ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ වැඩිමහල් දියණිය දසුනි ඊෂා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යොමු කර පුර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි වත්තල මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය බන්ධනාගාරයට නිගෝග කළාය.
බන්ධනාගාරය ඇය වෙනුවෙන් මානසික වෛද්‍ය වාර්තාවක් අද (10)ඉදිරිපත් කළේය.
මවට හා පවුලේ සාමාජිකයින්ට හිරිහැර කරතියි ඇය උසාවියට ඉදිරිපත් කර ලැබ සිටී.ඇය යළි රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයසිංහ දන්නා දෙයක් නැහැ වගේ (නි)
අනේ මන්දා, මේ ලමයි නිවාස අඩස්සියේ සිටියදී ළමාවිය ඊට ගෙවුණා. ඇයි මේ ලමයව පුනරුත්තාපන කදවුරකට යවන්නේ නැත්තෙ? (නි)
ඔය කියන තරම් පීඩිත පරිසරයක ළමයි හැදුනානම්, පවුලේ අනිත් ළමයි හොඳින් ඉගෙනගෙන දැන් යහපත් පවුල් ජීවිත ගත කරන්නෙ නැහැනෙ. ලොකු පවුලක ඔය වගේ ළමෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. ප්‍රශ්ණය මෙයා විජේවීරගෙ දුව නිසා මිනිස්සුන්ගේ අවධානය වැඩියි. (නි)
මේ දරුවන් කුඩා කාලේ ඉඳල එලියට ගිහින් නිදහසේ ජීවිතය ගතකරන්න ලැබුනේ නැති නිසා මානසික අසහනයෙන් ඉන්න බව කාට උනත් තේරෙනවා . ඕකට පරීක්ෂණ කරන්න ඕනේ නැහැ. (ස)
මානසික රෝග හැදෙන්නේ මොලයේ වැඩීම මදිකම හෝ එය පරම්පරාවෙන් එන එකක්. මේවට රජයට දොස් කීමෙන් පලක් නැත. (නි)
එතකොට දම්මික පෙරේරා ,අනෙක් ළමයින්ට තිබ්බ නිදහස මේ ළමයින්ට තිබුනද? හැම දේම නිකන් ලැබුනත් ඒ ගොල්ලන්ට ලෝකය හා සමාජය සමග ගැටී ජීවිතය ගොඩනගා ගන්න බැරි වුනා. ඒකයි නිවාස අඩස්සියේ කියලා කිව්වේ. (නි)
මේ ළමයත් හරියට එයාගේ තාත්තා වගේමයි නේ?(නදී)
මේ ළමයව බන්ධනාගාරේ දාන්නේ නැතුව හොද ළමා නිවාසයක තියන්න බැරිද? මෙහෙම කරනකොට තවත් මානසිකව වැටෙනවානේ. (නි)
තාත්තගේ ලෙඩේම දුවට තියෙනවා.(නදී)
වත්මන් ජ වී පෙ අයට මේ ළමයි ගැන කැක්කුමක් නැද්ද? (නි)
රජයෙන් ආරක්ෂාව දීපු ගෙදරක හැදුනත් ස්වභාව ධර්මයට පිටින් යන්න කාටවත් බැහැ. මේවා කාටත් හොද පාඩම්. (නි)
සෝමවංශට ඕනේ රෝහණ විජේවීරගේ ෆොටෝ එක විතරයි.(නදී)
මේ වගේ ප්‍රබල මානසික පීඩාවකින් පෙලෙන ළමයෙක් බන්ධනාගාරයේ තැබීම සුදුසුද? මෙයාගේ තත්වය තව තවත් නරක අතට හැරිලා ජීවිතය නැති කරගත්තොත්? මෙයා ආදරය රැකවරණය අවශ්‍ය කෙනෙක් නේද? (නි)
සාමාන්‍ය සමාජ ආශ්‍රය නැතුව , හමුදා කඳවුරක හැදුණු ළමයින්ගේ මානසික වර්ධනයට බලපෑම් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මානසික ආතතිය වැනි දේවල උග්‍ර බවක් විය හැකිය. දෙමවුපියන් කල දේවල් වලට දරුවන් පලි නැත. කාගේ වුනත් දරුවෙක්. (නි)
ඇයි ඒ? (නි)
ජේ.වී.පී. එක මේ සම්බන්ධයෙන් මැදිහත්වීමක් නැද්ද? (නි)
වරුණ ඔබට පිළිතුරක්. මේ අයට තිබුනා වෙන අයට නැති වරප්‍රසාද. කිසි අඩුවක් පාඩුවක් නොමැතිව වෙන අය වගේම මේ අයත් වෙනත් අය සමග ජිවත් වුනේ. නිවාස සිර අඩස්සියක් තිබුනේ නැහැ. ඔබගේ නොදැනීමත් නුගත් කමත් මන්දබුද්ධික බාවයත් නිසා මේවා ඔබට වැටහෙන්නේ නැහැ (නි)
