විගමණික ශ‍්‍රමිකයන්ගේ අවම වැටුප ලබන ජනවාරි මාසයේ සිට ඇමෙරිකානු ඩොලර් 300 දක්වා (රුපියල් 45,000ක් පමණ දක්වා) ඉහළ නැංවීමට පියවර ගන්නා බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.
මේ වන විටත් ඒ සම්බන්ධයෙන් විවිධ රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්, රටවල් කිහිපයක් සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කළ බවත් ඒ අනුව ලබන ජනවාරියේ සිට එය ක‍්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.
දිගු කලක් තිසසේ මෙම කටයුත්ත පිළිබඳ අවධානය යොමු කර තිබුණද විවිධ හේතු මත එය ප‍්‍රමාද වූ බවද අමාත්‍යවරිය කීවාය.
ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය මේ බව පැවසුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී රැකියා සඳහා ගොස් රක්‍ෂණ වන්දි හිමිකම් නොලබා මිය ගිය හා ආබාධිත තත්ත්වයට පත් වූ ශ‍්‍රමිකයින් වෙනුවෙන් වන්දි ලබාදීමේ අවස්ථාවකට එක්වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් වුණ මහා පරිමාණ හොර ඇල්ලුවද? දඬුවම් දුන්නද? අදාළ අය තවමත් ඒ විදියටම ඉන්නවද? මේ නාස්ති කළේ අඟහරු ලොවෙන් ගෙනා මුදල් නොවේ. මරු කතරවල් වල දහදිය හෙලා අනේකවිධ දුක්ඛ දෝසනස්ස විඳ උපයා ලංකාවට එවූ මුදල් (නි)
රුපියල් 45,000ක් පමණ දක්වා වැඩි කරන්නනේත් ලබන ජනවාරි සිටයි. නමුත් පිටරට නොගිය මෙහෙ ඉන්න අය හිතාගෙන ඉන්නේ රට යනවා කියන්නේ සල්ලි කෝටි ගණන් නිකන් දෙනවා කියලයි. මේවා දන්නේ රට ගිහින් වැඩ කරන අයම විතරයි. (නි)
අපේ රටේ මීට වසර 10 ට පෙර වැටුපයි අද වැටුපයි ගත්තතේ හිතාගන්න බැරි තරමට වැඩිවෙලා. ඒ උද්දමනය නිසා. නමුත් ලෝකෙ හැම රටේම මෙහෙම වැඩි වෙන්නේ නැහැ. උද්දමනයක් නැති රටවල වසර 10 ට පෙර වැටුපම වගේ තමයි අදත් ලැබෙන්නේ. මේක අපේ රටේ ඉන්න සමහරු දන්නේ නැහැ. (නි)
රුපියල් 45,000ක් ගන්න පවුල් දාලා රට යන්නේ මොකටද? අපේ රටේ කෑම බිම ඉන්න දීලා ගෙදරක වැඩට කෙනෙක් රු. 20000 ටවත් හොයාගන්න නැහැ. කඩේක වැඩ කළත් 25000 ක් විතර ලැබෙනවා (නි)
මීටපෙර කිව්ව ස්ටාර් තරඟ වලට කෝටි ගණන්, මැයි දින රැළි වලට කෝටි ගණන් වියදම් කළ ඒවායේ පරීක්ෂණ වලට මොකද වුණේ? (නි)
අපේ අය හිතාගෙන ඉන්නේ මෙහෙ දැන් සාමාන්‍යයෙන් 25000 ක් විතර ලැබෙනවා නම් කොහේහරි රටකට ගියාම ලක්ෂ 2 ක් විතර ලැබෙයි කියලා. අනික් රටවලත් එහෙම ගෙවන්නේ නැහැ. දියුණු රටවල ගෙවන වැටුපෙන් බාගයකට වඩා බදු ලෙස නැවත ගන්නවා කියලාවත් සමහරු දන්නේ නැති එක කණගාටුවට කරුණක්. (නි)
මැදපෙරදිග යවන එකෙන් නම් වැඩිපුර හම්බ කරන්නේ ඒජන්සිකරුවන් සහ ඔවුන්ගෙන් කොමිස් මුදල් ගන්නා අය බවයි මාගේ හැඟිම. ශ්‍රමිකයෝ දහදුක් විඳිනවා. සැප විඳින්නේ වෙන ඇය. මෙය නැති කිරිමට ක්‍රමයක් හදන්න. (නි)
අපේ අක්කලා මෙහෙ රු. 20000-25000 ක් ගන්න පුළුවන් රස්සාවක් නොකර මරුකතරේ දන්නා හඳුනන කෙනෙක්වත් නැතුව, භාෂාවත් නොදැන රු. 45,000 රස්සාවට යන එකනේ වැඩේ. (නි)
ලංකාවේ වැඩට කෙනෙක් හොයාගන්නවා කියන එක කළුනික හොයනවාටත් වඩා අමාරුයි. ආවත් ඒ අයගේ ලොකුකම. නිවාඩු ඉවරයක් නැහැ. (නි)
දැන් තමයි මෙහෙම දෙයක්වත් කරන්නේ. ඉස්සර කළේ අපේ සල්ලි වලින් අපිවම නටවන අතරේ එ්කෙන් තව කෝටිපතියො කිහිප දෙනෙක් ඇති වුණ එකයි. (නි)
අසාදු ලේඛනගත කළ ඒජන්සිකරුවන් එකී වරද නිවරදි කළවිට හෝ මුදල් ගෙවිම කළවිට නැවත අසාදු ලේඛනයෙන් ඉවත් කිරිම කරනවා කියලා එක්තරා සජිවි සාකච්ඡාවකදි මහජනයාට දැනගන්නට ලැබුනා. ඒ අංශ වල වංචා සිදුවි ඇද්දැයි සැකයක් මතුවෙනවා. (නි)
රට යන්න බලාගෙන එන කාන්තාවන්ගෙන් මුදල් අයකරලා පුහුණුවීම් දීලා රට යවන්න කලින් එ් අයට ඒ රටවල ඇත්ත තත්වය කියලා දුන්නා නම් සහ මෙහෙ ඉඳලා රු.20000 ක් ගන්න එක මැදපෙරදිග ගිහින් 45000 ක් ගන්නවට වඩා සිය අතකින් හොඳයි කියන එක තේරෙයි (නි)
මැදපෙරදිග සල්ලි ඇති රටවලට සේවකයන් යැවිම මහාපරිමාණ ජාවාරමක් වෙලා. ඒජන්සිකරුවන්, ඔවුන්ගේන් කොමිස් හැම්පර්ස් හා වෙනත් වරදාන ගන්න අය ජාලගතවෙලයි මේක කරන්නේ. තැලෙන්නේ ශ්‍රමිකයා හා රජය වුණාට වාසිය යන්නේ අපි හීනෙකින්වත් නොහිතන සුදන පන්තියකට (නි)
හොඳ දෙයක්. හෙළිදරව්ව වැඩසටහනින් අපිට කාර්යාංශය ඇතුළේ වුණ හුඟක් දේ හෙළිදරව් වුණා. (නි)
දුෂණ වලට සම්බන්ධ අය සදා යහතින් ඒ තනතුරු වලම සිටියහොත් අක්‍රමිකතා කිසිදා තුරන් කළ නොහැක. (ම)