ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ හා දරුවන් පදිංචිව සිටින වැලිසර නාවික හමුදා නිල නිවස ඔක්තෝබර් 1 වැනි දින නැවත බාරදෙන ලෙස නාවික හමුදාව දැනුම් දී ඇතැයිද ඔවුන්ගේ ආරක්ෂාව හා රැකවරණය ජනතා විමුක්ති පෙරමුණ බාරගන්නා බවද එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
රටේ පවතින සාමකාමී වාතාවරණය මත රෝහණ විජේවීර මහතාගේ බිරිඳ සහ දරුවන්ට නිදහසේ ජීවත්විය හැකි වටපිටාවක් උද්ගතවී ඇති බවත් ඒ අනුව ඇය පදිංචිව සිටන වැලිසර නාවකි හමුදා නිවස යළි බාර දෙන ලෙසට හිටපු හමුදාපති අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා ලිපියක් මගින් දැනුම් දී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් අපිත් ආසයි එයාලව දකින්න (අ)
හොද වැඩක්.(හේ)
බිරිඳ සහ දරුවන් කිව්වේ 1980 නේද දැන් ඒ දරුවන්ට අවුරුදු 30 පැනලානේ දැන් ඉතින් තමන්ගේම තැනකට ගියොත් වරදක් නැහැ නේද? දැන් රස්සාවල් එහෙමත් කරනවා ඇතිනේ. (අ)
මෙතෙක් හිටි කාලයට බිල් පතත් ගෙවන්න නොවුනොත් තමා පුදුමේ.(බ)
බොහොම හොඳයි (නි)