එකතු කළ අගය මත වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතුළත් වගන්තීන් ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. එහෙයින් එම පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාවකින් සහ ජනමත විචාරණයකින් අනුමැතිය ලැබිය යුතු බවට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (15) තවත් පෙත්සමක් ගොනු විය.
නීතීඥවරයෙකු වන පී.ලියනආරච්චි මහතා විසින් මෙම පෙත්සම ගොනු කළේය. වගඋත්තරකරු නීතිපතිවරයා නම් කරනු ලැබ සිටීයි.
නීතීඥ දර්ශන වේරදුවගේ මහතා මාර්ගයෙන් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සදහන් වේ.
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත.
මෙම පනත් කෙටුම්පතෙහි 2(3) , 10 (2) (ඈ) සහ 27 (1) වගන්තීන් මඟින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 , 4 ,12 (1) සහ 14 (2) වගන්තීන් උල්ලංඝනය වේ.
දැනටමත් මෙම බදු වැඩිකර ඇති බැවින් නව බදු සංශෝධනය යටතේ සියයට 17 සිට 22 දක්වා වැඩි කිරීම ආසාධාරණ වේ.
COMMENTS
අනවශ්‍ය බදු බර අපට එපා. (ර)
ආටක නාටක! (නි)
අජිත්, ණය ගත්තේ කලින් ආණ්ඩුවෙන් විතරක් නොවෙයි. නිදහසින් පස්සේ තිබුණ හැම ආණ්ඩුවක්ම ගත්තා. මේ ආණ්ඩුව ඊටත්වඩා ගන්නවා. එකම වෙනස කලින් ආණ්ඩුව යටතේ ගත්ත ණය වලින් රටේ යමක් හැදුනා, කොච්චර හොරා හොරා කිවුවත්. දැන් ඊටත් වඩා ණය ගන්නවා, හැබැයි හදන දෙයක් නම් තම පෙනෙන්නේ නැහැ. (නි)
විමල් විරවංශ මහතාට ස්තුතිවන්ත වෙන්න ඕනෑ මේ නීතිවිරෝධී බදු වලට එරෙහිව නීති මඟින් කටයුතු කිරීම ගැන. දැන් ඔහුගේ මඟ යන තවත් ජාති හිතෛෂියෝ ඉඳීම ඊටත් වඩා සතුටක්. (නි)
තවත් පුංචි ක්‍රමයක් තියෙනවා පුලුවන්නම්. ඔය අාදායම් බදු ගණන් හදන ආයතන හරියටම ඔය රාජකාරිය කරනවද කියලා බලන්නේ කවුද. (නි)
රටේ සියලුම ආයතන වල නාස්තිය අවම කරන්න, ලොකු අදායමක් ලැබේවි. මමත් ආයතනයක පාලකයෙක්. අපිට වියදම් කරන්න සීමා තියෙනවා. එතකොට අපි නාස්තිය වළක්වා ගන්න උපරිම උත්සාහය ගන්නවා. හරිම සාර්ථකයි. (නි)
ජනතාවට සහනයක් අරන් දෙන්න බලන තවත් නිර්භය පුද්ගලයෙක්. ඔබට අපේ ආචාරය! (නි)
රජාගේ වියදම් අඩුකළාම හොරකම නතරකළාම වෙන මොකුත් අවශ්‍ය නැහැ කියලා කියපු මුදල් ඇමති මොනවද 17 සිට 22 දක්වා වැට් වැඩිකරන්නේ? මේක කුමන්ත්‍රණයක්. මේක පරදවමු (නි)
රජයට ආදායමක් නැතිවුණාම කොහොමද ඒ කාලේ ගත් ණය ආපසු ගෙවන්නේ? එහෙම වුණා කියලා වැට් බදු අහස උසට නංවන එක නම් අසාධාරණයි. කරන්න තියෙන්නේ මැති ඇමතිවරුන්ගේ අතිරේක වියදම් කපන එකයි. විදේශ ගමන් අඩුකරන එකයි. (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
ජනතාව වෙනුවෙන් තවත් යහපත් වැඩක්. ජයවේවා! (නි)
මෙන්න විසදුම්ජ නතාවට බරක් නොවන ලෙස ආයෝජන ඉතාමත් කඩිනමින් ගෙන්වා ගැනීම . නව කර්මාන්ත කඩිනමින් නගා සිටුවා දේශීය ආර්ථිකයට එම අදායම් එකතු කර ගැනීම. විදේශ සමග සබදතා පවත්වා ඉතාමත් කඩිනමින් ශ්‍රී ලංකා ශ්‍රමිකයන් පිට රට යැවීම මගින් ඩොලර් අදායම් වැඩි කර ගැනීම දේශීය නිෂ්පාදන වලට අකණ්ඩව සියලු බදු සහන ලබා දීම. නව කර්මාන්ත පුර සියලු යටිතල පහසුකම සහිතව සහ ගොඩනැගිලි සහිතව කුලී පදනම මත ලබා දීම. (ර)