IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විජයදාසට එරෙහි වාරණ විසිවෙයි

(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි වැඩ බලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක මහතා කළ ඉල්ලීම  කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද ප්‍රතික්ෂේප කළේය.

දුමින්ද දිසානායක මහතා විසින් පැවරූ  නඩුවේ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිසානායක මහතා  විසින්  සරත් ඒකනායක,අමාත්‍ය විජේදාස රාජපක්ෂ,කීර්ති උඩවත්ත,සභාපති නිමල් සිරිපාල ද සිල්වා,ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහත්වරුන්ට එරෙහිව  පැවරූ  නඩුවේ කරුණු  සළකා බැලීමෙන් පසුව  වාරණ ඉල්ලීම  ප්‍රතික්ෂේප කෙරිණි .

කෙසේ වෙතත් පැමිණිලිකරුට මෙම පැමිණිල්ල සංශෝධනය කර යළි අදාළ වාරණ නියෝගය සඳහා කරුණු තහවුරු කිරීමට අවස්ථාව තිබෙන බවත් විනිසුරු සඳුන් විතාන මහතා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේය.

පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස මහතා සහ ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත මහතාත්  පත් කර ගැනීමට පසුගිය 12 දින පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව ගනු ලැබූ තීරණය මත එම පක්ෂය , එහි සංවිධාන හා නිලධාරීන් ක්‍රියා කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමද  මෙසේ ප්‍රතික්ෂේප කෙරිණි.
පැමිණිලිකාර දුමින්ද දිසානායක මහතාගේ හා පක්ෂයේ සභාපති නිමල් සිරිපාල සිල්වා මහතාගේ කටයුතුවලට බාධා කිරිම වළක්වමින් වාරණ  නියෝගයක්ද මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබිණි.



අදහස් (2)

විජයදාසට එරෙහි වාරණ විසිවෙයි

ප්‍රියන්ත Thursday, 16 May 2024 12:09 PM

උබලා රනිල් එක්ක යන්නකො නිකන් බොරු ෂො දාන්නෙ නැතිව

:       1       6

Vithana Friday, 17 May 2024 05:54 AM

ප්‍රියන්ත නොදන්නවට රනිල්ගේ ආණ්ඩුවේ පොහොට්ටුවේ ඇමතිලත් ඉන්නවා, වෙන පක්ෂ ගණනාවක ඇමතිලා ඉන්නවා, රනිල්ට පොහොට්ටුව ඇතුළු පක්ෂ ගණනාවක් සහයෝගය දෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site