එකතු කළ ආදායම මත පැනවෙන වැට් බද්ද මැයි මස 2 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.
ඒ අනුව වැට් බද්දෙන් වැඩි බලපෑමක් එල්ල වනු ඇත්තේ අඩු හා මැදි ආදායම් පිරිසට බව පැවසේ.
දුරකතන,ජල හා විදුලි බිල්පත් ගාස්තුද ඉහළ නැංවීමට තීරණයව ඇත.පාරිභෝගික භාණ්ඩ,වෛද්‍ය හා පෞද්ගලික අධ්‍යාපනය මත ද එකතු කළ බදු පැනවෙනු ඇත.
දැනට කාර්තුවකට ලක්ෂ 37 ක අවම පිරිවැටුමක් තිබෙන ව්‍යාපාර එකතු කළ අගය මත බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතඅ අතර මැයි දෙවැනිදා සිට රුපියල් ලක්ෂ 30 ක පිරිවැටුමක් සහිත ව්‍යාපාරද ලියාපදිංචි කළ යුතු වෙයි.
එකතු කළ අගය මත බද්ද අප්‍රේල් මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා රජය අතර පැවැත්වෙන සාකච්ඡා නිසා එය කල් ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ලොකුම ආර්ථික අර්බුදයකට යනවා කියලා මමනම් කියුවේ රජයේ සේවකයාට 10 000 කින් පඩි වැඩිකරලා බඩු මිල අඩු කරලා රජයේ අදායම් අහුරගන්න කොටම.(ම)
මුදල් ඇමති එදා කිවේ රාජපක්ෂ රෙජීමය ජනතාවගේ බෙල්ල මිරිකනව කියල රජපකෂත් යහපාලන මුදල් ඇමතිත් හැමෝම අපේ බෙල්ලනම් හිරකරන බොරු කරනවා ජනතාවගේ ඉවසීම සීමාවක් තිබෙන බව දැනගත්තොත් හොදා (කෞ)
මේක අමතක වෙන්නත් එක්ක තව රාජපක්ෂලාගේ හොර අල්ලමු (බ)
අපේ කළගුණ නොදන්නා ජනතාවට ජය වේවා (බ)
මෙගාඩීල් නැතිකරලා 10 ගුණයක් සංවර්ධනයක් කරනවා කියලනේ කිවුවේ. 10 ගුණයක් කෙසේවෙතත් 0.1 ගුණයකවත් සංවර්ධනයක් නම් පෙනෙන්නේ නැහැ. හැබැයි ජනතාව මත තිබුණාටත් වඩා බර පටවලා. සියලු සහන කපලා. ණය ගැනීම නම් දිගටම. එ්ත් ඒවායින් කෙරෙන්නේ දේශපාලන පවුල් නඩත්තු කිරීම විතරක් බවයි අපිට පෙනෙන්නේ. (නි)
ඔබට සතුටුයිද දැන්? වෙනස සැපද? (නි)
දැන් එතකොට කුම්බලා මාලු කෑවේ කවුද? (නි)
මේ බදු අයකර ගන්න ඕනෑ අපෙන් නෙමෙයි. ලොකු ලොකු වාහන ගන්නකොට තමන්ගේ ආදායම පෙන්නන්න ඕනෑ. එතකොට සියලු දෙනාම අල්ලගන්න පුළුවන්. රජයේ රැකියා කරන දෙන්නෙක් එක ගෙදර හිටියොත් ඒ ගෙදරත් ආදායම් බදු වලට අහුවෙනවා (නි)
මේකද යහපාලනය කියන්නේ? (නි)
ඔහොම යමුකෝ. තව ඉදිරියට යහපාලනේ, යමපාලනේ වුණාම තමා කට්ටියගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ. (නි)
අනේ සාදු! තව මදි. තව මදි. පව් අනේ දැන් රිදෙන්නේ රාජපක්ෂ රෙජිමයට වෙන්න ඇති. (නි)
ඔය අඩු හා මැදි ආදායම් ලබන පිරිස සිටිනතුරු රටක් දියුණු කරන්න බැහැ කියලා හිතන කට්ටියකුත් ඉන්නවා. (නි)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලටත් දැන් අපමණ අගයක් ලැබේවි. වෙනසේ සැප ලැබේවි. (නි)
හරියට හරි. මේවට අපමණ අගයක් දෙන්න වෙනවා (නි)
කාලා බීලා ඉවරයි. ලංකාවේ ඡන්දෙ දුන්න අයට හොඳ පාඩම (නි)
මෙන්න ජනතාවනි ඔබ පැතූ සැබෑ වෙනස! (නි)
කෝ ගිරිය පුප්පාගෙන බඩුමිල අඩුකරනවා කියලා කෑගහපු අය? හොඳ හොඳ සෙල්ලම් පස්සට කිවුවලු (නි)
අනේ සාධු! මම මේ බඩු ගණන් යන්නේ කවදා ඉඳලද කියලා බල බලා හිටියේ. අපොයි! මේ හම්බුවෙන සල්ලි කන්දරාවෙන් රට ජාතිය වෙනුවෙන් බදූ ටිකක්වත් ගෙවන්නේ නැතුව මක්කරන්නද? අපේ ගරු කටයුතු කට්ටිය නඩත්තු කරගන්නත් එපායැ (නි)
රටක් පාලනය කිරීමට බදු අයකළ යුතු බව සැබෑවකි. ටෝකියෝ නගරයේ වැඩකරන දිනක ජනගහණය ලංකාවේ ජනගහණයට සමාන නමුත් මුළු නගරයම පාලනය කරන්නේ එක පුද්ගලයෙකු විසිනි. ලංකාවේ රට පාලනයට විශාල පිරිසක් නඩත්තු කිරීමට ජනතාව බදු නමින් පුරුවේ කළ පවු ගෙවනවා (නි)
මෙහෙමද දන්නෙ නැහැ අර දෙනවා කියපු අපමණ අගය දෙන්නේ? (නි)
කලින් ආණ්ඩුවේ නාස්තිය නැතිකරපු නිසා වෙන්න ඇති වැට් බද්ද වැඩිකරන්න වුණේ. මහජනතාව කාපු ගුලියක තරම !!! (නි)