IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


විග්නේෂ්වරම්ට අලි ඇබැද්දියක්

උතුරු පළාත් මහ ඇමැති ලෙස පත් වීමට නියමිත හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශ්‍රී විග්නේෂ්වරම් මහතා කොළඹ එන්නට ගොස් වව්නියාවේදී ඇබැද්දියකට මුහුණ දුන්නේය. ඔහුගේ පෙට්‍රල්  ජීප්රියට වව්නියාවේ  තෙල් හලකින්  ඩීසල් ගැසීම ඊට හේතුවයි. වව්නියා පොලීසිය පැමිණ කාර්මිකයකු ගෙන්වා ඩීසල් ඉවත් කර ටැංකිය සුද්ද කරන තුරු විග්නේෂ්වරම් මහතා ඒ අසල වාඩ් වී සිටියේය.

තෙල් හල පවසනුයේ  ඔහුගේ රියදුරා ඩීසල් පොම්පය ළග වාහනය නතර කළ නිසා ඩීසල් ගැසු බවයි.

වාහනයට පෙට්‍රල් ගැසිය යුතු බව දැනගෙන ඇත්තේ ටැංකිය පිරෙන තුරු තෙල් ගැසීමෙන් අනතුරුවයි.

වාහනයෙන් ඉවත් කළ ඩීසල් ලීටර්  හැටේ බිලද විග්නේෂ්වරන් මහතා තෙල් හලට ගෙවීය.එම ඉන්ධන හලෙන්ම  ඔහුගේ රියට පෙට්‍රල් ගසා ගත්තේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන එම් සුමන්තිරන්, ඒ සරවනභවාන් හා  වව්නියා ශ්‍රී ල නි ප සංවිධායක ප්‍රේමරත්න සුමතිපාල මහත්වරු ද විග්නේෂ්වරන් මහතාට උදව් කළහ.

 

 

 



අදහස් (0)

විග්නේෂ්වරම්ට අලි ඇබැද්දියක්

පිටිගල Wednesday, 25 September 2013 01:58 PM

මෙවැනි වැදගත් නිහතමානි උගත් දේශපාලකයෝ දකුණට කවදා ලැබෙයිද? (අ)

:       0       0

කුමාරසිරි Thursday, 26 September 2013 04:03 PM

අනේ අම්මපා, අද මේ මිනිස්සු මොනතරම් නිදහසෙන් ඉන්නවද ? (ස)

:       0       0

සුනෙත් Wednesday, 25 September 2013 02:42 PM

ඔන්න දැන් තමා නියම තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ.. (නි)

:       0       0

සේනාදීර Wednesday, 25 September 2013 02:44 PM

සල්ලි වලින් මෙයාලට අඩුවක් නෑ..සල්ලි පොම්ප වෙන්නේ... (ස)

:       0       0

අමල් Wednesday, 25 September 2013 02:47 PM

මිනිසුන් දහස් ගානක් මැරිලා උදා කරගත් සාමය දේශපාලන බඩගොස්තරේ වෙනුවෙන් විනශ කරන කෙනෙක් කොහොමද බුද්ධිමතෙක් වෙන්නේ.. (ස)

:       0       0

ශාන්ත බණ්ඩාර Wednesday, 25 September 2013 02:49 PM

බුද්ධිමතාගේ තරම හෙට අනිද්දා ඉල්ලන දේවල් වලින් පෙනේවි කට්ටියට.. (ස)

:       0       0

පෙරේරා Wednesday, 25 September 2013 11:24 PM

හොද මහත්තයෙක්, සල්ලිකාරයෙක් වගේ (නි)

:       0       0

ටිරෝන් Wednesday, 25 September 2013 10:26 AM

මෙහෙම ගිහින් පළාත් සභාවට නොයා පාර්ලිමේන්තුවටම යයිද දන්නෙ නැහැ (නි)

:       0       0

දිනේෂ් Wednesday, 25 September 2013 10:35 AM

මහජනතාව වශයෙන් අපි බලවත් කම්පාවට පත් වෙනවා මේ පුවත සැලවීමත් සමඟ...... මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු....... (ස)

:       0       0

දර්ශන් Thursday, 26 September 2013 06:44 AM

නොසැළකිල්ල නිසා සිදුවූ දේට අපේ කණගාටුව. (නි)

:       0       0

මංජුල අබුඩාබි සිට Wednesday, 25 September 2013 05:56 PM

හදිසියකදී උදවුවට එන්නේ අහළ පහළ ඉන්න සිංහලයෙක් මිසක් තමිල්නාඩුවේ ඉන්න කොටි ඒජන්තලා නෙමෙයි කියලා අපේ අහවල් මහත්තයා දැනගත්තෝතින් හොඳයි. " සියලු සිංහලයෝ ජාතිවාදියෝ නොවෙති" (නි)

:       0       0

හෆ්සාල් Wednesday, 25 September 2013 11:47 AM

ටිරෝන්, පාර්ලිමේන්තුවට ගියත් කමක් නැහැ. මොකද බුද්ධිමතෙක්නේ යන්නේ (නි)

:       0       0

ස්ටීව් Wednesday, 25 September 2013 12:00 PM

මෙයා බුද්ධිමතෙක් කෙසේ වෙතත් ජාතිවාදී අදහස් දෙමළ සමාජය තුල වපුරවන කෙනෙක්. අපි බලමු මොකද වෙන්නේ කියලා. (ස)

:       0       0

අසංග Thursday, 26 September 2013 09:45 AM

මෙයා නේද අයෙත් ආයුද අතට ගන්න ඕනා කියලා කිව්වේ. (අ)

:       0       0

සම් Wednesday, 25 September 2013 12:54 PM

කලකට පෙර වතු අධිකාරී කෙනෙක් තමන්ගේ රියැදුරා නිවාඩු ගිය දිනක වත්තේ ලොරියේ රියැදුරා සමඟ කොළඹ ඇවිත් රියදුරාට රු 500 දීලා පැට්‍රොල් ගහගෙන වරෙන් කිව්වම ඔහු කියපු විදියට 500 ක පැට්‍රොල් ගහගෙන ආවා. හැබැයි ඒ වාහනේ ඩීසල් ජීප් එකක්. (ස)

:       0       0

දිනේස් Thursday, 26 September 2013 02:59 PM

වහනයටද පෙට්‍රල් ගහල තියෙන්නේ නැත්නම් විග්නේශ්වරන්ටද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site