පසුගිය රජය සමයේ සිදුවූ බව කියන අල්ලස්, දූෂණ හා වංචා පිළිබඳව ජනතා පැමිණිලිවලින් අල්ලස් හෝ දූෂණ කොමිසම ඇතුළු රාජ්‍ය ආයතන තවමත් විභාග කර ඇත්තේ 40% ක පැමිණිලි ප්‍රමාණයක් පමණක් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ මාධ්‍ය කළමනාකරු ශාන් විජේතුංග මහතා අද (8) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
දැනට වංචා දූෂණ පිළිබඳ පැමිණිලි 1499 ක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති බවත් ඉන් පැමිණිලි 367 ක් පමණක් තවමත් විභාගයට ගෙන ඇති බවත් ඔහු කීවේය.
තම ආයතනය කළ සොයා බැලීම් අනුව මෙම තොරතුරු හෙළිදරව්වූ බවත් වංචා හා දුෂණ මැඩලීමේ රජයේ කාර්ය භාරය අපේක්ෂිත මට්ටමින් සිදු නොවූ බවට දිවයින පුරා සිදු කළ සමීක්ෂණ අනුව ජනතාවගෙන් 62%ක් ප්‍රකාශ කර ඇති බවත් ශාන් විජේතුංග මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයෙන් මේවා සෙවීම ඉක්මන් කරන්න (නි)
එහෙම ඉතින් ඉක්මණට හැමදේම කරන්න බැහැනේ! (නි)
ඉබිගමන හොඳ නැද්ද ? (ස)
ඇසළ,අජිත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් එකේ කාර්ය භාරය දන්නෙ නැත්නම් නොදන්න දේ කතා නොකර ඉන්න. පරන ආන්ඩුවෙ හොරනෑ වෙන්න හදන්න එපා. යහපාලන ආන්ඩුවෙ උනත් පරන ආන්ඩුවෙ උනත් වංචා හා දුෂණ තොරතුරු හෙළිදරව් කරන එක ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් එක කවදත් කරනව අපි කාලයක් තිස්සෙ දැක්ක. එන් ජි ඕ කාරයෝ කාරයෝ කිය කිය හිටියට කව්ද දන්නෙ ඔයත් එන් ජි ඕ එකකට කඩේ යනවද කියල. (ස)
ඩොලර් කාක්කන් වුන එන් ජි ඕ කාරයෝ ලංකාවෙන් තුරන් කරපු දවසට තමයි රටට යහපතක් වෙන්නේ. දැන් උතුර එපා වෙලාද දකුණේ වෙන දේවල් හොයන්න හදන්නේ. තව රජය හදන්නත් එනවා. (බ)
අද හැමටම දඩුවම් දෙන්න ගියොත් පාලනයට කිසිවෙකු ඉතිරි වේවිද දන්නේ නැහැ. (අ) රටකම
මහ බැංකුවේ හුටපටය ගැන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් මොකද කතා නැත්තේ ? (අ)
පිස්සුද සෙනෙවි? ඒවා කතා කළොත් ඩොලර් මිට් ගණන් හම්බවෙන්නේ නැහැනේ. (w)