‘වැට් රකුසාට වඩා ණය රකුසා විශාලයි වැට් රකුසා විනාශ කළ හැකියි. නමුත් ණය රකුසා පැටව් ගහමින් රටම ගොදුරු කරගන්නවා. එය පිළිකාවක් වගේ. පිළිකාවක් සුව කිරීමේදී ඇතිවන හෙම්බිරිස්සාවට දෝෂාරෝපණය කරන ආකාරයේ ක්‍රියාවක් බදු මිල ඉහළ දැමීම නිසා සිදුව තිබෙනවා‘ යැයි අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
බදු ඉහළ දැමීම නිසා රට පුරා ඇතිවී තිබෙන විරෝධතාවලට හේතු දැක්වීමට පිටකෝට්ටේ පිහි එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු එසේ කීවේය.

COMMENTS
මේ කතා වැඩක් නැහැ අපිට. බඩු මිල බොහොම වැඩියි, දුප්පත් අපිට ජීවත් වෙන්න අමාරුයි. ඉස්සෙල්ල ජීවන වියදම අඩු කරන්න. (හේ)
ණය රකුසා වැඩි නිසාද වාහන බලපත් ලබාදුන්නේ? (ම)
ඕගොල්ලෝ ඔහොම කතන්දර කියල ඔයාලගේ නායකයෝ අන්දන්න. අපි හොඳ ප්‍රෙස් එකක් කළා කියල. හැබැයි කඩේට යන අපි දන්නවා ඇත්ත. වැට් කියන වක්‍ර බද්ද ගහනකොට මිල ඉහළ යාම අනිවාර්යයි.මිනිස්සු ඉන්නේ හරිම අමාරුවෙන්. (බ)
ඕගොල්ලෝ ඔහොම කතන්දර කියල ඔයාලගේ නායකයෝ අන්දන්න. අපි හොඳ ප්‍රෙස් එකක් කළා කියල. හැබැයි කඩේට යන අපි දන්නවා ඇත්ත. වැට් කියන වක්‍ර බද්ද ගහනකොට මිල ඉහළ යාම අනිවාර්යයි.මිනිස්සු ඉන්නේ හරිම අමාරුවෙන්. (බ)
අනේ මහත්තයෝ, මම ඉනකම් මට කොහෙන් හරි ගෙනල්ල කන්න අදින්න දෙන්න. ඔය කියන ණය මගේ දරු මුනුබුරන්න්ට ගෙවන්න බැරිවයැ.(අ)
එතකොට රකුසෝ දෙන්නෙක්ලු ද? (අ)
කෝටි ගණනක වාහන ටිකක් ගත්තා නම් හරියාවි නේද? (නි)
එ්කද කෝටි 180 දීලා ඇමතියන්ට අලුත් වාහන ගෙන්නුවේ? මේ රට කන හැම කෙනාටම සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂවයි !! (නි)
ඔබතුමාලා විපක්ෂයේ ඉන්නකොට ණය රකුසා දැක්කා. එතකොට එදා ණය ගන්නේ නැහැ නමුත් බඩුමිල වැඩි නිසා බඩුමිල අඩුකරනවා කියලා සෑහෙන ගෝරනාඩු කළා. කරුණාකරලා අපිට ජනවාරි 8 වෙනිදා තිබුණු බඩු මිලවත් ලබාදෙන්න (නි)
බදු ගහන එක ඕනෑ කෙනෙක්ට කරන්න පුළුවන්. ලංකාවට ආදායම් වැඩි කරගන්න අරන් තියෙන පියවර මොනවාද මෙච්චර කාලෙකට? මිනිස්සු කරන කැපවීම දේශපාලකයෝ කරනවද? හැමදාම මහින්දගේ වැරදි කියලා ආණ්ඩුවට යන්න නම් බැරි වෙයි. (නි)
දැන් කොච්චර කෑගැහුවත් මේ බර දැනෙන්නේ අපිටනේ (නි)
රජය බදූ අයකිරීමේදී බදූ ගෙවීමට කැමති බිම් මට්ටමේ ඉන්න අයගෙනුත් අදහස් විමසනවා නම් ක්‍රමවත් බදූ චක්‍රයක් සාදාගත හැක (නි)