ඇත්තට ජ වී පෙ මේ පවුල ගැන බලන්නේ නැති එක අන්තිම කැතයි. පව් අහිංසක ළමයි, මේ ළමයාගේ අනාගතේ අඳුරේ දැන්. මේ ළමයට පීඩනය වැඩියි වැඩි මහල් ළමයා නිසා. මොනවා උනත් පව්.(නදී)
අද ලෝකයේ සියලු සැප සම්පත් ඇති සහ දුප්පත් පවුල් වලත් මානසික රෝගය වැළදුන ළමයින් සිටිනවා . මේ සිද්දිය උඩ සමහරු රජයට ඇඟිල්ල දික් කරනවා. සමහරු එයාගේ පියාණන් ගැන කියනවා. මේ ඔක්කොම මානසික ලෙඩ්ඩු මට පෙනෙන්නේ (නි)
තාත්ත නිසා දරුවෝ කී දාහක් මැරුණද, දෙමව්පියෝ කී දාහක් නොමැරී මැරුණද? නමුත් මේ දරුවාගේ මානසික වික්ෂිප්ත භාවය අපේ උගත් හාමුදුරුවරයෙක් මැදිහත්වී සුව කල හැකි යයි මම විශ්වාස කරනවා. විඥානයේ ඇති කටුක දේවල් සොයා බලා එම 'ආසව' (ආසාව නොවේ) ඉවත් කිරීම මගින් සරලව මෙයට ප්‍රත්‍යක්ෂ පිළියම් යෙදිය හැකියි.(නදී)
වර්ෂ ගණනාවක් මොන සැපසම්පත දුන්නත් තමන්ට කියා නිදහස් ජීවිතයක් නැතිකොට ඕනෑම කෙනෙක් දරුණු වෙන්න තියන ඉඩකඩ වැඩියි. එවිට මනස පවා ක්‍රියා කරවන්නේ හරහට. මේ රටේ කීයක් අපරාද කරපු පිරිස නිදහස් වාතාවරණයක් ලබන එකේ මේ මිනිස්සුන්ව රඳවාගත් කාලය දීර්ග වැඩියි. මැයව සුව කර නිදහස දෙන්න.(නදී)
මර්සි ලංකා,ඔබටත් වහාම ප්‍රතිකාර ගැනීමට තරම්ම දරුණු තත්වයක් ඇතිබව පෙනෙනවා. මෙම ලංකාදීපයේම ගැබිනියක් කුඩු ගේනවා කතාවට ඔබ කියපු අදහසත් මෙතන දක්වපු අදහසත් අනුව ඔබ බරපතල තත්වයක බව වැටහේ. "ඔවා දෙනු පරහට, තමා සම්මතෙහි පිහිට සිට" කියල කියමනක් තියනවා. අම්මා තාත්තා වරදක් කරානම් කිසිවක් නොදන්නා ළමයන්ට සාප කරන ඔබලා වැනි අය සමාජයට භයානකයි. (නි)
එකම පවුලක වුනත් මානසික ආතතිය බලපාන්නේ විවිධ විදිහට. මේවගේ කෘතීම තත්ත්ව නිසා තමා බොහොම ජනප්‍රිය පුද්ගලයන්ටත් මානසික ප්‍රශ්න ඇතිවෙන්නේ. විශේෂයෙන්ම ඔවුන්ගේ පෞද්ගලික ජීවිත වල තියෙන අසාමාන්‍යතාවය නිසා.(ස)
තාත්තටත් පිස්සු හැදුනලු නේද? (නදී)
විජේවීර මරුවාට පස්සේ විජේවීරගේ දුවගේත්, පුතාගේත් මොළයට යම්කිසි එන්නතක් විද්දාලු. දන්නෝ දනිති.(නදී)
විශේෂයෙන්ම දරුවන් සම්බන්ධයෙන් මෙවන් අතිශය පෞද්ගලික කරුණු වාර්තා කිරීමේදී මාධ්‍ය මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න ඕනේ (අ)
අනාගත විප්ලවවාදීන් නැතිකිරීමට විදපු එන්නතින් දරුවෝ දෙදෙනාම මන්ද බුද්ධික වුණා. දන්නෝ දනිති.(නදී)
වරුණ ඔය මන්ද බුද්ධිකද ? විජේවීරව මැරුවට ප්‍රේමදාස මහත්තයගේ කාලේ ඉඳන් මේ ගොල්ලෝ හැදුනේ වැඩුනේ රජයෙන් ආරක්ෂාව සමග දීපු ගෙදරක. අවශ්‍ය සියලු දේ නිකන් ලැබුනේ. මේ දුවට වඩා මානසික රෝගියෙක් වගේ ඔයා දාල තිබෙන අදහස්.(නදී)
තිසල් ඔබ කාට හෝ ප්‍රතිචාරයක් දෙන්න කලින් එය කලින් කියවා තේරුම් ගන්න. කොහෙද කියල බලන්න මම දෙමව්පියන්ට දොස් කියල තියෙන්නේ? මම කියල තියන්නේ මානසික රෝගය ඇතිවන්නේ මොලයේ වරදක් නිසා හෝ පරම්පරාවෙන් කියලා. ඔබේ මානසික රෝගයට දැන් බෙහෙත් ටිකක් අරන් ලංකාදීප පුවත් පත කියවන්න.(නදී)
තිසල් ඔයාට මොනා වෙලාද? කවුරුන් වෙනුවෙන් හෝ කඩේ යනවද ? අඩු වයසින් ඉපදුන කෙනෙක් වගේ ලියන්න එපා තිසල්.(නදී)
කොහොම උනත් තාත්තා කල දේවලට දරුවන්ට සලකන විදිය හරි නැහැ. මීට වඩා මහත්මා වන්න තිබුණා වගකිය යුත්තන්ට. (ස)