කොළඹ පුරහළ ප්‍රදේශයේ ගොඩ නැගිල්ලක නීති විරෝධී සූදුපොළක මුදල් ඔට්ටුවට බූරුවා ගසූ 24 දෙනකුට රුපියල් සියය බැගින් දඩ නියම කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා සූදු කෙළියට සහාය වූ බව කියන හත් දෙනකු රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.
සූදු පොළ පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ හිමිකාරිය බව කියන වජිරා නෙත්තිකුමාර ඇගේ ලිපිනයේ නැතැයි කී පොලිසිය ඊළඟ නඩු වාරයේ උසාවියේ පෙනී සිටින්නට නොතිසී නිකුත් කරන්නැයි ඉල්ලීය.
මසකට රුපියල් පන් ලක්ෂය බැගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බදු ද ගෙවා නැතැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.
ලබන 16 වැනි දා උසාවියේ පෙනී සිටින්නැයි වජිරා නෙත්තිකුමාරට නොතීසි නිකුත් කැරිණි.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වජිරා නෙත්තිකුමාරට නොතීසි
නවින් Monday, 12 May 2014 08:25 PM
වරදකරුවෙක් නම් දඩුවම් ලැබිය යුතුයි (නි)
පිටිගල Monday, 12 May 2014 08:35 PM
මේ බූරු පොළ ඇල්ලුවා. ඒකෙන් පොලිසිය අතින් පාඩු කරගෙනනේ. රුපියල් සියයක් කියන්නේ දඩය?? ආදායම් බද්ද මාසෙකට ලක්ෂ 5ක්ලු??පිස්සු හැදෙනවා (නි)
ජගත් Monday, 12 May 2014 09:36 PM
අර අසුවලා මේකට සම්බන්ධ නැද්ද? (නි)
උපුල් Monday, 12 May 2014 10:27 PM
මෙන්න උසාවියෙන් දෙන දඩ. මට නිකන් අඩන්න හිතෙනවා. මේවා දකිනවිට. පනින රිලවුන්ට උඩගෙඩි දෙන උසාවියක් ද මේ. අබුද්දස්ස කාලේ ලමයෝ ලබුත් තිත්තයි කිව්වාලු. (ස)
හේවා Tuesday, 13 May 2014 12:12 AM
කැසිනෝ මොන තරම් අගනේද? (නි)
බන්දුල පෙරේරා Monday, 12 May 2014 06:24 PM
මාසෙට ලක්ෂ පහක් අදායම් බදු ගෙවන්න කොච්චර ආදායමක් ඇද්ද මාසෙකට? ඔය පුළුවන් තරම් වහලා හංගලා ඉතුරු වෙන ටිකටනේ.ඔක්කොම බැලුවොත්... අනේ මන්දා! මේ යන විදියට නම් යන මඟ නම් අඳුරුයි. ගොඩාක් කෙටියි වගේ පෙනෙන්නේ (නි)
සුනිල් ගම්පහ Monday, 12 May 2014 06:44 PM
සල්ලි උඩ සෙල්ලම් දානවා වගෙයිනේ! (නි)
පෙරේරා Monday, 12 May 2014 07:15 PM
පුදුම රටක්නේ! (නි)