වැට් බද්දට විරෝධය පළ කරමින් අද (7) කලවාන නගරයේ සියලු කඩ සාප්පු වසා විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.
නගර මධ්‍යයට පැමිණි විරෝධතාකරුවෝ සටන් පාඨ ඔසවමින්, රතිඤ්ඤා දල්වමින් උද්ඝෝෂණයේ යෙදෙති.
කලවාන හිටපු ප්‍රාදේශීය සභා උප සභාපති ප්‍රියන්ත අතුකෝරළ, හිටපු පළාත් මන්ත්‍රී චමින්ද ඉන්ද්‍රප්‍රිය ඇතුළු විපක්ෂ දේශපාලනඥයන් පිරිසක් ද උද්ඝෝෂණයට එක්ව සිටිති.
මේ අතර වැට් බද්දට විරෝධය පාමින් අද (07) හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකද කඩ සාප්පු වසා සාමකාමි විරෝධයක නිරත වුහ.
අම්බලන්තොට, හුංගම, නෝනාගම, අඟුණුකොළපැලැස්ස , ආදී ප්‍රදේශවල එසේ කඩ සාප්පු වසා දමා ඇත.
අැඹිලිපිටියේ පැවති වැට් විරෝධී පාගමනට හාමුදුරුවරු ද වැඩම කළහ.
ජායාරූප - යසිත නලීන් ජයවීර
ඡායාරූප - සනත් ගමගේ
ඡායාරූප - පැතුම් සංකල්ප


![ambalantota_nagaraya[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/ambalantota_nagaraya1.png)
![ambalntota_malu_market[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/ambalntota_malu_market1.png)



COMMENTS
මේක නම් අලුත්ම පෙරලියක්. (හේ)
රට පුරා වෙළඳුන් හර්තාල් පවත්වන්නේ මාසික පිරිවැටුම මිලියනය ඉක්මවූ වෙළඳුන්ට පනවන 15% වැට් බද්ද ඉවත් කරන ලෙසයි (හේ)
ලුම්බිණි පරාජිත දේශපාලකයෝ ඉන්න ඕනේ පාර්ලිමේන්තුවේ විතරද ? (බ)
මොකද පරාජිත දේශපාලකයන් උද්ඝෝෂණයට එන්නේ? (බ)
ලුම්බිණි ගැන ආඩම්බරයි. (නි)
පැරදුනාට ඒ අයත් රටේ පුරවැසියෝ අනෙක දේශප්‍රේමී ජනතාව ඔව්න් සමගයි. (බ)
ඇත්තට මේ උද්ඝෝෂණය කරන අය වැට් එක ගැන දන්නවද? දැනට 11% ක් සහ ඊට කලින් 20% අයකළ බව මේ අය දන්නේ නැහැ. අනික උද්ඝෝෂණය කළයුත්තේ අප පාරිභෝගිකයන් මිස කඩහිමියන් නොවේ. (නි)
මේ උද්ඝෝෂණ වලට සහභාගිවෙන අති බහුතරය වැට් කියන්නේ මොකක්ද, ඒකෙන් මොකක්ද වෙන්නේ, ඒකෙන් එකතුකරගන්නා මුදල් කාගේ සුභසාධනය වෙනුවෙන්ද වැයකරන්නේ යනාදිය කිසිවක් දන්නේ නැහැ. කාගේ හරි කීමට කඩ වහනවා. ඊටපස්සේ අතට දීපු මොකක්හරි පෝස්ටරයක් උස්සාගෙන පාරවල් අවහිර කරලා මහජනයා ප්‍රකෝප කරවනවා. මේවා පසුපස ඉන්නා අයගේ බලාපොරොත්තුව මේ උද්ඝෝෂණයත් හලාවතක්, කටුනායකක් එහෙම නැත්නම් රතුපස්වලක් කරලා රජයට වරද පවරන්න (නි)
