රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය හා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය සංවිධානය කළ 2014 ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පැවැත්විණි.
නිෂ්පාදන අංශයේ මධ්‍යම පරිමාණයේ තෙවැනි ස්ථානය විජය පුවත්පත් සමාගමට හිමිවිය. රාජ්‍ය පරිපාලන සභාවේ ලේකම් ගාමිණී සෙනරත් මහතා අතින් විජය පුවත්පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක රත්නකුමාර මහතා සම්මානය ලබාගත්තේය.
‘එදා රජතුමාට කාර්යක්ෂම පාලනයක් ගෙනයන එක ගැන බැලුවේ. අද ජනතාවට අයිතියක් තිබෙනවා රජයේ සේවාවන් කලට වේලාවට ලබාගැනීමට. පක්ෂ දෙක එකට එකතුවී ඇති කර තිබෙන ජාතික ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තුවන සේවය අයිතිය ලබාදීමට කටයුතු කරනවා‘ යැයි උත්සව සභාව ඇමතූ අගමැතිවරයා පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුබ ගමනකට ආසිරි! (නි)
ඔබට මගෙන් උණුසුම් සුබ පැතුම්! (ම)
ඔබට අපෙන් සුබ පැතුම්! (නි)
අපේ සුබ පැතුම්! (නි)