යට ගෙනියනවා. බස්නාහිර පලාතට සතොස මගින් වික්ක හැකියි. (නදී)

:       0       0

සිල්වා Thursday, 04 September 2014 01:52 PM

හොදට ඉදුණු සහ හොදම තත්වේ තියන වට්ටක්කා ගෙඩියක් අවුරුදු 3ක් තියාගන්න පුලුවන්. කාමර උස්ණනත්වය තුල වතුර නොවැටෙන ආකාරයෙන් ගබඩා කල යුතුය. ඇමරිකාවේ ජර්මනියේ රසකැවිලි සහ අතුරුපස හදනවා වට්ටක්කා වලින් එලෙස හදන ආහාර ලොකු මුදලකට අලවි කරන්නේ.(නදී)

:       0       0

දිලාන් Thursday, 04 September 2014 01:55 PM

ගාමිණීගේ අදහස මමත් අනුමත කරනවා. සමන් නම් දාලා තියෙන්නේ මෝඩ අදහසක්. එ්ත් එකෙත් පොඩි ඇත්තක් තියෙනවා . කමක් නැ යුද්දේ දිනන්නනේ (නදී)

:       0       0

රන්ජිත් Friday, 05 September 2014 04:49 AM

‍දුක්විදලා වගා කරලා පාඩුවට දෙන්නේ කොහොමද? ප්‍රධාන පාරක් අයිනට ගෙනවිත් විකුණන්න බලන්න. (අ)

:       0       0

දමිත් Friday, 05 September 2014 05:01 AM

අතර මැදි වෙළෙන්දා ගසා කන නිසා ගොවියෝ අමාරුවේ . අනික වට්ටක්ක කියන්නේ ඉස්සර මිනිස්සු කුසගිනි නිවාගන්න බාවිතා කල ප්‍රදාන ආහාර වේලක්. ඉස්සර හාල් හිගයට කදිම විසදුම වුණේ වට්ටක්කා (අ)

:       0       0

සුමිත් Thursday, 04 September 2014 02:23 PM

මැති ඇමති වරුනි , කරුණාකරලා දැන්වත් මේවා හොයල බලන්න. නැති නම් ගෙදර යන්න. මේවා ජාතික අපරාද (නදී)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ Thursday, 04 September 2014 02:33 PM

වට්ටක්කා වැනි එලවළු වලින් එතනෝල් හදන්න බැරිද​ ? නැතිනම් ලබන කන්නෙදිවත් මෙහෙම නොවේවා කියල හිතාගෙන​, යාල කෑම නොමැතිව සිටින සතුන්ට යවන්න​. (නදී)

:       0       0

නලීන් Thursday, 04 September 2014 02:45 PM

වෙනවට කියනවා නෙමෙයි. ඉතින් මේ ගොවි මහතුන්ගේ දුපුතුන් වන තරුණ පරම්පරාව කුඩු විකුණන්න, බැංකු කඩන්න, කප්පම් ගන්න යොමුවෙන එක අහන්නත් දෙයක්ද? (නි)

:       0       0

ජනිත් Friday, 05 September 2014 06:51 AM

වට්ටක්කා සඳහා තව එක ඇමති වරයෙකු, පිපිඤ්ඤ සඳහා තව ගරු ඇමති තුමා පත් කොට ඒ අයට උප ඇමති බානකුත් දුන්න නම් මේ ප්‍රශ්නයට විසඳුමක් ගත හැකියි වෙයි. විදුලි බල ඇමතිනිය වට්ටකා ඇමති බවටත්, තෙල් ඇමතිට පිපිඤ්ඤ ඇමති කමත් යෝජනා කරන අතර වීරවංස මහතාගේ පක්ෂයට උප ඇමති කම් දෙක ලබා දුන හොත් 40% පඩි වැඩි වීම ඉල්ලන එකක් නෑ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 340 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 562 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 385 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 680 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1313 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 619 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1302 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1549 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site