‘‘බලය ලැබුණාම බොහෝ අය බලයෙන් මත් වෙනවා. ඒක තමයි වැරැද්ද. පවතින ක්‍රමයෙන් බලය එන්න එන්නම වැඩි වෙනවා. තමුන්නාන්සේලා එකතුවෙලා මේ අසීමිත බලය පාලනය කළ හැකි ක්‍රමයකට අවතීර්ණ විය යුතුයි.‘‘ යනුවෙන් ජාතික හෙළ උරුමයේ ඕමල්පේ සෝභිත හිමි හා පාඨලී චම්පික රණවක මහතා හමුවූ අවස්ථාවේදී මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ සුමංගල මාහිමියෝ කීහ.
සුමංගල හිමියෝ ඔවුන්ගෙන් ‘‘පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ව්‍යවස්ථාව පිළිබඳව මාධ්‍යවල විවිධ දේවල් පළවෙනවා. එතුමාට බලය ලැබුණොත් රට දෙකඩ කරන බවට මත පළවෙනවා. ඇතැමුන් කියන ආකාරයට ඔබතුමන්ලා සමග සම්බන්ධවූ පක්ෂ සමග වෙනත් ගිවිසුම් තිබෙනවාද යනුවෙන් ප්‍රශ්න කළහ.
‘‘අපි සෑම අවස්ථාවකදීම රටට විපතක්වූ විට හෝ රටේ ඒකීය භාවයට හානියක් වන සෑම අවස්ථාවකම අප ඊට එරෙහිව කටයුතු කළා. පෙරට ආවා. රටට එවැනි විපතක් හෝ රටේ ඒකීය භාවයට හානියක් හෝ ත්‍රස්තවාදයක් නැවත හිස එසැවීමට මොනම ආකාරයකින්වත් අපි ඉඩ තබන්නේ නැහැ. ජීවිත පූජාවෙන් හෝ ඒවා නතර කිරීමට අපි කටයුතු කරනවා. කිසිම කෙනකු සමග, කිසිම පක්ෂයක් සමග හෝ රවුෆ් හකීම්ගේ පක්ෂය හෝ දෙමළ ජාතික සන්ධානය සමග හෝ අපි ගිවිසුමක් අත්සන් කර නැහැ. ඔවුන් මේ අවස්ථාවේ අප සමග එකතුවී සිටින්නේ රටට ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම සඳහා පමණයි.
මහින්ද රාජපක්ෂ මහතාට අපි මේ පවතින පාලන ක්‍රමයේ ඇති වැරදි, වංචා, දූෂණ ගැන නිතරම පෙන්වා දුන්නා. ඒත් එතුමා ඒවා පිළිගත්තේ නැහැ. ඒ නිසයි අපි මේ පියවර ගත්තේ. මහා සංඝරත්නය ජනතාව කියන දේවල් පිළිගෙන කටයුතු කළානම් මහසෙන් දෙවියන්ට වගේ තත්ත්වයකට පත්වෙන්න හැකි අයෙක් තමයි මහින්ද රාජපක්ෂ මහතා. අපිට ඒ ගැන කණගාටුයි.‘‘ යනුවෙන් ජාතික හෙළ උරුම නායකයෝ පිළිතුරු දුන්හ.
පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් මෙසේ කීවේය.
