සම්මත නොවු වැට් පනත ක්‍රියාත්මක කරමින් ජනතාවගෙන් අය කරගත් අසාධාරණ වැට් බදු නැවත ඔවුන්ටම ගෙවීමේ යාන්ත්‍රණයක් රජය වහා සකස්කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
දැනට ඉදිරිපත් කර ඇති බදු පනතින් පවා ජනතාව පිට බදු බර පැටවෙන එකක් වන බැවින් ඊට එරෙහිව අත ඔසවන්නැයි සියලූ පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලා සිිටන බවද හෙතෙම සදහන් කළේය.
‘මේ බදු අය කිරීමට අපි එදත් විරුද්ධයි, අදත් විරුද්ධයි. මේ පනතට එරෙහිව පාර්ලිමේන්තුවේ දි අනිවාර්යයෙන්ම අපි ජන්දය දෙනවා. ඒ වගේම මේ බදු ක්‍රමයට එකඟ නැතැයි ජනතාවට කියා, හොරෙන් කැබිනට එකේ දි එකඟ වුණු ›ලනිප ඇමතිවරුනට අපි කියනවා ජනතාව ඉස්සරහට ඇවිත් උත්තර දෙන්න කියලා. මොකක්ද මේ පනතට විරුද්ධව අත ඔසවන්න කියල අපි ඉල්ලනවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ! කඩේ ඇතුළේ ඉදගෙන මුදලාලිට බොරුවට බනින්න එපා (නි)
ඊටකලින් තමන්ගේ වැරදි හදාගන්න බලන්න (නි)
අපිට පෙනෙන්න බොරුවට මාධ්‍ය සංදර්ශන තිබ්බට ඔයාලත් ආණ්ඩුවේ පාර්ශවකරුවො කියලයි අපි නම් හිතන්නේ. විරුද්ධ නම් ඒවා ඔයාලගේ ආණ්ඩුවත් එක්ක කරන සාකච්ඡා වලදී කියලා කරවන්න (නි)
දැන් අපිට ඉන්න එකම ශක්තිය මෙතුමන්ලා පමණයි (නි)
දැන්වත් ඇත්ත තේරුන එක ගැන සතුටුයි (නි)
අපි නම් මේවා දකින්නේ ‘ඩබල් ගේම්‘ විදිහට (නි)
පළමුව ඡන්දේ දීලා පනත සම්මත කරවා ගනිමු. දෙවැනිව අපි හිතලා බලමු මොකද කරන්නේ කියලා. අපි ආණ්ඩුව පත්කර ගත්තෙත් ඒ න්‍යාය මත පිහිටලානේ. (නි)
කැබිනට් එකේදී අත උස්සා පක්ෂව ඡන්දය දුන් අය කරුණාකර රටට හෙළිකරන්න. (නි)
ඔයාලා එහෙම කියනවා නම් අපි වැට් එකට කැමතියි. ඉදිරියටත් ගන්න නියමිත ණය ගෙවන්න වැට් ඕනෑමයි. මේක 25% විතර කරනවා නම් හොඳයි. තෙල් වලට, සීනි වලට, පරිප්පු වලට ඔක්කොටම ගහන්න ඕනෑ. එතකොට රජයේ ආදායම වැඩිවෙලා අය අතිරික්තයකුත් එනවා. පාඩු ලබන ආයතන ඇමරිකාවටම විකුණන්න ඕනෑ. රට සමෘධිමත් වෙන්නේ එතකොට. අපි අපේ ව්‍යවස්ථාවෙන් ඇමරිකාවටත් තැනක් වෙන් කරන්න ඕනෑ. (නි)