යුද ජයග්‍රහණයේ පස් වැනි සැමරුම මාතර කොටුවේගොඩ වෙරළබඩ දී අද පැවැත්විණි.
ත්‍රවිධ හමුදාව හා පොලිසිය ඊට එක් විය.
මහින්ද රාජපක්ෂ ජනපති ප්‍රධාන ආරාධිතයා වූයේය.
යුද ජයග්‍රහණයේ පස් වැනි සැමරුම මාතර කොටුවේගොඩ වෙරළබඩ දී අද පැවැත්විණි.
ත්‍රවිධ හමුදාව හා පොලිසිය ඊට එක් විය.
මහින්ද රාජපක්ෂ ජනපති ප්‍රධාන ආරාධිතයා වූයේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වියදම ගැන නෙවේ ආබාධිත වෙලා ඉන්න රණවිරුවන්ගේ මානසික තත්වය ගැන හිතන්න. වියදම් අඩු කරගන්න මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනේ. ඔය ලොකුවට අදහස් දාන අය යුද්දේ තියෙන කාලේ වියදම් අඩු කරලා කාපුව ඇගට ඇල්ලුවද? (නදී)
යුද්ධයෙන් විපතට පත් සියලු දෙනා වෙනුවෙන් ආගමික වතාවත් කරමින් මෙවන් විපතක් යලි නොමවේවා කියල සැමරීමක් කලා නම් (අවි ආයුධ ප්‍රදර්ශනය කරමින් වීදි සරනවට වඩා) අගෙයි කියල තමයි මට හිතෙන්නේ. (නදී)
යුද්ධය පැවති සමයේ යුද්ධයට විරුද්ධව හඩ නැඟූ බොහෝ දෙනා දැන් වෙනත් අයට පක්‍ෂව හඩනඟනු පෙනේ. මෙය සදා සැමරිය යුතු ජයග්‍රහණයකි. 2009ට පෙර කාලය අපට අමතක නොවේ. (නි)
ත්‍රස්තවාදීන් කළ ජීවිත සහ දේපළ විනාශය අප රටට දරා ගත නොහැකි පාඩුවක්. රණ විරුවිරුවන් ජීවිත, පරිත්‍යාගයෙන් රැක ගත් මව් බිබ රැක ගැනීම අප කාගේත් වගකීම සහ යුතුකමයි. යුද්ධ කළේ ත්‍රස්තවාදීන්ට එරෙහිවයි. වියදම නොබලා එය සැමරිම රණවිරුවන්ට කරණ ගෞවරවයක්. (නදී)
සෑම වසරකදීම මෙලෙස විශාල ලෙස මුදල් වැයකර විජයග්‍රහණය සැමරීම වෙනුවට ඒ මුදල් වලින් රට වෙනුවෙන් සටන් කිරීමට ගොස් අත්,පා අහිමි වූ සෙබළුන්ට හැකි පමණ සහන සැළසීම වඩාත් අගෙයි නේද? (නි)
කමල්. ඔබ හිතනවාද එහෙම ආරාධනයක් කළානම් හිටපු හමුදාපතිවරයා එම උත්සවයට යයි කියලා.? අද ඔහුගේ පක්ෂයේ අය කවුරු හෝ අසල සිට කරන ටෙලිෆෝන් කතාවක් අහගෙන ඉන්න. එවිට ඔබට තේරෙයි වපුරන ක්‍රෝධ වෛර කතා. මමත් කාලයක් එතන හිටියා. නිදහසේ නිදාගන්න බැහැ. (නදී)
