IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


වැට් බදු වීරෝධී පෙත්සම් පහ විභාගයට

එකතු කළ අගය මත බද්ද 15% දක්වා හා ජාතිය ගොඩ නැගීමේ බද්ද 2% දක්වා වැඩි කිරීම මගින් තමන්ගේ හා තම රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් කඩවන බව කියමින් එය ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද එම බද්ද අහෝසි කරන ලෙසද ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පස් දෙනෙකු විසින් ගොනු කැරුණු පෙත්සම් පහක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) අවසර දුන්නේය.

මෙම පෙත්සම් අගවිනිසුරු හා බුවනෙක අලුවිහාරේ යන විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

පෙත්සමේ අතුරු නියෝග සම්බන්ධව කරුණු තහවුරු කිරීමට ජූලි 4 යළි කැඳවන ලෙසද නියෝග කැරිණි. මුදල් ඇමැති රවී කරුණානායක, දේශීය ආදායම් බදු කොමසාරිස් ජනරාල් ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

නීතිපති වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිට ජනරාල් ෆර්සානා ජමීල් සිය විරෝධය පළ කරමින් කියා සිටියේ මෙම බදු පැනවීම නීතියට එකඟ බවත් එය පිස්කල් රෙගුලාසිවලට අනුකූල බවත්ය. එමෙන්ම එය දැනට පාර්ලිමේන්තු අනුමැතියට යොමු කර ඇති බවත් ඔහු කීවේය.

IMG_1844 IMG_5906

IMG_5891



අදහස් (0)

වැට් බදු වීරෝධී පෙත්සම් පහ විභාගයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 391 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site