
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොව්ඩ් සමයේදී මුස්ලිම් ජනතාවගේ දේහ ආදාහනයට නියෝග පැනවීමෙන් සිදුවූ අපහසුතාව ගැන ඉස්ලාම් ජනතාවගෙන් තමා සමාව ඉල්ලා සිටින බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
මුස්ලිම් ජනතාවගේ දේහයන් ආදාහනය කිරීමෙන් ඒ ජනතාවට සිදුවූ අපහසුතාවය ගැන සමාව ඉල්ලා සිටීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
විජයදාස රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
මමත් විදේශ කටයුතු ඇමතිතුමාත් ඊයේ අපි කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළා. කොවිඩ් සමයේදී මුස්ලිම් අයගේ දේහ අාහනයේදී අනුගමනය කරපු බලහත්කාර ප්‍රතිපත්තිය ගැන කතා කළා. අපි ඒක ඉදිරිපත් කළේ ජල සම්පාදන අමාත්‍යාංශය දීපු වාර්තාව අනුවයි. ඒ අනුව එම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළා. අපි ඒ තීරණයට වගකිවයුතු අය නොවුණත් එදා ආණ්ඩුවේ තනතුරු නොදැරුවත් ඒ අවස්ථාවේදී වෙච්ච දේ පිළිබඳව ඉස්ලාම් ජනතාවට කණගාටුව පළ කරනවා.
COMMENTS
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් පළවෙනි වගකීම ඉටු කරා වගේ කියලා මට හිතෙනවා...
දැනට මෙම අපරාධය කරලා අවුරුදු තුනකට ආසන්නයි. දැන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු කියල කියමින් සමාව ඉල්ලන්න එක බොරු වැඩක්. මුස්ලීම් ප්‍රජාව රවට්ටලා චන්ද ගන්න කරන අසාර්ථක උත්සාහයක්. අනික සමාව ඉල්ලන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගන්නම ඕනද? කාටත් තේරනව මේක චන්ද ගන්න කරන අසාර්ථක උත්සාහයක් බව. ඔයාල ජාතීන් අතර බේදය ඇති කළා. කවදත් අපිත් එක්ක හිටපු මුස්ලීම් රටවල්, ජිනීවාවලදී රජයට එරහිව චන්දය ප්‍රකාශ කළා.
කරේ එකෙක්, සමාව ඉල්ලන්නේ වෙන එකෙක්
ළමයාවත් කොනිත්තලා තොටිල්ලත් නලවනවා .මොනවා කරලත් මේ සැරේ චන්දෙ නම් ලැබෙන්නේ නෑ
ඔය ටයි කෝට් ගළවලා සත පහක් බිමට දාලා ගන්න වගේ හිටිය නම් මීට හොඳයි . නිවට කමෙත් සීමාවක් තියෙන්න ඕන. ඡන්ද බලාගෙන රෙදි උස්සනවා
චන්දෙ කිට්ටුවුනාමද විජේදාස මහත්තයාට මුස්ලිම් ජනතාවගෙන් සමාවගන්න හිතුනේ ? වැරදි කරලා සමාව ගැනීම හොඳයි, හැබැයි මේපාර අපේ චන්දෙ දෙන්නේ මාලිමාවට.
අනේ ඔයා බබාද ? ඒ ආණ්ඩුවේ වගකීම් නොදැරුවේ තමන් ඉල්ලුව අමාත්‍යාංශ ගෝඨා නොදුන් නිසා නොවෙයිද ? එහෙම නැතුව ඒ ප්‍රතිපත්ති වලට විරුද්ධව සිටියා නම් විරෝධය පල කරලා එලියට බහින්න තිබුණා නේද ? එහෙම නොකර දැන් මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලන්න මතක් උනේ ඔවුන්ව රවටලා චන්ද ගන්න හිතාගෙන නොවෙයිද ? ඕවට රැවටෙන ජනතාවක් නැහැ හලෝ ජම්පරය අදින්න හිත හදා ගන්නවා.
දැන් ඉතින් ඡන්දයක් ළඟයි නේද? සුළු ජාතින් සතුටු කරන්න ඕන දෙයක්.
දැන් ඔයාල එයාලට ඡන්දෙ දෙනවද?
මම හිතුවේ පාර්ලිමේන්තුවේ දී අධිකරණය ගැන කල කතාවලට කියලා
ඉදිරි මැතිවරණ අරමුණු කර ඔය මිනිසුන් රවටන්න කරන උත්සාහයන්ට දෙවියෝ සමාව දෙයිද?
මැතිවරණයක බලේ. හොරකම් කල සල්ලි වලටත් ඔය විදියටම කැබිනට් අනුමැතිය අරගෙන සමාව ගත්තා නම් තමයි හොඳ
සමාව ගත්තේ ජනාධිපති අපේක්ෂකයෙක් මිසක් සිංහල බෞද්ධ ජනතාව නොවෙයි. කොවිඩ් කාලේ ජනතාවගේ ආරක්ෂාවට කලයුතු දෙයක් කලා. එසේ කිරීමේදී ආගම ජාතිය සැලකිල්ලට ගත යුතූ නැත. ඔය මිනිස්සු කොවිඩ් කාලේ පාරේ කෙල ගසමින් ගියහැටි අපිට මතකයි.