‘‘රටේ ජනතාව හා හමුදාව විනාශ කරපු ශ්‍රී දළඳා මාළිගාවට බෝම්බ ගහපු, අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ සිටි පරිශ්‍රයට වෙඩි ප්‍රහාර එල්ල කර අහිංසක බැතිමතුන් ඝාතනය කර පින්බිම ලේ විලක් කරපු අරන්තලාවේ භික්ෂූන් ඝාතනය කරපු කේපී, කරුණා අද ඉන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ තුරුළේ. අපි ළඟ කොටි නැහැ. අපි දළඳා සමිදුන් ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා මේ රට රකින්න‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්වරුනේ ,මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්.ඕනෑ කෙනෙකුට ඡන්දය දෙන්න පුළුවන්. (නි)
ලංකාවෙි මිනිසුන් නිහඬව නිවැරදි තීරණයක් ගනීවි 08 වෙනිදාට.දුෂණයට,වංචාවට,මැර බලය නැවත ඇති නොවීමට නිවැරදිව ඡන්දය භාවිතා කරන්න. (නි)
පාඨලීලාට නම් දැන් වෙලා තියෙන්නේ ඇඳගෙන ඉන්න ඇඳුමින් මූහුණ වහගන්න නේද? ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ මූහුණෙත් දැලි ගෑවා. ලැජ්ජාව කියලා දෙයක් ඉතුරුවෙලා තියනවා නම් ඉල්ලා අස්වෙන්න. අපේ රටේ අනාගතය බාරදෙන්න යන්නේ මේ වගේ වැරදි කරන අයටද? (නි)
මහින්ද මහත්තයා ගැන නම් හොඳ විශ්වාසයක් අපිට තියෙනවා. (නි)
චම්පික මහත්තයෝ, ලෙස්ටර් ජේම්ස් පීරිස් කලාකරුවාණන්ට අපහස කරලා කළ වැඩෙන් ඔබගේ නියම ස්වරූපය අපි දැක්කා. දැන් වැඩක් නැහැ. අපි 8 වෙනිදා පිළිතුරු දෙන්නම්. (නි)
කරුණාගෙන් සහ කේ.පී.ගෙන් සිදුවූ හානිය හොඳටම ඇති. මේ සියල්ල දේශපාලනයට සහ බලයට ඇති අධික කෑදරකම ලෙස මම දකිමි (නි)
දියෙහි යන දණ්ඩට,පිහිටක් වෙතත් පෙර සිට,දුදනන් හට පිහිට නොමවව්, යන බස සැබෑ කළෙ මට......නිදහස් නිවහල් රටකට වින කරන අය ගැනයි මේ....... (ස)
කේ.පී. ගෙන් දැන් හානි නැහැ කිවුවට දෙමළ ජාතික සංවිධානයේ කට්ටිය ඍජුව ත්‍රස්ත ක්‍රියා කළ බවට කිසිම සාක්ෂියක් නැහැ. ඇත්නම් නීතිමය පියවර ගන්න ඕනෑනේ. එයා එකපාරටම හොඳ මිනිහෙක් වුණේ කොහොමද? (නි)
මෙහෙමත් මිනිස්සු! කොහොම පොදු එකඟතාවකට ආවාද දන්නෙ නැහැ (නි)
කුමාර් එතකොට ඒ කට්ටිය කරපු හානි වලට දඬුවම් නැද්ද ? දැන් හානියක් නැහැ කියල හිතන්න පුළුවන් නම් හිර ගෙවල් වල ඉන්න සමහර අයත් එලියට නිදහස් කර යවන්න පුළුවන්. (නදී)
කුමාර්, ඔයාට ඔය කියන දෙන්නා පුද්ගලික සහතිකයක් දීලා තිබෙනවද අනේ, අපි දැන් හරි අහිංසකයි කියලා? (නි)
එතකොට කේ පි සහ කරුණා කලින් කළ දේවල් පොඩි ළමයින්ගේ පොඩි වැරදි වගේද කුමාර් ට පේන්නේ ? (නදී)
කේ.පී සහ කරුණාගෙන් දැන් හානියක් නෑ. ජනතාව නිවැරදි තීන්දුව දෙනවා අටවෙනිදට. ඔය මුසාවල් අහන්ට කොණ්ඩය බැඳපු චීන්නු නෑ (නදී)
මෛත්‍රී ගැන අපි කොහම විශ්වාස කරන්නද. එයා පළමුව මිත්‍රයාට ද්‍රෝහී විය . දෙවනුව පක්ෂයට ද්‍රෝහී විය .තෙවනුව රටට ද්‍රෝහී නොවේද ..??? (බ)
කවුරු ජනපති වුණත් කාරී නැහැ මේ අසීමිත බලතල සිමා කරගෙන රට ජනතාව වෙනුවෙන් කටයුතු කරනවානම්! (දිල්)
