යුවන්ජන ජවහර්ලාල් වනසුන්දර විජයතිලක මහතා (58) නීතීපති වශයෙන් පත් කරනු ලැබ සිටී.
ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් ආර් විජයතිලක මහතාගේ පුත්‍රයෙකි.හිටපු අග විනිසුරුවරයකු වු ආර් එස් වනසුන්දර මහතා ඔහුගේ මාමා කෙනෙකි.
කොළඹ ආනන්ද විද්‍යාලයයේ ආදී ශිෂ්‍යයකු වන විජයතිලක මහතා ලන්ඩනයේ කිංස් කොලේජ් හි එල් එල් එම් නීතී උපාධිය දිනා ගත්තේය.ඔහු වාණිජ නීතී පිළීබඳ විශාරදයෙකි.රජයේ නීතීඥයකු ලෙස 1980 දී නීතීපති දෙපාර්තමේන්තුවට එක් වු ඔහු රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ,නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ,අතිරේක සොලිසිටර් ජනරාල් හා වැඩබලන නිතීපති වශයෙන් ද වැඩ කළේය.
1980-1986 සමයේ මහේස්ත්‍රාත් හා මහාධිකරණ වලද අභියාචනා අධීකරණයේද අපරාධ නඩු වලට පෙනී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනසුන්දර මහතා යුක්තිගරුකව ක්‍රියාකළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමෙක්. එතුමාගේ බෑණනුවන් යුක්තිය රජකරවන්න කටයුතු කරයි කියා අපි විශ්වාස කරනවා. (නි)
අනේ ආණ්ඩුවේ ඉත්තෙක් නොවී නීති පති වෙන්න බෑ නේද? (නදී)
මොකද මේ හදිසියේම ? හිටපු කෙනාට මොකද වුණේ ?.(හේ)
විජයතිලක මහතාට සුබපැතුම්. සිතට එකඟව හරි දේ සාමාන්‍ය ජනතාවට කරන්න වාසනාව ලැබේවා. (හේ)
මේක ඉතා හොඳ තීරණයක් . (හේ)
කොළඹ ආනන්ද විද්‍යාලයයේ ආදී ශිෂ්‍යයකු නිසා යුක්තිය රජකරවන්න කටයුතු කරන එක ගැන, රටට සේවය කරන එක ගැන නැවත කියන්න දෙයක් නැහැ.මේක ඉතා හොඳ තීරණයක්. ඔබට අපෙන් සුබ පැතුම්! (නි)