යුද ජයග්‍රහන සමග මතක් කලයුතු තවත් දෙපලක් තමා විමල් සමග ඇල් ඒ ගුණවංස හිමි. ගුණවංස හිමියන් විශාල සේවයක් එදත් අදත් කරමින් සිටින හිමි නමකි. අවශ්‍ය වෙලාවේදී ඔහුගේ හඩත් සමග තමන්ගෙන් ඉටුවිය යුතුකම් කරමින් බොහෝ වෙලාවට නිස්ශබ්දව තමන්ගේ සේවය ලබදෙමින් සිටිනා එඩිතර හිමි නමකි. විමල් වීරවංස යනු මේ රටේ අවශ්‍ය තැනදී අවශ්‍ය දේ වෙනුවෙන් පෙනී සිටි කෙනෙකි. ජේවීපී එක වලපල්ලට ගිහින් කැලේ හැංගිලා ඉන්නකොට ඒවයෙන් එලියට එන්න රට වෙනුවෙන් යමක් කරන්නට ඉඩ සලසා දුන් කෙනෙක්. ඔහු ඒ වෙනුවෙන් ගුවන් විදුලිය රුපවාහිනීවල තර්ක විතර්කවලට සම්බන්ද වී විසාල හඩක් නැගුවේය . ඔහු රගපානව කියල පහරන අය දැනගතයුතුයි , සියලුම දේශපාලකයෝ කරන්නේ රගපෑමක් බව. එහෙත් විමල් රගපෑමක් කරත් ඒ නිවැරිදි චරිතය වෙනුවෙනි. යුද්දය පැවති කාලයේදී යුද්දයෙන් ජයගැනීමේ මානිසික මට්ටම රණවිරුවන්ට ඇතිකිරීමට ඇල්ලේ ගුණවංස හිමි සමග නොයෙක් වැඩසටහන් ක්‍රියාත්මක කලේය. යුද්දය ජයගැනීමට හැකි බව තරයේ විස්වාස කර ඒ වෙනුවෙන් නිතර පෙනී සිටියේ කොටි ත්‍රස්තවාදීන්ගේ ඇතිවිය හැකි ජිවිත අනතුරද නොතකාය. කොහොම කවුරු මොනවා කීවත් ඔහුට පවරන වැඩ රාජකාරි ඉතා හොදින් ඉටුකරමින් සිටිනා කෙනෙකි . ආණ්ඩුව මේවා තේරුම් ගෙන ඔහුගේ හඩටද සවන් යොමුකිරීම සුදුසුමය.(නදී)
ජීවිත පරිත්‍යාගයෙන් රට බේරා දුන් ජෙනරාල් සරත් ෆොන්සේකා ඇතුළු සියලු රණවිරුවන්ට මාගේ ශුභ පැතුම්! (නදී)
දුටුගැමුණු රජතුමා, ධර්මාශෝක රජතුමා මියගිය ප්‍රතිවාදීන් ගැන දුක් වුනු හැටි සිහිවුන. මෙය විජයග්‍රහණයේ ජයපැන් ලෙස නම් නොකළ යුතුයි. ත්‍රස්තවාදීන් වුනත් පරාජය වුනේ අපේ රටේම කොටසක් නේද. එවැනි දෙයක් යලි නොවෙන්නට අපි වගබලා ගත යුතුයි (ස)
මේ වගේ උත්සව 5 ක් තිබ්බ නේද? බර ගානක් වියදම් වෙන්න ඇති. එම සල්ලි වලින් රණවිරුවන්ගේ සුබ සාදනයට යමක් කෙරුව නම්? (අ)
උතුම් ශ්‍රී ලාංකික විරුවෝ.(නදී)
දිවි හිමියෙන් රට බේරාගත් සියලුම දෙනාට මගේ උත්තමාචාරය මෙසේ පුද දෙමි .!! (ස)
අවසන් සටන ගැන ලිපියක් පෙරදා පුවත්පතක දුටුවා.ලිපිය පුරාවටම සරත් පොන්සේකා එවක හමුදාපති තුමාගේ විශිෂ්ඨ නායකත්වය හුවා දක්වා තිබුණා.ජයපැන් බොන මේ මොහොතේ එ උතුම් මිනිසාත් සිහිපත් කරමි. (ස)
අල්විස් මහතාණෙනි ඔබ ගැන මට කණගාටුවක් ඇතිවේ. නීතිගරුක පුරවැසියෙකුගේ සැබෑ ප්‍රාර්ථනය එය බව මම දනිමි. එහෙත් බහුතරයක් අපරාධ, නීති විරෝධී දේවල් ක්‍රියාත්මක වන්නේ ලොකු තැන්වල ආශීර්වාදය නිසා බව හැමෝම දන්නා රහසකි. සරලම උදාහරණය ලංකාවේ අලි පැටවුන් ජාවාරම පිටුපස ඉන්නේ කව්දැයි සාමාන්‍ය ජනතාව පවා දන්නා කාරණයක්. යමෙක් ඇත්තටම නිදාගෙන සිටීනම් ඔහු හෝ ඇය අවදි කල හැක. එහෙත් පුද්ගලයෙක් හොරට නිදාගෙන සිටීනම් එම පුද්ගලයාව අවධි කල නොහැක. (නදී)
