ලොකු මිනිසුන් රුපියල් බිලියන ට්‍රිලියන ගණනින් සොරකම් කරන විට පහළ රාජ්‍ය සේවකයන් රුපියල් හාර පන්සියයක අල්ලස් ගන්නා අවස්ථා තමා දැක ඇති බවත් රටේ වංචාව හා දූෂණය පිටුදැකීම පහළ නිලධාරීන්ගේ සිට ඉහළ නිලධාරීන් දක්වා නොව ඉහළ නිලධාරීන්ගේ සිට පහළ නිලධාරියා දක්වා ක්‍රියාත්මක කිරීමට නව රජය කටයුතු කරන බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹදී අද (8) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අලුතින් මුදල් නිකුත් කරන්නේ නම් මෑතකදී නිකුත් කළ මුදල් නෝට්ටු වෙනුවට මීට වසර කිහිපයකට පෙර තිබූ ආකාරයේ නෝට්ටු නිකුත් කරන්නැයි මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකට උපදෙස් දුන් බව මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
දැන් භාවිතයේ ඇති මුදල් නෝට්ටු හඳුනාගත නොහැකි යැයි දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ සංගමය කළ දුක්ගැනවිල්ලකට අනුව මෙසේ උපදෙස් දුන් බව ද ජනපති පැවසීය.
දේශපාලන බලාපොරොත්තු, ඉලක්ක හා පරමාර්ථ ඉටුකරගැනීම සඳහා අඩු ආදායම්ලාභී පවුල් කොටුකර ගැනීමෙන් තොරව නව ආණ්ඩුවක් ලෙස නව වර්ෂයේ සිට රාජ්‍ය සේවය නගාසිටුවීමට නව වැඩපිළිවෙළක් අරඹන බවද ජනපති එහිදී කීවේය.
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ තෙවැනි පත්වීම් ප්‍රදානය කරමින් ජනපති මෙම අදහස් පළ කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිවිතුරු, ලොවුතුරු තත්වයෙන් සිතන අපුරු මහත්වරු කවුරු වුණත් හෙළිවෙන තොරතුරු අනුව නම් ගරුකටයුතු නැහැ වගේ. (නි)
ලංකාවේ වසර විස්සක් පමණ තිස්සේ සිට දේශපාලනය කරලා කිසිම වංචාවක් නොකළ එකම දේශපාලකයා කවුද? පුලුවන් නම් එහෙම කෙනෙක් ගැන කියන්න (නි)
ඩග්ලස්ගේ විහිලු කරන්නත් දන්නවා (බ)
කරන්න පුලුවන්නම් හොද වැඩක්. (ර)
දැන් අපිට ඕනෑ වැඩ (නි)
ඔබතුමාට රට පෙරට ගෙනයන්න ශක්තිය ලැබේවා! (නි)
හොඳ කතාවක් (නි)
දැන් පේනවානේ ඉහළ පහළ වෙනස. ඔය වෙනස හඳුනාගන්නේ නැතුව, ඔය පරතරය සමාජමය වශයෙන් අවම නොකර වෙනසක් ඇති වන්නේත් නැහැ, යහපාලනය සිදුවන්නේත් නැහැ. (නි)
කරන්න පුළුවන් නම් ඇත්තටම හොඳ දෙයක් (නි)
උසස් හමුදා නිලධාරින්ම තමයි කියන්නේ එක්තරා රජයේ ලේකම්වරයෙක්ගේ විශේෂ මාළුන් වගයක් හිටපු ටැංකියක වීදුරු වලට පමණක් කෝටි ගණනක් ගියා කියලා. (නි)
අනේ මේ අවුරුදු 40ම ඔබ උඩ බලාගෙනද හිටියේ (බ)
තවම හොරු එළියේ. (ර)
හොඳ කතාවක් (නි)
කතාව වගේම වැඩේ කෙරෙනකම් තමයි මුළු රටම බලාගෙන ඉන්නේ. (නි)
1977 පෙර රජයේ සේවක තනතුරු වලට පත්වීම් ලිපි ප්‍රධානය කළේ තැපැල් පියුන් මහත්තය තමයි. ඒකට වියදම් වුනේ අදාළ ලියාපදිංචි ගාස්තුව පමණයි. (බ)
මට නම් මේ කතා ආප්පයක් කාල කියන කතාවක් වගේ පෙන්නේ. (බ)
ඔබගෙන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ පෙර නොවූ නිවැරදි පාලන රටාවක්.වැඩියෙන් කතාන්තර කියන එක ඔබ ගොඩනඟා ගැනීමට අපේක්ෂා කරන ප්‍රතිරූපයට හානියක්.ජනතාවට සැකමුසු තැන් මතුවෙමින් පවතී. (නි)
"නව වර්ෂයේ සිට රාජ්‍ය සේවය නගාසිටුවීමට නව වැඩපිළිවෙළක් අරඹන බවද ජනපති එහිදී කීවේය"..... ගම්පහ වාහන බලපත්‍ර අලුත් කරන්න අවශ්‍ය වන මෙඩිකල් එක ගන්න තියෙන කුඩා නිවසේ දවසකට 1000 කට වඩා අසරණ මිනිස්සු එනවා. පෝලිම් 3 ක් හැදිලා යන්න තිබෙන්නේ එතාම අඩු බුමි ප්‍රමාණයක්. හරියට බැලුවොත් මීමැසි පොදියක් වගේ. (ර)
අපි අවුරුදු 30 ක ඉඳලා කතා තමයි අහන්නේ."අන්තිමේදී උන් ඔක්කොම හරහට යනවා" (නි)
ලංකාවේ රාජ්‍ය බැංකුවකට ගියත් පුද්ගලික අංශයත් එක්ක බලද්දී අහසයි පොලවයි වගේ වෙනසක් තියෙන්නේ. (ර)
කතාව සහතික ඇත්ත (නි)
පළමුවත් මව්බිම , දෙවැනිවත් මව්බිම,තෙවනිවත් මව්බිම නම් ඉහළ සිට පහළට දුෂණ වංචා අවමකිරීමට ඔබතුමා ශක්තිමත් බව අපි තරයේ විශ්වාස කරමු. (නි)
1970-1977 පත්වීම් දුන්නේ මැති ඇමතිවරු. මමත් ගියා පත්වීම් ගන්ඩ. ජීවිතේ එපා වුනා ,රට ගියා. දැන් 63 යි. දේශපාලකයෝ පේන්න බෑ (බ)
පහළ සිට ඉහළට නොවේ, ඉහළින් පටන් ගත්තොත් නරකද? (බ)
වසර විස්සක් පමණ තිස්සේ දුෂිතයි කියන ආණ්ඩුවක ප්‍රධාන පක්ෂයක මහලේකම් තනතුර ඇතුළු තනතුරු දරල ඒ දුෂිත ආණ්ඩුවේ ප්‍රබලම කැබිනට් ඇමති කෙනෙක් වශයෙන් සියලු වරදාන වරප්‍රසාද විදලා අන්තිම මොහොතේ එලියට ඇවිත් දුෂණය නැති කරන්න කතා කරනවා..අගමැති කම දුන්නනම් එහෙමත් නැත්නම් මහින්ද මහත්තය ඉතුරු අවුරුදු දෙකත් හිටියනම් මෙයා අද කොතනද ඉන්නේ..? ඔය වර්නනා කරන අය දෙන්නකෝ උත්තරයක්..(බ)
ජයවේවා! (නි)