‘වැඩිකළ වැට් හා එන්බීටී බදු අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට රජය හිස නමනවා. ගරු කරනවා. ඉදිරියේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයම වැට් බද්දෙන් නිදහස් කරනවා. මහින්ද රාජපක්ෂ සමයේ දිවි නැගුම ගැන හිටපු අගවිනිසුරුවරිය දුන් තීන්දුවෙන් පසු ඇය ගෙදර යැව්වා‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අද (12) සිරිකොත පක්ෂ මුලස්ථානයේ මාධ්‍ය හමුවේදී කීවේය.
‘අත්‍යවශ්‍ය භාණ්ඩ 15 ක් සහන මිලට දෙනවා. පසුගිය ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට කළ බලපෑම් මේ ආණ්ඩුව කරන්නේ නැහැ. ඒ කාලේ තීන්දු තීරණ ගත්තේ අරලියගහ මන්දිරයේ. අද මේ ආණ්ඩුව අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි විශ්වාසය තියලා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න කටයුතු කරනවා. මේ වැට් බද්ද වැඩි කිරීමට හේතුව වුණේ පසුගිය ආණ්ඩුවේ අනවශ්‍ය ණය ගැනීම්‘යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

COMMENTS
මතකද පෙට්‍රල් මිල අඩුකරන්න අධිකරණය දුන් තීන්දුවට මහින්ද පයින් ගහපු හැටි ඒකාලේ (බ)
මහින්ද හිටපු කාලේ මිනිස්සුන්ට බඩ කට පිරෙන්න කන්න වත් තිබුණා. දැන් හැම පැත්තකින්ම හිර වෙලා ඉන්නේ අහිංසක මිනිස්සු. දේශ පාලුවෝ නෙමෙයි. (බ)
රවීගේ අදහස දැක්කම හිතෙනවා අපේ රටේ මිනිස්සු දැනුමෙන් කොච්චර පහළ මට්ටමකද ඉන්නේ කියල. (බ)
අශාන්ගේ අදහස දැක්කම පේනවා තාම මට්ටු වෙලා නැහැ කියල. (බ)
දැන් මහින්දගේ පාලනය කිය කියා ගොඩ ගියා ඇති නේද? ඒ සිදුවුණ දුෂිත පාලනය නවතා යහපාලනයක් ගොඩනඟනවා කියලා නේද බලයට ආවේ. දැන් කරුණාකරලා රටේ ආර්ථික සමාජයික පසුබිම දියුණු කරන්න, නැත්තම් ගෙදර යන්න, නැවත මහින්දටම භාර දීලා... (නි)
60% ශ්රී ලංකික මෝඩයින්ට කොටි ගැසුවා හොදටම මදි .(බ)
ප්‍රනාන්දු-පැරිස් මහත්මයාගේ අදහස තමයි මටත් වඩාත්ම හොඳින් තේරුම් ගිය අදහස. ඉතිරි 58% ටත් ඉදිරියේ ගුටිකන්න වෙයිද කියන එක තමා දැනට තිබෙන බය. (නි)
මහින්ද හිටියනම් හොර ගැසට් ගහන්නේ නැහැ . පනතකින් තමයි නිත්‍යානුකුලව වැට් දමන්නේ යහපාලුවෝ වගේ හොර වැඩ නැහැ (බ)
තවමත් මහින්ද ගැන කතා කරනවා. ඒ ගැන ඇරෙන්න මේ ආණ්ඩුව කරලා තියන දෙයක් නැහැ. අනේ අපේ රටට යන කල. (නි)
ඉස්බසර නම් බල බල ඉන්නේ නැ, ළඟම ඉන්න කීප දෙනෙකුට කියනවා ඇදපන් නඩු කාරය ගෙදර යවන්න කියල (බ)
සිත නිවන කතා (අ)
මහින්ද හිටියා නම්ද? එහෙනම් එක රැයින් අගවිනිසුරු ගෙදර විතරක් නොවෙයි නඩුත් 100 ක් විතර පටළවයි (නි)
මහින්ද දැන් නැනෙ මෙ මාසෙම ඒක සම්මත කරනවා කියල ඔහෙගෙ නායකය කියන්නෙ (අ)
මහින්ද මහත්මය ඔය වගේ බර ජනතාවට පැටෙව්වේ නැහැ එයාල මොන ජෝගි නැටුවත්.(අ)
එතකොට කෝටි 118 දීල අධිසුකෝපභෝගී වාහන ගෙන්නුවෙ ගිය ආන්ඩුවෙන් ගත්ත ණය වලින් වෙන්න ඇති. අධිකරනයට ගරු කරල මිනිස්සු ගැන හිතන හින්ද වෙන්න ඇති රනිල් වික්‍රමසිංහ කිව්වෙ පාර්ලිමේන්තුවේ 15% වැට් එක ජූලි වල සම්මත කරනව කියල. ඒ විතරක් නෙමෙයි තොපි ණය ගන්නෙ ගිය ආන්ඩුව ගත්ත ණය අඩු කරන්න නම් මේ වෙද්දි ණය අඩු වෙන්න ඕනේ. ඒත් කොහොමද තියෙන නය දෙගුනයක් වුණෙ කලින් හිටපු ආන්ඩුව ගත්ත ණයට ගෙව්වා නම්.(අ)
අධිකරණය දුන් තීන්දු වලට පයින් ගහන එක 1977 දී කියාදීපු එකක්නේ. පයින් ගිහිල්ලා තමයි පටන්ගත්තේ (නි)
ප්‍රනාන්දු පැරිස්, ඔය යහපාලනයෙනුත් දෙන්නේ හොඳට. (නි)
මහින්ද හිටියා නම් මුකුත් කරන එකක් නෑ.(හේ)
කපන්න බැරි අත සිඹීම වගේ වැඩක් මෙයාගේ කතාවත් (නි)
මහින්ද සිටියානම් විනිසුරු ගෙදර (බ)
එහෙනම් නඩුකාර මැතිඳුන්ලාගේ ගෙවල් වලටත් ගහයි (නි)
අනවශ්‍ය ණය කීවට අප රැවටෙන්නේ නැහැ හරියට 123 කියල පෙන්වන්න සාක්කි ඇතුව. අපිට පේනවා කිසිවක් නොකර මේටිකේ ගත්ත ණය (බ)
එහෙනම් නඩුකාර මැතිඳුන්ලාගේ ගෙවල් වලටත් ගහයි නොවයි හලෝ 1977 ගැහැව්වා (බ)