ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ සහ දරුවනට තවත් මාස 6ක් වැලිසර නාවික හමුදා නිල නිවසේ සිටීමට ඉඩදී බව නාවික හමුදාව පවසයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා විජේවීර මහත්මිය සහ එම පවුලේ අයට තවත් මාස හයක කාලයක් නිල නිවසේ රැඳී සිටීමට අවසර දී ඇති බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමේදී ජනපති මේ තීරණය ගත් බවද වාර්තාවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාස හයක් එයාලට කල් ඇතිනේ විකල්පයක් හදාගන්න (නි)
මානුෂිය පැත්තෙන් හොඳ තීරණයක්! (නි)
දෙවියනේ මුළු රටේම ජනතාව වෙනුවෙන් කෑ ගසන කට්ටිය තම මිය ගිය නායකයාගේ අඹු දරුවන් ගැන සොයා බලන්නේ නැද්ද?(හේ)
ජනාධිපතිතුමාට ස්තූතියි! (නි)
හොඳ තීරණයක් (නි)
මානුෂීය තීරණයට අපි ගරු කරනවා (නි)
ජයවේවා!!! (නි)
මේ මිනිස්සුන්ට ජීවිතකලයම ඉන්න දෙන්න එලියට දැම්මොත් මිනිස්සු අඩන්තේට්ටම් කරයි තවම මිනිස්සුන්ගේ හිතේ තරහ තියෙනවා (අ)
මෙපමණ කාලයක් එම නිවසේ ජීවත් වෙන්න ඉඩ දීල දැන් එලවන්න හදන්නේ ඇයි (ම)
ආණ්ඩුවෙන් ගෙයක් හදල දුන්නනම් වැඩේ ඉවරනේ. (බ)
එයාලව අල්ලලා දඬුවම් දෙන්න ඕනේ . කළ විනාශෙට (බ)
මේ අයගේ අනාගතය අවිනිශ්චිතයි . එය සුදුසු නැත. ඔහු වෙනුවෙන් ඔහුගේ යැපෙන්නන්ට නිවසක් හදා දීමට ඔහුගේ පක්ෂයට හැකිවිය යුතුය. රජයේ නිවාස ඇමතිතුමා මේ පිළිබදව සිතුවත් එය අගය කළ යුතුයි. (බ)
සිය පක්ෂය වෙනුවෙන් අකාලයේ ජීවිතය දන් දුන් ජීව ගුණයෙන් පිරුණු නායකයාගේ දරුවන් සය දෙනෙක් සහිතව බිරිය ඇතුළු පවුලේ අනාගතය සුරක්ෂා කිරීමේ වගකීම පැහැර හැරීම මිය ගිය නායකයාට කරන බලවත් අවමානයකි.(ම)
ඒ කාලේ රජයට අයිති කර ගත්ත විජේවීරගේ නිවාසය මේ අයට දුන්නනම් වැඩේ ඉවරයිනේ.(ම)
මොනවා වුනත් ජනාධිපතිතුමාට ස්තුතියි (බ)
මෛත්‍රී පාලනයක නියම තේරුම . (ම)
හරිහමන් නායකයෙක් නැති නිසා පුතාව විපක්ෂ නායකයා කරමු. (ම)
ජන්ද වෙන්දේසියට දාන්න බැරි නිසා අසරණ වෙලා (ම)
පක්ෂයෙන් මේ ගැන බලන්නේ නැද්ද? (නි)
මොනවා වුණත් ඒ මිනිසුන්ට ආරක්ෂාව දෙන්න (නි)
හොඳයි (නි)