‘රෝහණ විජේවීර මහතාගේ පවුලේ අයට නිවසක් ලබාදෙන්න ජවිපෙට බැරිකමක් නෑ. ඒ හැකියාව අද ජවිපෙට තියෙනවා. රෝහණ විජේවීර සහෝදරයා ජීවත්වූ උලපනේ නිවස වගේම තවත් පක්ෂය සතු ඉඩකඩම් තිබුණා. ගෙවල් තිබුණා. මේවා රජය එදා පවරා ගත්තා. මේ පවරාගත් නිවසක් විජේවීර පවුලට අරන් දෙන්න මැදිහත් වෙන්න කියලා ජවිපෙන් ඉල්ලනවා‘ යැයි ජවිපෙ හිටපු නායක හා ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා අද (22) කෝට්ටේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ජවිපෙ නායකයාව සිටියදී තමාත් විජේවීර පවුලට උදව් කළ බවත් පක්ෂත් විවිධ උදව් කර ඇති බවත් අමරසිංහ මහතා කීවේය. ‘සමහර ඒවා ප්‍රසිද්ධියේ කළේ නෑ. විජේවීර පවුලට ගෙයක් ලබාදීම ගැටළුවක් වුණේ නැති වුණත් ඔවුන්ට ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් ගැටළු එදා තිබුණා. අදත් අපි උදව් ඉල්ලුවොත් ලබාදෙන්න සූදානම්‘ යැයිද ඒ මහතා සඳහන් කළේය.
ඡායාරූප - ලහිරු හර්ෂණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද නැත්තේ ඒ කාලේ බැංකු , ගෙවල් කඩලා අමාරුවෙන් නිදිමරාගෙන හම්බකරපු සල්ලි නැතුවය .!! (බ)
අනේ කාලේ වනෙවාසේ සහෝදරයට හොදටම අසනීපයි වගේ (බ)
දැන් කතා ඇති (නි)
උදවු ඉල්ලනතුරුම ඉන්නේ ඇයි ඉතින්? (නි)
දැන් උදම් අනන්න එපා (නි)
මේ පවුලට සැලකුවානම් දැන් ඒ අය කියන්නේ කොහොමද සැලකුවේ නෑ කියලා.(හේ)