මෙය ද්‍රෝහිවීමක් නොවේ, මෙය රටේ අනාගතය වෙනුවෙන් අබියෝගයක් බාරගැනීමක්. (ර)
සෝහිත හාමුදුරුවෝ රට ජාතිය විතරක් නෙමයි බුදුහාමුදුරුවන්ගේ බුදු දහමත් අමතක කරලා වගේ කතාකරන්නේ. උදාහරණයට ගන්න අංගුලි මාල ජාතකය. හැමදාම අපිට ඒ මිනිසුන්ව කොන්කරල තියන්න බැහැ යුද්ද කාලේ මිනිස්සු මැරුවා කියල අපි ඒ මිනිස්සුන්ව සමාජෙට ගන්න ඕන හදලා. එ්ක නිසා බුදු බන අමතක කරලා කතා කරන්න එපා (නදී)
කුමාර්. මිනිස්සු දහස් ගානක් මරපු මරන්න අනදීපු, මරන්න ආයුද සපයපු කරුණා , කේපී දැන් බබාලද. එහෙනම් හිර ගෙවල්වල ඉන්න මිනීමරු අය ඔක්කොම එළියට දාමු. ආයේ මරන්නේ නෑ කියල එයාලත් කියයි. (බ)
කිංග්ස්ලි පෙරේරා, 3 වැනි වරත් දිනනවයි කියල උප කල්පනය කරනවා නම් ,හැම ගේකම වහ කුප්පියක් ගෙනත් තිාය ගන්න එක පාරම බිල මැරෙන්න. අපි දැනුවත් එච්චරයි කියන්න තියෙන්නේ. (නදී)
සියලු පාර්ශවයේ මහා නායක හාමුදුරුවරු කියලත් පුළුවන් වුනාද දළදා මාලිගාව වටේ තියපු නලගණන් නැටවිල්ල,කාර ධාවන තරග තියන එක නතර කර වන්න. අන්න යු ටුබේ එකේ තියෙනවා නලගණන් කෙණු දිගේ බඩ ගාගෙන නිරුවතින් නටනවා. පුලුවන්නම් බලන්න. (නදී)
පක්ෂ,ආගම්,ජාති භේදයකින් තොරව හිතන්න අද මේ වෙන දේවල් විය යුතුද? අද අපේ රටේ අධිකරණයට, පොලීසියට, මාධ්‍යයට වගේම රාජ්‍ය සේවයට මොකද වෙලා තියෙන්නෙ? දියකරලා නේද? මොකටද ඒ? මේ දූෂීත දේශපාලඥයන්ගේ බලය වෙනුවෙන් නේද? ඒකට විරුද්ධව ආපු අයට මොකද උනේ? යුක්තිය වෙනුවෙන් පෙනී සිටියොත් අපිටත් වෙන්නෙ මේකම නේද? ඒත් විය යුත්තේ මේක නෙමෙයි නේද? (බ)
රාජ්‍ය අනුග්‍රහයෙන් කුඩු ගෙන්වීම,බෙදා හැරිම තරම් ද්‍රෝහී කමක් තවත් තියෙනවද? (නදී)
එය ඇත්තනම් ෆොන්සේකා මහත්තයගෙනුත් දැන් හානියක් නැහැ ,පොලිසියේ යටත් වු 600 ක් මරපු කරුණාට ඇමැති කමක් දෙන්න පුලුවන්නම් , රට ගලවා ගත්ත ජනරල්ට තව නීතියක් , මෙයයි වෙනස් වෙන්න ඕනා (දිල්)
වංචා දූෂණ නොතකන පාළකයකුගෙන් රටකට බලාපොරෝතතු විය හැක්කේ කුමක්ද? (දිල්)
කේ. පී . සහ කරුණා මතු බුදුවන බෝධිසත්වයා නන් වහන්සේගේ අග සව්වන් වෙන්න පෙරුම් පුරනවා ඇති. එවිට " දේවදත්ත" ? (නදී)
හෙල උරුමය කියපු එක ඇත්ත (නදී)
කුමාර් සහ කිංස්ලි වැනි තවත් අය ලංකාවේ ජිවත් වෙනවා. මම හිතන්නේ එයාලගේ බුද්ධිය මදි රටට වෙලා තිබෙන විපත තේරුම් ගන්න. රටේ අපරාධ දිනෙන් දින ඉහල යනවා. දේශපාලකයෝ ස්ත්‍රී දුසන කරනවා. මත් කුඩු, එතනොල්, ගණිකා ව්‍යාපාර රට හැම තැනම. අපේ දරුවන්ට පමණක් නොවේ ඔය අයගේ දරුවන්ටත් අනාගතේ කරුමක්කාර ජිවිත ගත කරන්න වෙනවා. මෙවෙනි පාලකයෙක් හිටියොත්. රට ජාතිය ගැන හිතල අපි සමගි වෙලා යහ පාලනයක් බිහි කලයුතුයි. නියත වසයෙන්ම මෛත්‍රී පාලනයක් බිහිවෙනවා.(නදී)
වංචා දුෂණ හොයනවා වෙනුවට වංචා දුෂණ කරනා අය ලංකර ගෙන ඇමති කම් සහ මුදල් ඉපයීමේ මාර්ග ඔවුන්ට සලසා දුන්නා. පක්ෂයේ පැරණි සාමාජිකයන් වෙනුවට පිල් මාරු කරපු අයට බොහෝ උසස් තනතුරු දුන්නා (නදී)