මාතෘකාව යුධ ජයග්‍රහණය තහනම් වචනය ජෙනරාල් සරත් ෆොන්සේකා.(ස)
ශ්‍රී ලංකාවේ හොඳම රජතුමා. (ස)
ඩෙන්මාර්කයේ මාර්තුගොඩ උපරතන හිමිට මගේ නමස්කාරය වේවා! අපගේ වීර සෙන්පති සරත් ෆොන්සේකා මහතාවත් ස්මරණය කිරීමට තරම් කෘතවේදී වීම ගැන.(නදී)
මෙය "විජයග්‍රහණ ජයපැන්" යනුවෙන් නොව "ත්‍රිවිධ හමුදාව වෙත උත්තමාචාර" යනුවෙන් නම් කර අපේ ත්‍රිවිධ හමුදාවේ වීරෝධාර රණ විරුවන්ට ජනතා උපහාරය පිදිය යුතු බවයි මගේ අදහස. මේ සඳහා ජනතාව පෙළ ගැස්වීම දේශපාලන අධිකාරිය විසින් කලයුතුයි. (ස)
රට බේරා දුන් ජනාධිපති තුමා ඇතුළු සියලු රණවිරුවන්ට මාගේ ශුභ පැතුම්! වසරකට වරක් විජයග්‍රහණයේ ජය පැන් බොන එක නම් බොහොම හොඳ දෙයක්. හැබැයි ඊට පස්සේ මත්පැන් බිල වගේ හැසිරෙන්නේ නැතිව. (ස)
සිරි,ඔබ කියනා දේ සත්‍යයක්.විමල් ජාතික බලවේග ගොඩ නගා ඒකරාශී කරන්නට කල මෙහෙය අප අමතක නොකල යුතූයි.මොහොතින් සියලු දේ අමතක කරන අපේ අයට තිස් වසරක යුධ ශාපයත්,එයින් රටට සිදුවූ හානියත් ,ජීවිත විනාශයත් අද සහමුලින්ම අමතකයි.අද වීරයින් සේ කථා කරන සමහරුන් යුධ සමයේ අඳ,ගොලු,බිහිරන් සේ සිටි අන්දමත්,ස්ථාවර රජය අස්ථාවර කරන්නට කැස කවන ඔවුනට විමල් කරන්නේ රඟ පෑමක් ලෙස පෙනීමත් අරුමයක් නොවේ.සාමය සමරන මේ මොහොතේ ඒ දුශ්ඨ බලවේග හඳුනා ගැන්ම අපි ජනතාවට බාර කරමු. (අ)
අතිගරු ජනාධිපතිතුමනි. අප රට සාමය නැවත ස්ථාපිත කළ ඔබතුමා ප්‍රමුඛ සියලු රණකාමි විරුවන්ට මගේ ප්‍රණාමය පුදකරමි. බිහිසුණු යුද්ධයෙන් පිඩාවට පත්ව හෙම්බත් වූ ජනයාගේ දුක් අදෝනා ඔබතුමා සියැසින් දැක පියවි සිහියෙන් ඇසිය. "මේ යුද්ධය නවත්වන්න රජ්ජුරුවෝ" යි කිවූ දමිළ මාතාවගේත්, සිය මියගිය දරුවා අතට ගෙන විලාප දුන් සිංහල පියාගේත් අදෝනා අසා ඔබතුමා කම්පාවිය. ඒ මානව දයාව සහ එක්වූ දේශාභිමානය ඔබතුමා අවසන් සටන දක්වා අප විරුවන් යොමු කොට බෙදුම්වාදීන්ගෙන් රට මුදවා ගෙන අපේ රට නිදහස් සාමකාමී දේශයක් බවට පත් කළේය. ඒ ගෞරවය සමස්ත ශ්‍රී ලංකාවාසීන්ම සදා කල් ඔබතුමාට පුද කරනු නොඅනුමානය. ඒසා කැපවී නිදහස් කරගත් අපේ රට අද ඉතා භයානක ලෙස අගාදයකට පත්වන බව දිනපතා