රුපියල් හාර කෝටියක වැට් බදු වංචාවේ වරද පිළිගත් හිටපු දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස් ඥාණසිරිද සොයිසා ජයතිලකට නියම වූ රුපියල් කෝටි 1198ක දඩය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ඔහුගේ වත්කම් රාජ සන්තක කිරීමට උසාවිය ගත් තීරණය අනුව ඔහුට අයත් කොළඹ කුරුඳුවත්තේ ඉඩමක් පවරා ගැනීමට යද්දී එම ඉඩමේ පදිංචිය ඉඩම් රෙජිස්ටරයෙන් කඩා ඉවත් කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ශානි ගුණරත්න මහතා කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකාද ලිවේරා තෙන්නකෝන් මහත්මියට දැනුම් දුන්නේය.
ජයතිලක දැන් වසර තුනක සිර දඬුවමක් ගෙවයි.
කොළඹ හත හේවා ඇවිනිව් හි මෙම ඉඩම ඔහු මිලට ගන්නට ඇත්තේ වංචා කළ මුදලින් බවත්, එම ඉඩම තෙවැනි පාර්ශවයකට විකුණා ඇති බව ඉඩම් ලේකම් කාර්යාලයයේ ලේඛන වල සඳහන් වී ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
මේ බව දැනුම් දීමට නීතිපති විසින් නඩුව කැඳැවුණේ මෝසමක් ඉදිරිපත් කිරීමෙනි.
ඉඩමට අදාළ සියලු ලේඛන ආරක්ෂා සහිතව තබා ගන්නා ලෙස ඉඩම් ලේකම්ට නියෝග කළ විනිසුරුවරිය ජයතිලක සතුව තිබී රාජ සන්තක කළ සියලු දේපොළ වල සහතික පිටපත් රහස් පොලිසියට ලබා දෙන ලෙස ඉඩම් රෙජිස්ටාර්ට නියෝග කළාය.
දකුණු ආසියාවේ විශාලතම වැට් බදු වංචාව එයයි. ජයතිලක ඇතුළු 14 දෙනෙක් චෝදනාවට ලක්වූහ.
රාජ සන්තක කළ ඉඩමක් වෙනත් පුද්ගලයකුට විකුණා ඇත්තේ කෙලෙසදැයි සොයා බැලීමට රහස් පොලිසිය පරීක්ෂණ පවත්වයි.
හේවා ඇවිනිව් හි මෙම ඉඩම රුපියල් කෝටි 14කට විකුණා ඇති බවත්, මෙම වංචනික ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා ඇති බවත් උසාවියේ දී කියැවිණි.
කොළඹ දිසා අධිකරණයේ නඩු ලේඛන ආරක්ෂා කරන ලෙස ද විනිසුරුවරිය නියෝග කළාය.
2004 සිට 2006 දක්වා කාලයේ වැට් බදු වංචාව කර ඇත.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැට් වංචාකරුගේ ඉඩම හොරට විකුණලා : පත්තිරු කඩලා
දිමුත් Wednesday, 22 April 2015 07:09 AM
මේ වැනි වංචා නොකරන්න සියලු ඉඩම් ලියාපදිංචි ආරක්ෂිත විදියට පරිගණකගත කල යුතුයි. (ස)
පියල් Wednesday, 22 April 2015 07:31 AM
නියම තීන්දුවක් (නි)
සසංක Wednesday, 22 April 2015 12:56 AM
මගේ දැනීමේ හැටියට නුගේගොඩ පැත්තෙත් ඔය වගේ ඉඩමක් තිබෙනවා (නි)
අනුර Wednesday, 22 April 2015 02:21 AM
මේ කාලයේ කවුද රට පාලනය කළේ? (නි)
යාපා Wednesday, 22 April 2015 02:50 AM
මහජන මුදල් වංචාකළ කිසිවෙකුට හොඳක් නොවේවා! (නි)
වෙදගේ Wednesday, 22 April 2015 04:36 AM
හොර බඩු මිලදී ගත්තෝ අමාරුවේ වැටෙති. (ස)
විජයබාහු Wednesday, 22 April 2015 06:35 AM
රනිල් චන්ද්‍රිකාගෙන් පටන් අරන් මහින්දගෙන් ඉවර කරලද නැත්නම් මහින්ද අවම වැඩේ නවත්වන්න වෙලාද. පැහැදිලි මදි.(බ)