මටත් හිතුනේ වරුණ කියපු දේම තමයි.(හේ)
මේ උද්ඝෝෂණ හොඳයි. මහජනයාත් මේවට එකතු වෙනවා. කිසිම කෙනෙක් කැමති නැහැ අසාධාරන විදියට බදු ගෙවන්න. අපෙන්ම අරන් අපිට සේවය කරන්න නම් රජයක් වැඩක් නැහැ (නි)
මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයෙන් ඉවත් කරන්න හේතු වුන මුලික කාරණය ඔය විද්වතුන් කෙස් පැලෙන්න දෙන තර්ක විතර්ක නෙවෙයි. මුලික කාරණය ජනතාව දැරිය නොහැකි ආර්ථික පීඩනයකට ලක් කිරීම. ජනතාවට සහන සපයන නායකයාට, විධායක බලතලද තියෙන්නේ, කී වතාවක් බලයට පත් වෙනවද කියන කාරනා ජනතාවට වැදගත් නෑ. ජනතාව වෙනුවෙන් හොඳ සේවයක් කරන නායකයෙක්ව ජීවිත කාලයම වුනත් තියා ගන්න ජනතාව පසුබට වෙන්නේ නෑ. අන්න ඒ ටික මේ රජය තේරුම් ගත්තොත් හොඳයි. (බ)
රාමන්, ඔබගේ නොදැනුවත්කම ගැන කණගාටුයි. රජයක් කියන්නේ මහජනතාවගෙන් බදු අයකර ඒ මුදල් මහජනතාව වෙනුවෙන් වැයකරන ආයතනයකට මිසක් සල්ලි මවන තැනකට නොවෙයි. ලෝකයේ දියුණු යයි සැළකෙන රටවල වැට්, ජී එස් ටී වැනි බදු වලට අමතරව ආදායම් බදු මඟින් එකතු කරගන්නා මුදල් මහජන සුභසිද්ධිය සඳහා වැයකරනවා (නි)
මේ ගැන කිසි සද්ධයක් බද්ධයක් නෑ කාගෙවත්.(හේ)
මගේ වෙළද ව්‍යාපාරය වහන්න කියලා. දැනුම්. දීලා. මටනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. (හේ)
ඔය උද්ඝෝෂණ කරන එක මහතෙක්වත් නෙමෙයි වැට් ගෙවන්නේ, ජනතාව. ඕගොල්ලෝ පොත් වෙනස් කරලා බදු ගෙවන්නේ. ඉතින් වැට් වැඩිවීම ඕගොල්ලන්ට හොඳයි (නි)
කල්පනා කරද්දී ඔය හාමුදුරුවොත් වැට් ගෙවන ව්‍යාපාරිකයෙක් වෙන්න ඇති නේද? (නි)
චතුරිගේ වෙළද ව්‍යාපාරේ මැටි බඩුද විකුණන්නේ? (නි)
රටක් ගෙනියන්නේ මිනිසුන්ගේ බදු මුදල් වලින් තමයි , රටවල් දියුණු වෙලා තියෙන්නේ බදු ගහපු නිසා තමයි , අපි ඉතින් බලන් ඉන්නවා හැමදේම නිකන් දෙනකම් , අනේ ඉතින් මෙහෙවූ රටක් කවදා ගොඩ යයිද ? (බ)
මට නම් පෙනෙන විදියට ලොකුම හානිය බුද්ධාගමට කරන්නේ මෙවන් හාමුදුරුවරු. අපිට තියෙන්නේ ලොකු කණගාටුවක්. බුද්ධ ධර්මයට නිගාවක් දෙන වැඩ කරන්න එපා. දේශපාලනයට සම්බන්ධවන්න එපා. ඔබ වහන්සේලා, අපිව හරි මඟ යවන්න ඉන්න අපිව දුකින් ගළවාගන්න ඉන්න උතුමන්ලා. ඇයි මේ තත්වයට පත්වන්නේ? (නි)
විජේ ඕක කියන්න රතන හාමුදුරුවන්ටත් (බ)
හාමුදුරුවනේ, සම්මාදම් වට්ටිය වටේ යවල ඊළඟට වැට් වට්ටිය වටේ යවන්න (බ)