අසන්නට ලැබෙන ආරංචිවලින් පැහැදිලි වන්නේය. මිනීමැරුම් (මේ වෙසක් සමයේදීත්) නීති අසන්නට ලැබුණි. මත් කුඩු එතනෝල් වැනි ජාවාරම් කරුවන් අසුවිය. ත්‍රස්තයන්ගෙන් මුදවාගත් රට මහජනයාගේ එදිනෙදා ජිවිතයට අහිතකර වනාකාරයෙන් රට වෙනත් දිසාවකට- අගාධයකට යන බව පෙනෙන්නේය. බහුතරය අනුමත කරන සාමකාමී ජිවන රටාවක් ගෙනයන්නට හැකි සුපසන් සමාජයක් නැවත ඉදිකිරීමට ඔබතුමා එක සිතින් සිතා පය පෙරට තබන ලෙසින් ජනතාවගේ ඉල්ලීම මම ඉදිරිපත් කරමි. මේ රට පිළිඹදව දෙස් විදෙස් කිසිවෙකුටවත් ඇඟිල්ල දිගු කරන්නට ඉඩ නොතබමින් ධර්ම රාජ්‍යක් කරන්නට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවායි පතමින්, ඔබතුමාගේ සිත මේ ඉල්ලීම කෙරේ යොමුවේවායි පතමින් මම නවතමි. තෙරුවන් සරණයි. (නදී)
දෙවන ලෝක යුද්දෙන් පස්සේ මිත්‍ර පාක්ෂික රටවල් යුද ජ්‍යග්‍රහණ සමරමින් හිටිය බවක් අපි අහල නැහැ. ඒ රටවල් සංවර්ධනය කිරීමට තමයි වෙහෙසුනේ.(නදී)
තිලක් 2009ට පෙර කෑමවේල ගැන මම හිතුවෙ නැහැ.ඒ කාලෙත් අපිට කවුරුවත් නොමිලේ කෑම වේල් නම් දුන්නෙ නම් නැහැ. එත් බස් එකක යන්න වත් තිබුන මර බිය යකාවැව වගේ පුංචි ළමයින්ගේ මරණ දැන් සිදුවන්නේ නැහැ. එදත් දැනුත් උත්සාහවන්යෝ අත හොලවලා කට හොලවනවා සාධාරන විධියට.හැබැයි දැන් බත් කොස් දෙල් කාල හැදුන සමහර පවුල් සාමාජිකයන්ට සොසේජස්, රෝස්ට් චිකන්, බිරියානි නැත්නම් කෑම නැහැ වගේ වෙලා. (ස)
මේ මොහොතේ සරත් පොන්සේකා නැමැති ඒ උතුම් මිනිසා සිහිකරන ඩෙන්මාර්කයේ සිටින මාර්තුගොඩ උපරතන හිමිට මාගේ උපහාරය.(නදී)
නිශාන්ත, "2009 ට පෙර කාලය අපට අමතක නොවේ. "ඉන් අදහස් කරන්නේ ඉස්සර මිනිසුන් තුන් වේල කාලා ඇදලා හිටිය කාලේද? (නදී)
විශාල වියදමක් දරල තියන පාටයි. මේ කරපු වියදමෙන් රණවිරුවන්ගේ සුබ සාදනයට වියදම් කරා නම්? මේ වගේ උත්සව දීගින් දිගටම (5 වතාවක්ම) කරන එක ගැනත් හිතුවොත් හොඳයි. මොකද සිත් තැවුලට පත් වෙච්ච පාර්ශවයකුත් ඉන්නවා. (නදී)
ඉහත මා දැමු ප්‍රතිචාරය දැම්මේ හද පිරි සතුටින්.ඒ පිළිබඳව ඔබේ අදහසුත් ලියන්න. (නි)
අතිගරු ජනපතිතුමනි, මේ මොහොතේ හිටපු යුදහමුදාපතිතුමාත් (සරත් ෆොන්සේකා මහතා) එකුතු කරගත්තා නම් වටිනාකම කියා නිමක් නොහැක. එක පුන් සදින් දුරුවෙයි ලොව ඝන අදුරු නෙක තරු රැසින් නොම වේය දුරු (නදී)